සෑහෙන දවසක් ඉදන් වාහනයක් ගන්න හොයනවා සින්හලු. මුලින් Vitz එකක් ගන්න හිතන් හිටියා, දැන් තේරිලා තියෙන්නෙ ඒක මන් කරන වැඩත් එක්ක ගැලපෙන්නෙ නෑ වගේ කියලා. Ground clearance මදි එක සෑහෙන අවුලක්. දැන් ඩබල් කැබ් එකක් හොයනවා. ගෙවල් ලඟ එකෙක්ගෙ Hilux එකක් විකුනනවා. 1994 LN107 button forward එකක්. Full option(power shutters, power mirrors, sunroof බ්ලා බ්ලා). එන්ජින් එක 3L. එන්ජිම නම් ලොකු අවුලක් නෑ, ඒත් පොඩි repair එකක් දෙන්න වෙයි වගේ. Body condition නම් එච්චර හොද තත්වෙ නෑ. ලොකු අවුලකුත් නෑ හැබැයි. 28.5 ක් කියනවා. නම්බරේ 251-***. පාඩුද බන් මේ ගානට. බොඩි පාර්ට්ස් නම් හොයන්න අමාරුයිලු නේද. ඒක ලොකු issue එකක් වෙයිද ආපහු විකුනද්දි. අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න බලාගෙන ගන්නේ. ලොකු පාඩුවක් වෙයිද ආපහු විකුනද්දි. second hand market එකත් බලන්න ඕනේ මචන්ලා. අපි ඉතින් ලොකු සල්ලි කාරයෝ නෙමෙයිනේ
අදහසක් දීපල්ලා...
මෙන්න මේ වගේ බාන්ඩේ...
ප.ලි. - වාහනේ 27.5 කට ගන්න පුළුවන් වගේ. පාඩුද බන් මේ ගානට
අදහසක් දීපල්ලා...

මෙන්න මේ වගේ බාන්ඩේ...
ප.ලි. - වාහනේ 27.5 කට ගන්න පුළුවන් වගේ. පාඩුද බන් මේ ගානට

Last edited:







