චිට් එකට ඩ්‍රයිවර් නේ බං ගහන්නේ ඒ නිස ගහන ගණන් හිලව් මම කොහොමත් දන්නේ නෑ.
මීටර් එකේ පෙන්නන ඇවරේජ් තමයි මම කියන්නේ
ගෑනු කෙනෙක්ට කිව්වේ බං වාහනේ හොයන්නේ වයිෆ්ට යූස් කරන්න මට නෙමෙයි.
ඒ නිස කෙල්ලෙකුට ගැලපෙන්න ඕනේ.
ආ අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ උනේ පෙට්‍රල් කොච්චර කරනවද කියල?
පෙට්‍රල් හොදට කරන්න ඕනේ මොකද ඕකට මම අතින් ගහන්න ඕනේ.
අනික එයා හරියට වාහනේ ස්ටාර්ට් එකේ තියාගන්නවා a/c දාගෙන එලියට ගියාම.
2018 stingray එකක් තමයි බං දැන් තියෙන්නේ තාම 9000 දුවල තියෙන්නේ ලෙඩ බං වාහනේ එපා වෙනවා.
තෙමිල adjuster එක අවුල් ගිහිල්ල එක සැරයක් දැම්මා දැන් ආයේ සද්දෙ එනව බං.
අනික පාර්ට්ස් ගිනි ගණන් බං හෙඩ්ලයිට් එක දාන්න 85000 ගියා
මිරර් එහෙම ගිණ් ගනන්.
යකෝ මට ප්‍රාඩෝ එක මේන්ටේන් කරන්න යන ගානම යනවනේ බං වැගන් ආර් එකටත්.
එයා නිතරම කොහේ හරි ගාවනවා.
ඒ නිසා පාර්ට්ස් මිල අඩු වෙන්නයි ඕනේ.
උඹ දන්නවනේ මොකද කියන්නේ වාහනේ හොදද?

තනුජක එකක් ගමු කිරියේ කොල්ලෙකුට එකක් හොයනවා තාම පොරගෙ ගානට සෙට් උනේ නෑ ඩබලම සෙට් කරගෙන ගත්තොත් අඩුවට සෙට් කර ගන්න පුලුවන් . මොකද කියන්නෙ?
ගෑණු කෙනෙක්ට වගේ යූස් කරන්න.- ඇයි බන් ඔහොම අහන්නේ මේවා කොල්ලොත් කෙල්ලොත් ඇන්ටිලා අන්කල්ලා සීයලා ඔක්කොම පදිනවා නේ. කරදරක් නැති හුරුබුහුටි එක්ක නේ.
පෙට්‍රල් කිරිල්ල කොහොමද? 18-20 වගේ. SPORT නම් ඉතින් 11-13 හොදේ.
විශේෂයෙන්ම දැනගන්න ඕනේ බොඩි පාර්ට්ස් වල මිල එහෙම සෑහෙන්න සැරයිද වැගන් ආර් වගේ. - වගොන් ආර් වගෙ නෙවී. වගොන් ආර් මාෆියවක් නේ. බොඩි පර්ට්ස් මිල නෑ side මිරර් දෙකටම 10000 යි එකෙ තියෙන චූටි ලයිට් එක 1200 එකක් ඉස්සරහ බෆර් එල 28000 පස්සෙ එක 25000 යි ( ඊටත් අඩුයි) ඉස්සරහ WINDSCREEN එක 13500 පස්සෙ එක 11000 යි. හෙඩ්ලයිට් එක 7500 බල්බ් එක 850 යි ඕවානේ උබලා ඉක්මනට කඩා ගන්නේ.