Time madida?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

    තාමත් සාදාරණ හේතුවක් නැතුව පාඩම් නොකරන අය ඇති.
    පාඩම් නොකර ඒකට සාදාරණ හේතු හදන අයත් ඕන තරම් ඇති.
    තාම මේසෙ ගාවට වෙලා මනෝ පාරක් ගහන්

    👉 "දෙවෙනි පාරම කරනව" කියල හිතන අයත් ඉන්නව.👈

    ඒත් එයාල නොදන්න රහසක් තියෙනව.🙈

    ඒ, දැන් එයාල ඉන්න මට්ටමෙන් තව අඩි කිහිපයක් හරි උඩට එන්න මේ කාලෙ වැඩිත් එක්ක" කියන එක.

    ⭕️ඔයාට මේ කාලෙ මදි වෙන්න පුලුවන්. 👇👇👇

    ❌ඒ ඔයා තාමත්
    ෆෝන් එකෙ එල්ලීගෙන ඉන්නවනන්
    ❌යූටියුබ් එකෙ ජීවත් වෙනවනන්
    ❌සෝශල් මීඩියා වල වහලෙක් නන්
    ❌ටීවී එක ඉස්සරහට වෙලා කාලෙ කනවනන්
    ❌තාමත් රස්තියාදු ගහනවනන්
    ❌තාමත් whatsapp dare ටික ඉවර කරගන්න හැටි කල්පනා කරනවනන්
    ❌ඔයාලගෙ සුදු තාත්තිල, සුදාම්මිලගෙ 🙈සැප දුක් ඕනෑවට වඩා බලනවනන්.(දෙකම බැලන්ස් කරගෙන කරන් යන්න පුලුවන්😁 නන් අවුලක් නෑ කියල හිතනව💪🏻)

    ඔයාල කියන කතාව ඇත්ත. වෙලා මදි තමා.💯❗

    ඒත් ඔයාට ඕව්වට වඩා ඔයා අනාගතේ වටින්නෙ නැත්තන් ඔය උඩ කියපුවම කර කර ඉන්න 🙌. කිසි ප්‍රශ්නයක් නෑ.😁

    ඒත් පොඩ්ඩක් කල්පනා කරල බලන්න. ඔයා දැන් මේ හොයන තාවකාලික සතුටට වඩා සදාකාලික සතුට වටින්නෙ නැද්ද කියල.

    සමහර අය කියයි ඉගෙනගන්නම ඕන නෑ සතුටින් ඉන්න කියල. එහෙනන් එයාලට සල්ලි ඇති😅 බහුතරයක් ඉන්නෙ මද්යම පාන්තික හා දුප්පත් අයනෙ. ඉතින් ඒ අයට අද්යාපනය හැර වෙන ගොඩ එන්න ක්‍රමයක් ටිකක් අමාරුයි ඉතිම්😕

    තාමත් කියන්න තියෙන්නෙ තව ටික දවසයි තියෙන්නෙ. ඒ ටිකෙ අන්වශ්ය වැඩ නවත්තල පාඩම් කරන්න බැරිද ඔයාලට.🙏🏽

    මේ කාලෙදි ඔයාල ලේ නෑදෑකම් නැති🙈 කිසි කෙනෙක්ව ලොකු කරන් හිටියට ඔයාල සමාජයෙන් පහට් කෙනෙක් වෙද්දි එයාල ඔයා ගාව නෑ 🙌

    ඉපදුන දා ඉදන් ඒ වෙලාව වෙනකන් ඔයාල ගාව ඉන්නෙ, ඔයාලට ඇත්තටම ආදරෙ 👇

    තාමත්

    "මගේ එකා කොහොමහරි පාඩම් කරල අපිව ගොඩ ගනී. ඌත් හොඳ තැනකට එයි. "

    කියල හිතාගෙන තාමත් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න, තියෙන හැමදේම උබට දිදී ඉල්ලන හැමදෙයක්ම අරන් දිදි වචන වලට පෙරලගන්න බැරි ගොඩක් දුක් වේදනා හිතෙ හිර කරන් ඉන්න උබෙ අම්මයි, (ඒත් සමහරවිට අම්ම නොදන්නව ඇතිනුන විබාගෙ අතෑරල දාල ඉන්නෙ කියල නෙ බං? 😠)

    කොල්ලට මං විදින දුක තේරෙනව ඇති. ඒකා කොහොමහරි වැඩෙ ගොඩ දාගනී කියල තාමත් බොල් හීන මවන , හොයන සේරම උබට වියදම් කරන උබේ තාත්තයි,

    විතරයි බං😌(අමතර: ඔව් ඔව් එයා මහන්සි වෙලා හොයන සල්ලි වලින් තමා උබ කෑල්ලට කන්න දුන්නෙ.🤪)

    ඔයා පාඩම් කරන්න ඕන ඔයාට ඕන හින්ද. වෙන කාටවත් ඕනෑවට නෙමෙ. මොකද හැමදාම ඔයාගෙ දෙමව්පියො නැතිවෙන්න පුලුවන්😕

    තව ටික දවසයි ෆ්‍රෙන්ඩ්ස්. ඒ ටිකෙ මහන්සි වෙමු.

    මේ ටික කාලෙන්

    ඔයා කුලීකාරයෙක් වෙනවද
    බස් ගානෙ හිගාකන හිගන්නෙක් වෙනවද 40000 හෙ පඩියට වැඩ කරන රාජ්‍ය සේවකයෙක් වෙනවද
    මිනිස්සුන්ට රස්සා දෙන කෙනෙක් වෙනවද මිනිස්සුන්ගෙ ගෞරවයට පත් වෙන කෙනෙක්ද කියල

    තීරණය කරන්න පුලුවන් කියලත් මතක තියාගන්න🤝

    🛑මං කැමති ඔයාලට යෝජනවක් කරන්න.👇

    මේක ඔයා වැඩියෙන්ම නෙමෙ, ඔයාට වැඩියෙන් ආදරෙ කරන කෙනා ගාවට ගිහින් අහන්න. උදා:- අම්ම, තාත්ත.

    (අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම අහන්න🙏🏽)


    "අම්මෙ,තාත්තෙ, ඔයා කැමති මං ඉස්සරහට කව්රු වෙනව දකින්නද? මං කොහොම ඉන්නව දකින්නද?"

    කියල අහන්න🙏🏽 (ලැජ්ජම නම් ගෙදර ඔයයි අම්මයි ඉන්න වෙලාවක අහන්න)
    ඔයාලට කදුලුත්🥺 එක්ක ලස්සන වචන ටිකක් අහගන්න හම්බෙයි. ඒ වචන උබව බොරුවට සනසන සුදුඅම්මිල සුදු තාත්තිලගෙ වචනවලට වඩා ආදරණීයයි🥰

    😂😂😂😂😂😂😂😂😂😂😂
    මං දන්නව උබල ඕක අහන්නෙ නැති වෙන්න පුලුවන්. උබලගෙ ලොකු සීන් නෙ.😅 ලැජ්ජත් ඇති.😁
    ලැජ්ජ නැති වෙන්න ඕන මේ වගෙ වැඩක් කරන්න මිසක් &<&>×$×$&*÷-÷-&\ කරන්න නෙමෙයි.😅


    ඕක ඇහුවට පස්සෙ පට්ට ගැම්මක් එනව බං. අම්ම තාත්තා ලග නැති අය දුක් වෙන්න එපා. ඔයාලට ආදරෙ, කාටහරි කියන්න. (කැමතිනන්)💪🏻👌
    මං මේ අත්දැකීමෙන් කියන්නෙ. අමතකම වෙනවනන් උබ ඒ මොහොත ආයෙ ආයෙ මතක් කරපන්.

    උබෙ අනාගතෙ ගැන හිතන්න. එක්සෑම් ෆේල් උනොත් උබට වෙන දේවල් උබ දන්නව. උබ ඒව මතක කරගෙන ඒවට බය වෙයන්.🙏🏽🙄😎

    දැනුත් සතුටින් ඉදල ඉස්සරහටත් සතුටින් ඉන්න ලැබේවා.🙏🏽😌

    @උබලා හැමෝටම
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉගෙනුමට වඩා වෙන වැඩ ලොකු කරගෙන තම දෙමාපියන්ගේ අහිංසක සුන්දර සිහින මාලිගාවලට පයින් ගහන්න හිතන් ඉන්න සහෝදර සහෝදරියන්ට හොඳ ටොක්කක්.....

    ඉගෙනුම සියල්ලටම වඩා ඉදිරියෙන් තියාගන්න. හැමදාම ඉගෙන ගන්න බැරිය. වල බහින්නට පුළුවන්ය.

    බොහොම ස්තුතියි සහෝ.............. :love: :love: :love:
     

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    මේ අත්දැකීම මට මෙ විදියටම තියනවා මචන්.ඒත් දෙමව්පියන්ගේ හීන සෑබෑ කරන එක තරම් තවත් සතුටක් නෑ බන් මෙ ලොකේ.අනික අම්මල තාත්තලගෙ සතුට වෙනුවෙන් කරන දේ කවදාවත් වරදින්නෙ නෑ.දැන් කොල්ලෝ කෙල්ලො වෙනුවෙන් මැරෙන්න යනව බන්.
     
    Last edited:
    • Like
    Reactions: visalbro