වින්ස් ගේ පපුව උගුරේ සිට පහලට බැසීමට මද වේලාවක් ගියේය.
"මොන පිස්සු හු*තෙක්ද" වින්ස් ලෙමී වෙත කෑගෑවේය.
"ට්‍රක් කාරයාද?" සුළං නළාවේ දෙදරැම් කවන හඩ මැකී යද්දී ලෙමී ආපිට කෑගෑවේය. "නැත්තං රේස් ද?"
"උන් දෙන්නම!"
මාර්ගයේ මීලග වංගුවෙන් ට්‍රකය හරවන මොහොත වන විට ලාෆ්ලින් (LAUGHLIN) යම් සිහි බුද්ධියකට පැමිනි බවක් පෙනී ගියේය. එසේ නැතිනම් ඔහු පලමු වරට පසුපස බලන කණ්ණාඩියෙන් බලා, මෝටර් රථ කල්ලියෙහි අනෙකුන් තම එන්ජින් ගර්ජනා කරවමින් තමා පිටුපසින් පැමිනෙන බව දුටුවා විය යුතුය. ඔහු තමාගේ අත ජනේලයෙන් පිටතට දැමුවේය. එය හිරැ රශ්මියෙන් දැවුනු, නහර වලින් ගහන, විශාල මිටි සහිත, මොට සහ තර ඇගිලි ඇගිලි සහිත අතක් විය. ඔහු එම අත වනා ඔවුන්ට ඉදිරියට යන ලෙස සංඥා කලේය.
එසැනින්ම රෝයි සහ තවත් දෙදෙනෙකු තම යතුරැ පැදි කරවකවමින් විදුලි වේගයෙන් ට්‍රකය පසුකලෝය. අනෙකුන්ද දෙකා බැගින් එයම කලහ. යාමට ඉඩ ලද විට ට්‍රකය පසුකර යාම ලෙහෙයි කාරියක් විය. ට්‍රකය කන්ද අදිමින් තිබුනේ යන්තම් තිහක වේගයෙනි. භූමියේ මීලග උස් පහත් වීමට පෙර, අවසානයට ට්‍රකය පසු කලේ වින්ස් සහ ලෙමී ය. වින්ස් ආපසු හැරී ට්‍රක් රියදුරා දෙස බැලුවද, ඔහුට පෙනෙනුනේ ජනේලයෙන් පිටතට එල්ලෙමින් තිබූ රියදුරාගේ අවූ කෑ අත පමනි. විනාඩි පහකදී ඔවුන් එම ට්‍රකය කොතරම් පසු කර තිබුනේද කිවහොත්, එහි හඩකුදු තවදුරටත් ඔවුන්ට ඇසුනේ නැත.
ඉදිරියේ තිබුනේ විවෘත කාන්තාරයයි. එහි සේජ් සහ සගුවාරෝ ශාක වැවිලාය. දකුතතින් පෙනුනු කදු ගැට, ඒවා මත චෝක් වලින් පාට ගෑවාක් මෙන් කහ සහ රතු පැහැයෙන් වර්ණ ගැන්විලාය. ඔවුන් දැන් සිටියේ හිරැ දෙසට ධාවනය කරමිනි. ඔවුන්ගේ මදින් මද දිගුව ගිය හේමලයින් ඔවුන් පසුපස හඹා ආවෝය. ඔවුන් වාත වේගයෙන් ධාවනය කරන අතර, කුඩා ටවුමකට අලගු තැබූ නිවාස සහ ට්‍රේලරයන් කීපයක් පසු වී ගියේය. යතුරැ පැදි පෙල මයිල බාගයක් තරම් දුරට විසිරී තිබිනි. වින්ස් සහ ලෙමී සිටියේ එහි අග කෙලවරේය. එහෙත් අර කුඩා ටවුමට නොදුරින් වින්ස් දුටුවේ කල්ලියෙහි අනෙකුන් මාර්ගය අයිනෙහි රංචු ගැසෙන ආකාරයයි. ඒ සය වැනි මගට පිවිසිය හැකි සතර මං හන්දියට මදක් මෙපිිටිනි.
හතර මං හංදියට එපිටින් බටහිරට වන්නට, ඔවුන් අනුගමනය කරමින් සිටි මාර්ගය බොරළු පාරකට පරිවර්ථනය වූයේය. ඉදිරියේ තිබූ ත්‍රිකෝනාකාර මාර්ග සංඥාවකින් මෙසේ කියවිනි: 'ඉදිරි සැතපුම් 20 පිලිසකර කරමින් ඇත. නැවතීමට සූදානමින් සිටින්න'. ඈතින්
පස් කපන යන්ත්‍ර සහ මාර්ගය මට්ටමට් කරන යන්ත්‍ර ලෙමීට දැකගත හැකි විය. මිනිසුන් රතුවන් දුම සහ දූවිලි මැද වැඩ කරමින් සිටියෝය. මට්ටම් කරන ලද කොටසට උඩින් දුහුවිල්ල පාවෙමින් තිබිනි.
මෙතැන මාර්ගය පිලිසකර කරමින් තිබෙන බව වින්ස් දැන සිටියේ නැත. මන්දයත් ඔවුන් මේ මාර්ගේ ධාවනය කර නොතිබූ බැවිනි. මෙහි ගමන් කිරීම රේස් ගේ යෝජනාව අනුව සිදුවූවක් වූ අතර, වින්ස් එයට විරැද්ධ වී තිබුනේ නැත.