යාලුවනේ මම අද ඕගොල්ලන්ට කියන්න හදන්නෙ ,ගිය සතියෙ මම ත්‍රිකුණාමලයෙ ගිය trip එකක් ගැන.ගිහිල්ල ආපු ගමන්ම මට මත්ක් උනෙ මගෙ එලකිරි යාලුවන්ව...මම ඒ චාරිකාවෙදි ගත්තු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ පෝස්ට් එක දැම්මෙ...කියවලාම බලන්නකෝ....මේව කොපි කිරීම් නෙමෙයි..එලකිරියටමයි ටයිප් කොරේ..මේ මම එලකිරියට දිරිපත් කරන දෙවෙනි මගේ ජීවිත අත්දැකීම, පලවෙනි එක ඔයාල කියවන්න ඇති කියල මම හිතනව, එක කියෙව්වෙ නැත්තම් මේකෙ අන්තිමට දාල තියෙන link එකට ගිහිල්ල ඒකත් කියවන්නකෝ.....

සිතට පාලුවක්ද දැනෙයි, විටක එය තනිකමක්දෝ සිතෙයි, පාඩම් පොත ඇගිලි තුඩු හොදින් හදුනයි. සිතේ චකිතයත් පීඩාවත් අනාගත සිහින බොද කර දමයි,
උස්ස් පෙළ විභාගයට ඇත්තේ තව සති 2 කි. සුපුරුදු ලෙසම මම ඇලුම් කල ඉරිදා පන්තියට පිය නෙගුවෙමි, දවස නොදැනීම ගෙවී ගොස්ය, සුපුරුදු පරිදි මගේ මිතුරු ඉශාරත් මමත් බසයට නැග්ගේ ගෙදර යාමේ බලාපොරොත්තුවෙනි.
විභාග ආතතියම නිසාම බසය තුල මාද මිතුරාද නිහැඩියාවෙන් ගමන් කරයි,
මගේ මිතුරු ඉශාර ; මචන් විභාගෙ ඉවර උනහම අපේ ගමේ පොඩි රව්මක් දාල එමු සතියක විතර, උබලව එක්කන් යනනත් බෙරි උනානෙ, ශානකය තමයි මට අදහස දැම්මෙ, මොකෝ කියන්නෙ?
හරි මචන් යමු යමු, එකවරම මම හඩ නෙගුවේ මිතුරු ඉශාරගේ හඩට ස්වයං පිළිතුරක් ලෙසිනි.
මගේ මිතුරා දැන් පදින්චි වී සිටින්නේ ඔහුගේ අක්කා පදින්චිව සිටින කලුතර නිවසේය,ඉශාර මට පවසා තිබුනේ, ඔහුගේ ගෙදර ත්‍රිකුණාමලය ආසන්නයේ තිබෙන බව පමනි,ඔහුගේ පවුලේ විස්තරද මා දන්නේ ඉතා අඩුවෙනි, හය වසරේ මාගේ පාසලට පැමිනි මගේ මිතුරා මේ වන විට කලුතර ඔහුගේ ගම කරගෙන හමාරය.

විභාගයද අවසන්ය, එදා දිනය අගෝස්තු 21 වන දාය.......අපි දැන් සිටින්නේ මතුගම-යාපනය බස් රථයේය...වේලාව පෙරවරු 7 පමන වී ඇත.......ඒ ඉශාරගේ නිවෙස බලා පිටත් වීමටයි, ගමනට මමත්, ඉශාරත්, ශානකත් චතුරත් එකතු උනි....
අපගේ ගමනාන්තය වූයේ මිහින්තලයයි,
වේලාව පස්වරු 2.30 පමණ වී ඇත,
තෙත් කලාපයෙන් වියලි කලාපයත පය තැබුවා ලෙස දැනේ, ඇත්තෙන්ම මේ වියලි කලාපයයි, තද අවු රශ්මිය මාගේ ඇස් නිදිමත කරවයි........මාත් මිතුරන් තිදෙනාත් පය තබා ඇත්තේ සත්තකින්ම මිහින්තලයටයි, ගමන් විඩාව නිසාම හිම කිරමයක(අයිස්) රස බැලීමට මිතුරන් අදහස් කරයි....
හිම කිරමයේද රස බලමින් මිහින්තලය නගරට මැදි උනෙමි, අපගේ මීලග ගමනාන්තය වන්නේ හොරොව්පතාන නගරයි, බසය පැමිනෙන තුරු අපි මිහින්තලයේ සිරි අසිරිය විද ගත්තෙමු....
වේලාව පස්වරු 4.15 පමණ වී ඇත,
මා පය තබා සිටින්නේ හොරොව්පතාන නගරයටයි, මගේ සිතට නැගුනේ මෙවර ITN සූර්යය මංගල්යයයි....අපිළිවෙලක් සමගම කලබලකාරී බවක්ද මගේ සිතට දෙනෙයි.....නගරයම කලබලය, සිතට යම් සතුටක් ද ගලා එයි...මා අලුත් ලොවකට පිය නෙගුවා සේ සිතෙයි...මා මිතුරන්ගේ මුහුනු දෙස බෙලුවෙමි...ඔවුන්ගේ මුහුනේ රැදී තිබුනේ නිදහසේ චමත්කාරයයි.....
බැලූ බැලූ අත මුස්ලිම් කඩවල්ය....මට අපේ ගමේ නගරයක් සිහි වෙයි, ඒ දර්ගා නගරයයි.....අපි තේ කඩයකට පිය නැගුවෙමු....හොදින් බඩ පුරවා ගැනීමට කිසිවෙක් අමතක නොකරති.......
හොරොව්පතාන නගරයට වී වවුනියාව-ත්‍රිකුණාමලය බසයක් පැමිනෙන තුරු අපි බලා සිටියෙමු. සද්දෙට දෙමල සිංදුවකුත් දාගෙන බසයක් අප ඉදිරියේ වෙති. ඒ ත්‍රිකුණාමලය බසයකි. අපි බසයට ගොඩඋනෙමු..මට දෙමල චිත්‍රපට සිහියට නැගුනි..බසයේ සිටින සැවොම දෙමලින් කතා කරයි...
මගේ මිතුරා ගෝමරන්කඩවලට ටිකට් හතරක් ලබා ගත්තේය.පැරණි දෙමල ගීතයක රස විදිමින් අපි ඉදිරියට ගමන් කලෙමු.
වේලාව පස්වරු 5.10 පමණ වී ඇත,
අපි දැන් සිටින්නේ ගෝමරන්කඩවල මන්සංදියේය......
මාගේ මිතුරාගේ පියා අපිව රැගෙන යාමට එතනට පැමින සිටියේය....අපි අදුම් මලු කැන්ටරයේ ඉදිරියට දමා, පිටිපසින් වාහනයට නැග ගත්තෙමු.
සුලග අප ඇග දැවටේ...හිරු අවරට ගොස්ය....තුරු ලතා වල රස විදිමින් අපි සුරගන ලොවකට පා තෙබුවෙමු..........විශාල තල් ගස්ද, දෙපසින් වියලී ගිය වෙල් යාය ද, බැලු බැලු අත මොණරන්ග් සුරගන රැගුම්ය...ඉර මා හා සිනාසෙන බව මට සිතුනි.
රාත්‍රී 7 පමණ වන විට අපි මිතුරාගේ නිවසට ලගා උනෙමු..මිදුලේ විශාල මයිල ගසකි. මයිල ගස අපිව සාදරයෙන් පිළිගනී...
එදින රාත්‍රිය නොදැනුවම අපිව අනෙක් දවස වෙත කැන්දාගෙන ගොස්ය.
උදය ඉතා සීතලය..දහවල අපිව කාන්තාරයකට කැන්දාගෙන ගොස්ය....සවස් යාමය මුහුදු වෙරලකට කැන්දාගෙන ගොස්ය..රාත්‍රිය නැවතත් අපිට කාන්තාරයක් සිහිපත් කරවයි..දවස පුරාම තිබූ දැඩි සුලගින් අපිව රාත්‍රී නින්දෙහි සතපවා සිහින ගුලි කරවයි....
බැලු බැලු අත මොණරුන්ය, මිදුලේ ඇති විශාල මයිල ගස අවු රශ්මියෙන් අපිව ආරක්ශා කරයි,අපි ගස යට බන්කුවේ වාඩි වී අතීතය සිහිපත් කලෙමු...

පසුදා උදෑසනම අපි ගම වටේ සන්චාරයක නිරත උනෙමු..මාගේ යහලු ඉශාර අපිට මග පෙන්වයි..
ගස් වල කොල වේලී ගොස්ය.වතුර පොදක් ඉල්ලමින් හඩා වැලපෙන තුරු ලතා මා දෙස බලා සිටී.දෙපස ඇති තල් ගස් මාවද කැටුව යාල්පානමේ සංචාරය කරයි.දැඩි හිරු රශ්මිය අපව වෙහෙසට පත්කරවයි.අපට පිහිට වූයේ මා අත තිබූ වතුර බෝතලය පමනි.දිය පොදකින් තොල් පෙති තෙමා ගනිමින් මා සෑහීමකට පත් උනෙමි..
මුලින්ම අප ඇස ගැටුනේ විශාල වැවකි..
වියලී ගිය වැව අපගෙන් වැස්ස අයදී..වැව මැද්දට වන්නට කුඩා වතුර වලකි..එහි වතුර බීමට පැමිනි කුරුල්ලන්, ගව පට්ටි වැව පුරාම විසිරී සිටී...මේ දසුන් මට කියාපාන්නේ ජීවිතයේ අනිත්‍යතාව නොවේද?
යටිසිතේ රැදුනු චමත්කාරය පසක්කොට අපි නැවතත් ඉදිරියට ඇදෙන්නෙමු...
ටික දුරක් අපි පයින් ඇවිද ගියෙමු..ඈතින් කොත් වහන්සේ දිස් වෙයි.....ගමයි පන්සලයි,වැවයි දාගැබයි....දකුනු පසින් වැව,වම් පසින් ගමට මැදිව පන්සල...මගේ රට මගේ ජාතිය,මගේ හදවතට මොනවාදෝ මුමුනයි,
පන්සලට ගොඩවී බුදුන් වදින්නට අපි අමතක නොකලෙමු,
පන්සලට එපිටින් යෝධ ගල් පර්වතයකි..ඒ පර්වතයට ගොඩ වීමට අපට ගත ඌයේ විනාඩි පහක් පමනි...
නැවතත් අපි ගමන ආරම්භ කලෙමු...
මා ඉදිර්යෙන් තවත් වැවකි..වැව් ඉස්මත්තේ කෝවිලකි..
අපට වඩා කාලය ඉක්මන්ව ඇත..හිරු නොපෙනී යයි,අදුර අප කැටිව නැවතත් නැවතත් මිතුරාගේ නිවහනට පා තබයි..........තවත් දවසක නිමාව....ඒ කිසිදා නොලැබූ අත්දැකීමක් මගේ ජීවිතියට එක් කරගත් පසුවය, එවිට මට සිතුනේ දිනය මා නොව, මා දිනය පරාජය කර අති බවයි...
වැව් මාලුවක රස බලමින් මාද මිතුරන් සමග හෙට දිනය ගැන සිහින මවයි.....

තවත් දවසක උදාව............
ඊයේ දිනයට වඩා උද්යෝගයක්....අද අපි වනයේ සංචාරයේ යෙදෙන දවසයි....කෑම බීම සියල්ල මලු වල ඔබාගෙන අපි නිවසෙන් පිට උනෙමු...
හිරු යන්තම් සරදම් කලා පමනි..රූස්ස ගස් මැදින් මා වනයේ ගොලු උනෙමි...
වනයේ බැලු බැලු තැන අඩි පාරවල්ය.. ඔය අලි ගිය අඩි පාරවල්, මා මිතුර හඩ අවදිකලේය....චකිතයද බියද මා සිත වෙලා ගැනුනි...වියලී ගිය කොල අතරින් අපි ඉදිරියටම ඇදෙන්නෙමු..
දැන් ඉර අවරට යාමට මුල පුරා ඇත...කුඩා ගස් වල කොල කඩා බිම ඇතිරූවේ දහවල් ආහාරයට සූදානම් වීමටය..
ආහාරයෙන් පසු නැවතත් අපි ඇවිද ගියෙමු, ඉදිරියෙන් විශාල ඔය පහරකි, නමුත් ජල පහර මට කියා දුන්නේ මා වියලි කලාපයේ සිටිනා බවයි,සිහින් දිය පහරින් මුහුන තෙමා ගත් පසු මදක් ගිමන් හැරියෙමු.
අදුරට පෙර නැවතත් මා මිතුරාගේ නිවසේය...නිදි යහනේ මා ගමන සිහිපත් කරයි....මා දිවියේ පලමු වන සංචාරය අදයි..ඔව් ඒ අදයි......

අලුත් දිනකි, අද දින අපි සවස් වන තුරුම නිවසට වී ගිමන් හැරියෙමු.......සවස් යාමයේ මාද මිතුරෝද අසල ඇති වැව මැද්දට රොක් උනෙමු..ඒ දිය නා ගැනීමට නම් නොව...මාගේ සුපුරුදු ක්‍රීඩාව වන කිරිකට් ගැසීමටය....ආ.ර් ප්‍රේමදාසය මෙන් දස ගුනයක් තරම්ය..මා සිටින්නේ වැව මැද්දේය..ඒ ගැන නොසිතා අපිද,ගමේ මිතුරෝ සමග සෙල්ලම් කලෙමු....
එදින සවස් යාමයේ උනු දිය උල්පතකින් දිය නා ගැනීමට මා මිතුරා යෝජනා කරයි..ඒ යන අතර මගදී රණ්විරු මහා සෑය වදින්නටද අමතක නොකලෙමු...අනතුරුව උනු දිය උල්පතින් නා කියා ගෙන නැවතත් මිතුරාගේ නිවසට ලගා විය...

අද නම් විශේශ දිනයකි....අද සවස් යාමයේ මා මිතුරාගේ සහෝදර තුශාර සමග නිලාවෙලි මුහුදු තීරයේ සිරි අසිරිය විද ගන්නා දිනයයි......
තුශාරගේ කාරයේ නැගී අපි නිලාවේලිය බලා පිටත් උනෙමු....
යනමග අතර තුර ලංකාද්වීපයේ ප්‍රථම දාගැබ වන තිරියායේ ගිරිහඩු සෑ වන්දනාවේද යෙදීමට අමතක නොකලෙමු...
මා දැන් සිටින්නේ ලංකාවේ සුන්දරතම වෙරළ තීරය වන නිලාවේලියේය...මා දෑස් මගෙන්ම මොනවදෝ අසයි.. මා දකින්නේ මේ සිහිනයක් ද? නැත...මා දෑස් ඉදිරිපිට මේ මෙවෙන්නේ සත්‍ය දසුන්ය........මුහුදු වෙරලේ අසිරිය විදිමින් අපි සැතපුමක් පමන ඇවිද ගියෙමු....
මේ පාරාදීසයට සමුදීමට කාලය පැමිණ ඇත...
එතනින් නොනැවතුනු අපි මී ලගට පිය නැගුවේ කෝණේශ්වරම් කෝවිලටය....
දැන් රෑ බෝ වී ඇත...කෝණේශ්වරම් කෝවිලේ තවත් බලන්නටනම් දෙයක් නැත... සියල්ල අවසන්ය...........මුව පොව්වන් සමග සුහද කතාබහක නියෙලීමටද මා අමතක නොකලෙමු,.....
වේලාව රාත්‍රී 8.00 පමන වී ඇත...නැවතත් අපි පිය නැගුවේ ත්‍රිකුනාමලය මුහුදු තීරයටයි...පැය 2ක පමණ මතක ආවර්ජනය අප හට දැනුනේ විනාඩි 10 ක් තරම්ය...දැන් වේලාව රාත්‍රී 10 පමණ වී ඇත..
රාත්‍රී ආහාරයට සිත යොමු වූයේ එවිටය...මුලු නගරයම පීරුවේය..නමුත් දොර වසා නොමෙති හෝටලයක් සොයා ගැනීමට නොහැකි විය...
කෙලින්ම අපි පිය නැගුවේ ත්‍රිකුනාමලය හමුදා මුරපොලේ භෝජනාගාරය වෙතයි....එයින් හොද කොත්තුවක රස බලා, නැවතත් මිතුරාගේ නිවෙස කරා ගමන් ආරම්භ කලෙමු.......

හෙට දිනය ඇයි මේ තරම් ඉක්මනින් පැමිනියේ....නැවතත් කලුතර ගම් බිම් බලා පිටත් වන දිනය හෙටයි.....
පාන්දර 1 පමන වී ඇත...කඩිමුඩියේ සූදානම් වෙති, ඒ අලුයම 2 ට පැමිනෙන ත්‍රිකුණාමලය-කොළඹ බසයට ගොඩ වීමටය.....
වේලාව අලුයම 2ය. බසයට නැගි මාද(yktsandaruwan), ශානකද, චතුරද, ඉශාරද නැවතත් සුපුරුදු ගම් බිම් බලා පිටත් විය...
තවත් සොදුරු ඉමක අවසානය, . බසයේ ආසන අතරේ තනි වූ මා සිතින් හඩන්නට විය...........
එලෙස අවසන් වූයේ මා ජීවිතියේ ලද හොදම අත්දැකීමයි.........මිතුර ඉශාර ඔබට මගේ හද පිරි ස්තූතිය... ඒ කිසිවකට නොව මට ලබා දුන් නව ජීවිතයටයි.............

හොදනම් සැලකීම ඔබ සතුය...
http://www.elakiri.com/forum/showthread.php?t=1458759

අනික උබ මතුගම කොහෙද මමත් මතුගම