titanic real story

ukuzza

Member
Mar 11, 2016
178
15
0
රුපියල් කෝටි 18කට මිනිස් ජීවිත 2400ක් ගිල්වා මැරු පාපතරයා මැදමුලන මහින්ද - විශේෂ හෙළිකිරිම ගවේශනාතමක මාද්‍යවේදි හිතේශ ද මෙල් ගෙන්.

ටයිටැනික් ? මේ වචනය ඇසු සැනින් ඔබට මතක් වන්නෙ කවුද කියා මා ඇසුවොත් ? ජැක් සහ රෝස් යන්න සැමගෙ පිළිතුර වේවි. නමුත් මාගේ මෙ හෙලිකිරිමෙන් පසු එය වෙනස් වේවි. දෑසට මෝදු වෙන කදුලු පිස දැමීමට කොල පාට ලේන්සුවක් ගෙන කියවන්න මේ මහින්ද ගෙ තවත් කෲර ක්‍රීයාවක්.
ටයිටැනික් යනු 2006 වසරෙ ඇමෙරිකාවෙ VolksWagon Ships මුහුදෙ යන නැව් නිශ්පාදන සමාගම නිපද වු කිසිදා නොගිලෙන නැව යන නමින් නම් තැබු තරු පහෙ සුපිරි නැවයි. නැවෙ ඇතුලත ගමන් කිරිමට රත්තරන් ස්කූටර්, හදිසි අවස්තාවකදි සැගවීමට භූගත බංකර් ආදියෙන් සමන්විත වු මෙම නැව සාදා නිම කිරිමටම වසර තිහක් ගත උනා යැයි කියවේ. ඇමෙරිකාවෙ සිට ඉන්දියන් සාගරය හරහා ප්‍රංශයට සංචාරකයන් ප්‍රවාහනය කිරිමෙ අරමුණ ඇතිවයි වොල්ක්ස්වැගන් ෂිප් සමාගම ටයිටැනික් නැව නිපද වූයෙ.

ඒ 2006 වසරයි. ශ්‍රී ලංකාවෙ පාලනය කෲර රාජපක්ෂ රේජීමය අත්පත් කරගෙන සිටි අවදියි. දූෂිත මහින්ද ශ්‍රී ලංකාවෙ බලය පමණක් නොව සිය සහොදරයා වන ගෝටාභය රාජපක්ෂ නම් ඒකාධිපතියාගෙ ඇවන්ට් ගාඩ් නම් දූශීත පාවෙන අවි ගබඩාව හරහා ඉන්දියන් සාගරයෙ බලයද අත්තනෝමතික ලෙස පාලනය කරමින් සිටියා. ඉන්දියන් සාගරයෙ ගමන් කරන සබ්මැරීන් වලින් පවා ආරක්ශාව සපයනවා යැයි කියා කප්පම් ගැනිමට තරම් මහින්ද දූශීත උනා.

මේ ගැන දැන සිට ටයිටැනික් නැවෙ කපිතාන් ලොරෙන්සෝ ගෝමස් මහතා ගමන් ඇරඹිමට පෙර තම නැවට ආරක්ශාව සපයා ගැනිමට ගිවිසුම් ගත වන්නෙ ‍කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන කීලි මහරාජා මහතාගෙ මෙරින් ගාඩ් නම් සමාගමෙනුයි.

සිය සොහොයුරු ගෝටාභය ගෙන් මේ බව අසා දැන ගන්නා මහින්ද " ඒහෙම කොහොමද ඌ අපිට කප්පම් නොදි යන්නෙ " යැයි පැවසුවා. සිය පුත් නාමල් රාජපක්ෂ ගෙ කැමරා දෙක්ක් තිබෙන අයිෆෝනයෙන් ලෝරන්සෝ අමතන මහින්ද ඔහුට තර්ජනය කර මුහුදු ආරක්ෂණ කොන්ත්‍රාත්තුව ඇවන්ට් ගාඩ් සමාගමට ඉල්ලා සිටිනවා. එහිදි පුරසාරම් කියවන් මහින්ද කියන්නෙ තමන්ට කෝටි දහ අටක් ලබා දෙන ලෙසත් ඉන් පසු හාල් මැස්සෙකුට වත් නැවට හානියක් කිරිමට ඉඩ ලබා නොදෙන ලෙසයි. කිසිලෙසකත් නොනැමෙන ලෝරෙන්සො මහතා පවසා සිටියෙ කිලි මහරාජා මහතා තමාට ලක්ෂ දහ අටකට ආරක්ෂාව සැපයීමට ගිවිසුම් ගත වු බවත් කෝටි දහ අටකට දූශිත සමාගමක් සමග ගිවිසුම් ගත වීමට තමන්ට පිස්සුවක් නොමැති බවයි . මෙයින් යක්ෂාවේස වෙන මහින්ද නැව ගිල්වා දමන බවට තර්ජනය කර ගුගුරා අයිෆෝනය පොලවෙ ගසන්නෙ කේන්තියෙන් වෙව්ලමින්.

2006 ජුලි මස 22 වෙනි දිනට ඉර උදා වෙන්නෙ වෙනදා ලෙසින් මයි. ටයිටැනික් නැව සිය මංගල ගමන ඇරබුවෙ එදිනයි. මේ මොහොත උදා වෙන තුරු ඇගිලි ගනිමින් සිටි මහින්ද කොටි ත්‍රස්තවාදින්ගෙන් ණයට ඉල්ලා ගත් ටෝලර් යාත්‍රාවකට නැගි ගෝටාභය සමග ටයිටැනික් නැව දෙසට යාත්‍රා කරනවා. අත්ලාන්තික් සයුරෙ නැංගුරම් දාන මහින්ද ටයිටැනික් නැව ගමන් කරන මාර්ගයට වී මග බලා හිදින්නෙ තව ස්වල්ප මොහොතකින් මහා විනාශයක් කිරිමෙ පවිටු අරමුණින්.

කිසිත් නොදන්නා ටයිටැනික් නැව සෙමින් සෙමින් ඉදිරියට ඇදෙනවා. මේ මොහොතෙ නැවෙ එදිරිපස අත් පටලා ගමන් කරන පෙම් යුවල ජැක් බවර් හා රෝස් අලගියවන්න අයිස් කුට්ටියකට මුවා වි හුලගට වැනෙන සාටකයක් දුටුවත් එය තැකිමක් නොකරන්නෙ ඔහුන් පෙම් සුව විදිමින් සිටි නිසා. මීළගට සිදු වන්නෙ කිසිවෙකු නොසිතු දෙයක්. මැදමුලන මෲගයා මහින්ද පෙරලු අයිස් කුට්ටියක් සමග ටයිටැනික් නැව ගැටෙන්නෙ මහා ශබ්දයක් නන්වමින්. කිසිවක් සිතා ගත නොහැකි වු කැප්ටන් අන්ද මන්ද වෙද්දි මුලින්ම නැවෙ කුඹ ගහ වැටෙන්නෙ ජැක් බවර් ගේ ඔලුවටමයි. අහෝ .. කිසිවෙකුට ගිල්විය නොහැකි යැයි කියු මහා නැව ගිල්වා දැමිමට මැදමුලන මෘගයාට ගත වුයෙ නිමෙශයක්.
මොහොතක් හිතන්න. රුපියල් කෝටි දහ අටකට අහින්සක මිනිස් ජීවිත දහස් ගණනක් ගිල්වා මැරු මහින්දට සමාව දිය හැකිද ?


14021537_1646833792299516_8129639181602265547_n.jpg
 
Last edited: