Tin_කල_කෑම_ආරක්ෂිතද?

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Tin_කල_කෑම_ආරක්ෂිතද?

Tin කළ අහාර වැඩිය පාවිච්චි නොකරත් මේක ගැන දැනගෙන තියාගන්න.

ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර බෙඩ්ෆෝර්ඩ් ප්‍රදේශයේ පිහිටි නිවසකි.එදින රාත්‍රියේ නිවැසියා වූ සැමුවෙල් කොක්‍රාන් සහ ඔහුගේ බිරිඳ ආහාරයට ගත්තේ ටින් කල සුප් බඳුනකි.30 පැයක් ගතවීමට පෙර කොක්‍රාන් මියගිය අතර ඔහුගේ මරණයට හේතුව වී තිබුනේ බොටුලින් නැමති විෂ රසායනිකය ශරීරයට ඇතුල් වීමය.මෙය මිනිසා විසින් මෙතෙක් හඳුනාගෙන ඇති මාරන්තිකම විෂ වර්ගයකි.
කොක්‍රාන්ගේ මරණයත් සමඟම ඔහු එදින ආහාරයට ගත් සුප් වර්ගය අලෙවියට තබා තිබූ රට පුරා තිබූ වෙලඳ සැල් වලින් එම සුප් ටින් ඉවත් කිරීමට බලධාරීන් විසින් වහා පියවර ගැනුනි.මෙය සිදුවී ටිකක් කල් වුවත් යම් අයගේ සිතෙහි ජනිත වූ පැනයක් මෙහි සඳහන් කල හැකිය.එය නම්,

ටින් කෑම ආරක්ෂිතද?


ටින් කෑම යනු ඇතුළත පවතින වායුව ඉවත් කොට ආහාර තැන්පත් කිරීමෙන් අනතුරුව විෂ බීජ නසා දැමෙන මට්ටමක උණුසුමකට බඳුන් කල භාජනයකි.මේ ටින් කෑම මිනිස් ආහාරයට නුසුදුසු හා මිනිස් ජීවිතයට හානිකර තත්වයකට පත්කරවන බොටුලීන් නැමති රසායනිකය සැකසෙන්නේ ක්ලොස්ට්‍රිඩියම් බොටිලිනුම් නැමති ද්‍රව්‍යයෙන්ය.මෙය ක්ෂ්‍යුද්‍ර ද්‍රව්‍යයකි.මෙය මූලිකව මාරන්තික ද්‍රව්‍යයක් නොවේ.මෙය මාරාන්තික විෂක් බවට පරිවර්තනය වෙන්නේ වායුව රහිත ඇසිඩ් බාවය අව තත්වයක පවතින වාතාවරණයක් තුළය.ඒ නිසා ටින් කෑම බඳුන වාතයට ක්ෂ්‍යුද්‍ර තරමින් වත් විවෘත්ත නොවිය යුතුව.

ඒ නිසා ටින් කෑම බඳුනක් මිළදී ගැනීමේදී පහත කරුණු සලකන්න.

  • මිළට ගන්නා ආහාර සහිත ටින් ඇසුරුමේ මළකඩ බැඳී ඇත්නම් මිළදී නොගන්න.
  • ටින් ඇසුරුම තැලී හෝ නැවී ඇත්නම් මිළදී නොගන්න.මන්ද එය තුනී ලෝහ පතුරක් නිසා නැමුම් සමඟ පියවි ඇසට නොපෙනෙන සිදුරු තිබිය හැක.
  • මිලදී ගන්නට සුදානම් වන ටින් ඇසුරුමෙන් කිසියම් දුර්ගන්ධයක් පිට වෙයි නම් එය මිළට නොගන්න.
  • කල් ඉකුත් වන දිනය ආසන්නම වී ඇත්නම් මිළදී ගැනීමෙන් වළකින්න.

3a9211df3832db6fbf3da952de8c_grande.jpg

මේවා සැළකිල්ලට ගත්තොත් ටින් කෑම නිසා අනවශ්‍යය රෝගාබාධ වලට ගොදුරු වීමෙන් ඔබට ආරක්ෂා විය හැකියි.


මේ ලිපිය ඔබට වැදගත් කියලා හිතෙනවනම් රෙප්+, Comment එකක් දාන්න අමතක කරන්න එපා!
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
arakshitha na
tin eka kadala payak wath thibboth eka kanna hodama na

Artificial කෑම කොහොමත් හොඳ නෑ බං අපි උඩ දාගෙන කෑවට


nice.........and thanx

Welcome Bro

gud post macho,You must spread some Reputation around before giving it to Starz DK again.

අවුලක් නෑ මචෝ.බොහොම ස්තූතියි

Elakiri..
thx bro

එළ මචෝ


Thanx for the Bump

thanks .rep++

ස්තූතියි මචං
 
Last edited: