Tips For Night Ride

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    52
    18
    අද අපි කතා කරන්නෙ රෑ වාහනේ පදවද්දී අමරුවේ නොවැටී පරිස්සමෙන් ඔබේ ගමන යන්න අවශ්‍ය වන්නේ මොනවාදැයි සලකා බැලීමටයි. රාත්‍රී කාලය කියන්නේ වාහන අනතුරු තුන් ගුණයක් වැඩියෙන් වෙන වෙලාවක් බව සමීක්ෂණ වලින් හොයගෙන තියනවා.
    Head Lights
    ඔබේ හෙඩ් ලයිට් දෙක පිරිසිදුව තබා ගන්න. අපිරිසුදු වෙලා දුර්වර්ණ වුණ හෙඩ් ලයිට් වලින් ආලෝකය නිසි ආකාරයෙන් එලියට එන්නේ නෑ. ඒවගේම කාලයක් යද්දි ලයිට් වදින කෝණය වෙනස් වෙන්න පුලුවන් එය ඔබට කාර්මිකයෙකු ලවා හදා ගන්න පුලුවන්.
    ඔබ වාහන අඩු ප්‍රදේශයක යනවා නම් මාර්ගයේ ඈත හොඳින් පෙනීම සඳහා High Beam එක පාවිච්චි කරන්න පුලුවන් මේකට හෙඩ් ලයිට් කියලත් සාමන්‍යයෙන් කියනවා. හැබැයි ඉදිරියෙන් වාහනයක් එද්දි මේක ඕෆ් කරන්න අමතක කරන්න එපා. මොකද මේ එලිය නිසා අනතුරක් උනත් වෙන්න ඉඩකඩ තියනවා. හයි බීම් දාගෙන ඉදිරියෙන් එන වාහන ඔබටත් හමුවෙලා තියනව නම් ඔබ දන්නවා ඇති මේකෙ අමාරුකම.
    ඔබේ පාකින් ලයිට්, ෆොග් ලයිට්, බ්‍රේක් ලයිට් වගේ දේවල් වැඩ කරනවද කියල නිතර චෙක් කරන්න අමතක කරන්න එපා.
    ඉදිරියෙන් එන වාහන වල ලයිට්
    කිසිම වෙලාවක ඉදිරියෙන් එන වාහන වල ලයිට්ස් දිහා කෙලින් බලන්න එපා, ඔබේ ඇස් වල පෙනීමට ලොකු බලපෑමක් ඒ මගින් වෙන්න පුලුවන්. ඔබට හෙඩ් ලයිට් එකක් පත්තු කරගෙන එන වාහනයක් ඉදිරියෙන් එනවා නම් මදක් ඇස් පහලට හරවා එය යනකන් මගඅරින්න බලන්න.
    Windshield
    අපිරිසිදු වින්ඩ්ශීලඩ් එකක් නිසා ඉදිරියෙන් එන වාහන වල ආලෝකයත් එක්ක ඔබේ පෙනීම අඩු කරන්න පුලුවන්, ඒ නිසා වරින් වර ඔබේ වීදුරුව වතුර විදිනය හා වයිපර් ක්‍රියාත්මක කර පිරිසිදු කරගන්න.
    පාර අවට සිටින සතුන්
    විශේෂයෙන් වනාන්තර ආසන්නයෙන් වාහනෙ පදවද්දී නොයෙක් සතුන් පාරට පනින්න පුලුවන්, ඔබ අධික වේගයෙන් යනවා නම් ලොකු අනතුරක් වෙන්න උනත් මේ නිසා ඉඩ තියනවා. නමුත් නාගරික ප්‍රදේශ වලත් පාරට සුනඛයින් පැනීම නිසා අනතුරු සිදු වී තිබෙනවා.
    මේ වගේ වෙලාවක ගොඩක් අය කරන වැරැද්දක් තමයි ආපු වේගයෙන්ම බාධකය මගඅරින්න හදන එක, මේක කරන්න ගිහින් වාහනෙ ලොකු අනතුරකට ලක් වෙන පුලුවන්, හොඳම දේ වාහනේ වේගය පුලුවන් තරම් අඩු කරන එක.
    මධ්‍යම රාත්‍රී වෙලාවේ ධාවනය
    නිදිමත නිසා සිද්ධ වෙන අනතුරු වැඩිම ප්‍රමාණයක් රාත්‍රී 12ත් උදේ 6ත් අතර සිද්ධ වෙනවා. දන්නෙම නැතුව නින්ද ගිහින් වාහනේ හැපෙන්න ගිය වෙලාවල් අපි කොතෙකුත් අහල ඇති, ඒ නිසා මේ අවදානම් වෙලාවේ ගමන් පුලුවන් තරම් අඩු කරන්න.
    අධික නිදිමතක් තියන වෙලාවක වාහනේ ආරක්ෂිත තෑනක නවත්වලා විනාඩි 10-20 අතර නැප් එකක් අරගෙන ගිමන් හරින්න. සමහර අයට සංගීතය ඇසීම, පිලිසඳර, පොඩි විවේකයක් හෝ තේ කෝපි පානය, වාහනේ ජනෙල් ඇරල පිරිසිදු වාතය ඇතුලට ඒමට සැලැස්වීම වගේ දේවල් වලින් නිදිමත ගතිය සමනය වෙනවා. ඉතින් ඔබට සුදුසු දේ අඳුන ගෙන පරිස්සම් වෙන්න.
    ඉදිරියෙන් යන වාහන
    රෑට ගොඩක් අනතුරු වෙන විදිහක් තමයි ඉදියෙන් යන වාහනය හදිසියේ වේගය අඩුකරොත් ඔබට අඳුන ගන්න වෙලා ගිහින් අනතුරක් වෙන එක, ඉතින් මදක් වැඩිපුර ඉඩ තබාගෙන වාහනය පදවන එක ඇඟට ගුණයි.

    More Details - https://automantransmission.com/tips-for-night-ride/

    #Automantransmission #Autogear #Autogearsrilanka #Nissannavaragearbox #toyotagearbox
     
    • Like
    Reactions: lgayyamp