ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදුලි සංදේශ උපකරණ (සිම්පතක් සමඟ ක්‍රියාත්මක වන) පමණක් මිලදී ගැනීමට මහජනයාවෙත නැවත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විකුණුම් බලපත්‍රයක් ඇති වෙළෙඳුන්ගෙන් පමණක් සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔවුන් දැනුම්දෙන්නේ.
අනුමත නොකළ විදුලි සංදේශ උපකරණයක්, වලංගු ආනයනික උපාංගවල දත්ත සමුදාය (Database) සමඟ IMEI සත්‍යාපනය කිරීමේදී අනුමත නොකළ උපකරණයක් බව තහවුරු වුවහොත් විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ ජාලය තුළ එම උපකරණ අක්‍රීය කරන බව ඔවුන් පවසනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත උපකරණයක් මිලදී ගන්නේ නම් පාරිභෝගිකයා විසින් වෙනම ලියාපදිංචි කිරීමක් කළ යුතු නොවන බවද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.