Trip to Padaviya ~ පදවියෙ ගිහින් ආවා

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Trip to Padaviya ~ පදවියෙ ගිහින් ආවා

    අප්‍රියෙල් 22 උදේ කෝල් එකක් ආවා, "මචං අද දවල් රැජිණ train එකේ පොඩි ගමනක් යනව උඹට එන්න පුලුවන්ද?" කියල. මම ඇහුව කොහෙද කියල. එතකොට ඌ කියනව, train එකේ අනුරාධපු‍රේට ගිහින් එතනින් බස් එකේ පදවියෙ යාලුවෙකු ගෙදර යනව කියල. මමත් ගෙදරනෙ හිටියෙ, මම හා කියල ගමනට සෙට් උනා.

    :cool::cool::cool:


    මමත් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන ගියා වේයන්ගොඩ ස්ටේෂන් එකට. යනකොට වෙලාව හවස 2.40යි. train එක 2.30 යාලුව බැන බැන ඉන්නවා ස්ටේෂන් එක ඉස්සරහ. මම දන්නවනෙ ශ්‍රී ලංකා දුම්රිය සේවය ගැන. අනික ඒ train එක එන්නෙ මාතර ඉඳන් හින්ද කොහොමත් පරක්කු වෙනවා. train එක ආවෙ හවස 3.00 ට. train එක පොල්ගහවෙලට යනකොට පටන් ගත්ත වැස්ස නැවතුනේ අනුරාධපු‍රේදි.

    5524c92a2b70cb9149a4fb6362bade472b2bc70c28c16654f4866c31301991a16g.jpg


    කොහෙමහරි රෑ 7 ට විතර train එක අනුරාධපු‍රේට ආවා. අපි යන ශ්‍රීපුර බස් එක තිබුනෙ 8.30ට. අපේ වෙලාව හොඳ හින්ද බස් එක ආවෙ රෑ 11.30ට. නියම ආතල් එක. මොනව කරන්නද රෑට කාලා පොඩඩක් අනුමත වෙලා බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. 11.30 ‍ට බස් එකට නැගල නිදාගත්ත හොඳට සෙනඟ හිටියෙ 10ක් විතර. බහිනකොට පාන්දර 2යි. බැහැල 1km විතර පයින් ගියා කැලෑ පාරක් දිගේ. ඊට පස්සෙ තමයි අපි නවතින ගෙදරට ආවෙ.

    :dull::dull:
    00020457.gif
    :dull::dull:

    අනුරාධපුරේ ඉඳන් අපි ආ ගමන් මාර්ගය
    (මැදවච්චිය, කැබිතිගොල්ලෑව හරහා පරාක්‍රමපුර දක්වා)


    untitled.jpg


    පහුවෙනිද උදේ තමයි පරිසරය කොහාමද කියල දැක්කෙ......

    88bf948e8c1f5c29edc8eeb52466abd3118dfa1a579de8240e7ae9087a417cbc6g.jpg


    මේ තියෙන්නෙ වැලිඔය කෑම්ප් එකට යන පාර. මේ පාරෙන් නිකවැව, ජනකපුර, මුලතිව් දක්වා යන්න පුලුවන්. කොළඹ -
    ජනකපුර / කොළඹ - මුලතිව් බස් මේ පාරෙන් යනවා

    a1e8c88512415a07833eda33adb36d144530b69f9b75ec1244624b46dec97d986g.jpg


    පොල් තල් දෙකම තියෙනව


    139095856eb05ea82c317f1abb7f7e039b645c5a5639ff28e80e4c578ae80b296g.jpg


    මේ වෙල් යාය‍ට එහායින් කැලෑව ඉස්සර කොටි අඩවියලු. දැන් නම් මිනිස්සු බය නැතුව හේන් වගා කරනව ඒ පැත්තෙ.


    85d434b33b88f2d86af1013382ad691587a3e5883959c1c7e5bedb28671ff7b96g.jpg


    මේ තමයි පදවිය වැව. තියෙන්නෙ පදවිය ටවුන් එක ළඟමයි.
    Irrigable Area (acs.) - 13,800.00

    Gross Capacity (ac-ft) - 85,000

    c51deae82e5ac50797da367f6f53d5764471133c1cfb2eea5e03c8643594ec826g.jpg



    සොරොව්ව ළඟ


    821e25cdffd54f942504b17322621de149fc2c7118fa983db9d0fefb1abe77bb6g.jpg


    f4cf4357a29ea6d00e5cae8b8bcea9248c1a57c0f6500d183ced4984d68c76c56g.jpg


    28bb1f899320336d886468eddb65b76160bc3cb393aedb585d9d1f45ca46dd626g.jpg


    සොරොව්වේ සිට වැවේ අසිරිය

    72cec876da598ddeed165fa14637bf4ed825d1e7b0954787263b0d52e4a88b936g.jpg



    පිටවාන

    a659ac3fcd29cb3a032a845040cb396a61bf9a4dede388c05ba55e54925d1f2c6g.jpg



    සොරොව්වේ අනෙක් පස

    6df6719fe0f312888b4ed46927dc025bb792d27b6ed22fc4b5bd4bc5ce4f51056g.jpg


    bfe921e429b76be794e01a970438ebde5c9738c5a7f6a00081bd95ecc9c69f726g.jpg


    bbba6bf26eb7aa2d3a7bbb0accbf22bd2e922ffbb3225d715491053f79b750226g.jpg


    e7f087ee6f00bfa69745752402856781d7a92df06734bd5447ee5d94a4d134476g.jpg


    bcfc569e4b5e492e784a4ff68dcd39536569ded1000cc87ebff3b877c52be4c86g.jpg



    එක් වරක් වැව් බැම්ම මෙම ස්ථානයෙන් කැඩී ගොස් ඇති බව අපට දැනගන්නට ලැබුනා. එම කැඩීයාමෙන් ඇතිවූ වල තමයි අදටත් මෙසේ ජලයෙන් පිරී පවතින්නෙ.

    7ddb23f59eaf72e205135660aa11ffd595380d72c533f0c311100d7c4c0348a26g.jpg



    වැව අසල කුඩා කඳු ගැටයක්. මෙහි හමුදා මුරපොලක් ඇත.

    a7f7ec35bb60828d95fb409fe51d26eed31bf7cad07727ac85087d48772bfb726g.jpg


    a820275f681fd79e6dd3cad4c56f813ecc962d24d03cb28f2d2588089b1298c46g.jpg



    පදවිය වැවෙන් හිරු සමුගන්නා තවත් දිනයක්

    8ac98f195c986f224482ca4adea8d5691942f7abc56becbf8589177f92480e006g.jpg


    b6598be319570fba09fdd2d8fe83ca83f87ab6a64fc637187cf6afa1ae4178a76g.jpg



    කොල නැති ගහ

    35a06f75d98f616bbe36bdad7bb2e0e79b5de5e398a3844ca682ded839b1a82b6g.jpg


    වැව ළඟ අපි රෑ වෙනකම් හිටියා. අපේ තනියට තව යාලුවෙකුත් හිටයා.

    00020285.gif


    පහුවෙනිද නැගිටින කොට නම් ටිකක් දවල් වෙලා. එහෙමම අපි ගෙදර එන්න ලෑස්ති උනා.

    එන අතරමඟදි


    5f65b3021c29a5ab18b183b6d521d2c26f423cf0e65e1e5e4bd3bc49345c5a926g.jpg




    කැබිතිගොල්ලෑව ඩිපෝව

    c4622f0ca93a68b55549446cb947350a9a652c423670882743032d4586c17a2d6g.jpg




    කැබිතිගොල්ලෑව පදවිය මාර්ගය


    c9ed44e2bdfdd31b264132a6cc9ba18bc9a0071c66c17053afe369be0a2b82e06g.jpg




    මේ තියෙන්නෙ නුවර වැව (බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ හින්ද පොඩි රවුමක් දාල එන්න ගියා)


    11bfb7ae82699ceeec8d6059540b961c3d398cbbc3d867df2e184f80bf49dd746g.jpg




    ඈතින් පෙනෙන කඳු ගැටයේ චෛත්‍යයක්!


    98dbccc6830254fc564291276a003e5a0365105daf1cccc6f4f41bd2768b67616g.jpg





    වෙලාව හවස 6 යි


    9c7260ad42ef16afdf85876bbd2e495acfad7494ed14422cd4860bcc729c15926g.jpg



    මේ නැගෙනහිර පැත්ත. ඒත් මෙච්චර එළියක්!

    90cf8f7dd5d3a80c1e28b5fff5929d36a16ae6dfb71c3e423876ce22bbf02db66g.jpg



    ඒ ආලෝකය මොකක්ද කියල ඔයගොල්ලොම හොයල බලන්නකෝ. අපේ ට්‍රිප් එක එතනින් ඉවරයි. කැම් එකේ බැට්රිත් ඉවරයි!
    :):):)


    රෑටත් කාලම බස් එකේ නැගල ගෙදර ආවා!




    Comments are accepted!



     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    lasa patta hode!
    11.gif

    ko umbalata wada ne hamadama
    api katha kalama! ;)
    6+


    හරි හරි ඊළඟ එකට සෙට් වෙමු එකෙන්ම!

    උඹ පදවියේ කොහෙටද ගියේ..? ශ්‍රීපුරද..?

    නෑ බං පරාක්‍රමපුර

    Pattta machan...Sirawatama elazzzz....!!!
    ;););)

    තෑන්ක්ස් මචං
    elane ban :yes::yes::yes::yes:

    එල...එල...

    good work.+6

    Thanks!

    නියම්යි මචන් :)
    පට්ටා පික්ස් ටිකක් නෙ තියෙන්නෙ:yes:
    ++ජයවේවා
    11.gif

    ජයවේවා!

    4to tikanam Ela ban :) Thannxxxxxx machoooo

    Thanks yaluwa!

    maxxa machan..........me inne ape thawath traveler kenek.........ela ela

    5+

    ela machan....thanks!

    Elakiri,,mahansi vela thiyenava,,Nice post

    Ow ban tikak mahansi una. Thanks !

    maxa machanz

    Elaaaz.....!