Thwath Kotinta Pandam Allu Lokkek Pituwahal Kere...

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
කොටි හඬ නැඟූ යුනිසෙෆ්
නියෝජිතයා පිටුවහල් කිරීම

soba4.jpg
යුනිසෙෆ් සංවිධානයේ සන්නිවේදන ප්‍රධානි ඡේම්ස්‌ එල්ඩර් නමැත්තාව මෙරටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොටි ජාලය හා යුනිසෙෆ් සංවිධානය දැඩි කැළඹීමකට පත්වී ඇත. ෙ-ම්ස්‌ එල්ඩර් නමැත්තාට මෙරට තවදුරටත් රැඳී සිටීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසන බව යුනිසෙෆ් සංවිධානයේ කලාපීය සන්නිවේදන ප්‍රධානී සාරා ක්‍රෝවේ නමැත්තිය පවසා තිබේ. රටෙක ජාතික ආරක්‍ෂාවට යම් විදේශිකයෙක්‌ තර්ජනයක්‌ වන්නේ නම් ඔහුව පිටුවහල් කිරීමට එම රටට හිමිකමක්‌ ඇත. ඔස්‌ටේ්‍රලියානු ජාතිකයකු වූ එල්ඩර් යුනිසෙෆ් නියෝජිතයා ලෙස ක්‍රියා කරන අතරේ උතුරේ අවතැන් වූවන්ගේ කඳවුරු පිළිබඳ විදේශ මාධ්‍යවලට විවිධාකාර ප්‍රකාශ කරනු ලැබීය.

මෙලෙස කරන ලද ඇතැම් ප්‍රකාශවල සඳහන් වූයේ අවතැන් වූවන් සාගින්නෙන් මියයන බවත් ළමා ලපටින් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්ය.

එල්ඩර් නමැත්තා සම්බන්ධව සාරා ක්‍රෝවේ තවදුරටත් පැවසුවේ හඬක්‌ නැති අය වෙනුවෙන් ඔහු හඬ නැඟූ බවත්ය.

එහෙත් එල්ඩර්ට ශ්‍රී ලංකාවේ අවතැන් වූවන් සම්බන්ධව සාවද්‍ය ලෙස හඬ නැඟීමට හිමිකමක්‌ තිබේද? ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන යුනිසෙෆ් සංවිධානයේ අතීතය ගැන විමර්ශනය කරන විට කිලිනොච්චියේ යුනිසෙෆ් නියෝජිතවරිය වූ "පෙනි අම්මා" නමැත්තිය හඬ නැඟුවේ කොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් යෑයි සනාථ විය.

ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ යුනිසෙෆ් නියෝජිතවරිය ද ඔස්‌ටේ්‍රලියානු හෙදියකි. ඇගේ කාලසීමාව දීර්ඝ කිරීමට ද යුනිසෙෆ් බලධාරීහු ක්‍රියාකර තිබිණි.

සෙන්චෝලේ ළමා නිවාසයට ගුවන් හමුදාව බෝම්බ දමා ළමා ළපටින් රැසක්‌ ඝාතනය කළ බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේ ද ඇයයි.

කොටි සංවිධානය කිලිනොච්චියේ බලවත්ව සිටි සමයේ ඇය කොළඹ එන්.ජී.ඕ. ජාලයේ ප්‍රකාශිකාවක්‌ බවටද පත් වූවාය.

පසුව මේ රජය පෙනි අම්මාව පිටුවහල් කෙරිණි. ඈ පිළිබඳ සිද්ධියේදී යුනිසෙෆ් සංවිධානය නිහඬ විය.

දැන් යුනිසෙෆ් සන්නිවේදන ප්‍රධානි ඡේම්ස්‌ එල්ඩර් රඟදැක්‌වූ නාටකය අනාවරණය වී ඇත.

එල්ඩර්ගේ සාවද්‍ය ප්‍රකාශවලට යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් දැඩි ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. මොහුව මෙරටින් පිටුවහල් කිරීමට ගත් තීරණය ගැන ලන්ඩනයේ කොටි රූකඩයක්‌ වූ බී.බී.සී. සේවාවද කම්පාවට පත්විය.

එසේම ෙ-ම්ස්‌ එල්ඩර්ගේ ප්‍රකාශයන් විදේශ මාධ්‍ය රැසක ද පළ විය. මෑතකදී ප්‍රකාශයක්‌ කළ එල්ඩර් මෝසම් වර්ෂාව නිසා අවතැන්වූවන්ගේ සියලු කඳවුරු ගංවතුරෙන් යටවනු ඇතැයි කියා සිටියේය. පසුගිය පෙබරවාරි මාසයේදී යුරෝපා කොටි වෙබ් අඩවියේ එල්ඩර්ගේ ප්‍රකාශයක්‌ පළ විය. වෙඩි වැදුනු ළදරුවන් තමා දුටු බවද ඔහු තවදුරටත් පවසා තිබිණි. ඡේම්ස්‌ එල්ඩර් කොටි වෙනුවෙන් ප්‍රචාරක කටයුතු මෙහෙය වූවා යෑයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ ප්‍රකාශකයෙක්‌ මේ යුනිසෙෆ් නියෝජිතයා ගැන තොරතුරු දක්‌වමින් පැවසීය.

මේ අන්දමට මෙරටට එරෙහිව සාවද්‍ය ප්‍රචාර මෙහෙයවූ ඡේම්ස්‌ එල්ඩර් 2003-2004 දී සුඩානයේ දකුණු ඩාපූර් ප්‍රාන්තයේ කටයුතු සම්බන්ධයෙන් සුඩාන රජයට එරෙහිව ද ප්‍රචාර දියත් කර තිබිණි.

යුනිසෙෆ් සංවිධානයේ සිම්බාබ්වේ සන්නිවේදන ප්‍රධානියා ලෙස ද ක්‍රියා කළ ඡේම්ස්‌ එල්ඩර් මැදිහත් වූයේ සුඩානයේ ඩාපූර් ප්‍රාන්තයේ කටයුතු සම්බන්ධයෙනි. (ඔයෑ ජදපපමබසජ්එසදබ ජයසැෙ Jaපැs Eකාeර එදකා මි පදරු aඉදමඑ එයෑ යදරරදරි එය්එ - Sමාaබැse ඨදඩඑ)
ෙ-ම්ස්‌ එල්ඩර් සූඩානයේ ඩාපූර් ප්‍රාන්තයේ ඇති කිරීමට උත්සාහ කළේ ලෝකයේ විශාලතම මිනිස්‌ ෙ€දවාචකය සිදුවන බවයි. (Sමාaබ ෙaජසබට අදරිඑ Hමප්බසඒරස්‌බ Dසිasඑeර සබ එයෑ අදරකා)

සෝමාලියාව, කිනියාව වැනි රටවල ද කටයුතු කළ ඡේම්ස්‌ එල්ඩර්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම සඳහා ආරක්‍ෂක බලධාරීන් ගත්තේ නිවැරදි පිළිවෙතයි.

එල්ඩර් සම්බන්ධව විමර්ශනය කිරීමේදී නැඟෙන ප්‍රශ්නය නම් වියානා සම්මුතිය ප්‍රකාර තානාපති නිලධාරීන්ට සිය තානාපති වරප්‍රසාද උල්ලංඝනය කිරීමට ඉඩදිය හැකිද යන්නයි. මෙයට පෙර නෝවීජියානු තානාපති ජෝන් වෙස්‌ට්‌බර්ග් වියනා සම්මුතිය උල්ලංඝනය කරමින් කොටින්ට අධි සම්ප්‍රේෂණ ගුවන්විදුලි විකාශන පද්ධතියක්‌ සපයනු ලැබීය.

මෙරට සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඩේවිඩ් ලිවින්ස්‌ටන් මැතිවරණ කටයුතු සම්බන්ධවීම නිසා ඔහුට ද මෙරටින් පිටුවහල් කෙරිණි.

කොටින්ට එරෙහිව සිදු කෙරුණු අවසාන යුද මෙහෙයුමේදී ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතන කල්ලිය බේරා ගැනීම සඳහා ඇතැම් බටහිර තානාපතිවරුන් දැඩි උත්සාහයක්‌ ගනු ලැබූ බව අනාවරණය විය.

එසේම කොටි දේශපාලන උපදේශකව සිටි තමිල් සෙල්වන් ගුවන් ප්‍රහාරයකින් මියයැම ගැන ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියකු ද දැඩි ලෙස කම්පාවට පත්විය.

මේ සිදුවීම්වලින් සනාථ වන්නේ මෙරට තානාපතිවරුන් හා තානාපති ගමන් බලපත්‍රධාරීන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වී ඇති බවයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා ඡේම්ස්‌ එල්ඩර් වැන්නවුන්ට ඉඩදිය යුතුද? එල්ඩර්ව පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් නිදහසට කරුණු අසා ඇති සාරා ක්‍රෝවේ කවුරුන් කියා සිතන්නේද? මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කොටින්ගේ අවසාන බලකොටුව පිහිටි ප්‍රදේශයට සමීප වෙත්ම එල්ඩර් නමැත්තා ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට්‌ පුවත්පත වෙත ප්‍රකාශයක්‌ කරමින් සිවිල් වැසියන් දස දහස්‌ ගණනක්‌ ගැටුමට මැදිහත්වී ඇති බවත් විශ්වාස කළ නොහැකි අයුරින් අපායක්‌ මැවී ඇති බවත් පවසා තිබිණි.

මේ නිසා මොහුගේ මෙම ප්‍රකාශයන් ගැන බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණය කරනු ලැබීය. එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකුට මෙවැනි ප්‍රකාශ කරන්න බැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ අතර යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් ඡේම්ස්‌ එල්ඩර්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමේ පුවත විකාශනය කළ විට චැනල් ෆොa රූපවාහිනිය විකාශය කළ සාවද්‍ය චිත්‍රපටයේ දර්ශන ද අඩංගු කර තිබිණි.

මේ නිසා මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යෑව්වේ කවුරුන්ද යන්න ගැන ද සැක පහළ වේ.

කොටින්ට එරෙහිව පැවැති හමුදා මෙහෙයුමේදී ඡේම්ස්‌ එල්ඩර් යුනිසෙෆ් සංනිවේදන ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ආකාරය ගැන අටුවා ටීකා අවශ්‍ය නැත.

මොහුව තවදුරටත් මෙරට රඳවා තැබීමට යුනිසෙෆ් සංවිධානයට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ෙද්‍රdaහිකම්වල නිරතවීම සඳහාය.

ඡේම්ස්‌ එල්ඩර්ව පිටුවහල් කිරීමට ගත් තීරණය ගැන වඩාත්ම කම්පනයට පත්වී ඇත්තේ කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. එල්ඩර්ව පිටුවහල් කිරීමෙන් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට මෙතෙක්‌ කිසිම මානව හිමිකම් සංවිධානයකින් ප්‍රකාශයක්‌ නිකුත් නොවීම ද පුදුමයකි.

ශ්‍රී ලංකාව පමණක්‌ නොව ලොව ඇතැම් රටවල් ද එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් විටින් විට එකී රටවලින් ඉවත් කර ඇත.

ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු හමුදා සිදු කරන මෙහෙයුම් සම්බන්ධව විවේචනය කරන එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ට ඇමරිකාව තුළ සිට කටයුතු කිරීමට ඉඩ දෙන්නේ ද යන්න විමසිය යුතුය.

සර්බියාවට අයත් කොසොවෝ ප්‍රාන්තය බෙදුම්වාදී කණ්‌ඩායමකට ලබාදීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බටහිර රටවල් සමග එක්‌ව ක්‍රියා කළ අයුරු අමතක නොවේ.

කොසවෝහි සිටි සර්බියානු වැසියන් සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීමද සිහිපත් කළ යුතුය. මේ නිසා ඡේම්ස්‌ එල්ඩර් වැන්නවුන් මෙරට ස්‌ථානගත කර ඇත්තේ කුමක්‌ නිසාදැයි සනාථ වේ.

රජය මොහුව පිටුවහල් කළ යුතුව තිබුණේ දැන් නොව කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව යුද මෙහෙයුම දියත් කරන සමයේයි.