Toyota Prius Recall

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේ ගැන තව සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තියනවා දැක්ක. කමක් නෑ. මම තව විස්තර ටිකකුත් එක්කම මේ ගැන කියන්නම්.
    මිලියන 1.9 ක ටොයෝටා ප්‍රියස් වර්ගයේ වාහන (2010-2014 මොඩල්) ටොයෝට සමගම විසින් නැවත ඇනවුම් කරලා තියනවා. හේතුව විදියට ඔවුන් කියන්නේ එම වාහනයේ මෘදුකාංග ප්‍රශ්නයක් නිසා හයිබ්‍රිඩ් පද්දතිය පෙර දැනුම් දීමක් නැතුව විසන්ධි වෙලා යන එක වලක්වන්න නව මෘදුකාංගයක් ස්ථාපිත කරන්න කියලයි. මේ විදියට වෙන්නේ පද්දතියේ සමහර ට්‍රාන්සිස්ටර් වල ඇතිවන අධික උෂ්ණත්වය නිසා බව තමයි සමගම පවසන්නේ.
    ඒ විතරක් නෙවෙයි, RAV4(2012-) , Lexus RX 350 (2012,2013) යන මාදිලිත් නැවත කඳවල තියනවා. ඒවාට හේතුව විදියට දක්වන්නේ වාහනේ මෘදුකාංග දෝෂයක් නිසා වාහනයේ ABS, Stability control වැනි බ්රේක් පද්දතිය සමග සම්බන්ද පද්දති හිටිහැටියේම ක්‍රියා විරහිත වීමක්.
    ටොයෝට සමගම මිට කලිනුත් මේ වගේ නැවත කැඳවීම් කරා. රියදුරු ගේ පාලනය නොමැතිව ඉබේ වාහන accelerate වෙන එක (un-intended accelerations) මෙයට එක් උදාහරණයක්. එයට හේතුවත් වාහනයේ පරිඝනක පද්දතියේ දෝෂයක්. (අද එන හැම වාහනෙම වගේ drive by wire විදියට තියන්නේ. කොච්චර බලයක් එන්ජිමට දෙන්න ඕනද කියල තීරණය කරන්නේ පරිඝනකයක්.)

    මේ මොනවා උනත් ලංකාවට මේ වගේ නැවත කැඳවීම් ගොඩක් අදාල වෙන්නේ නෑ. හේතුව අපි වාහන ගන්නේ (සමහරක් වාහන හැර.) කෙලින්ම නිෂ්පාදකයාගේ නොවීමයි.:angry: