අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙක් මෙම ඡායාරූපයේ දැක්වෙන ස්ථානය ඕනෑතරම් දැක ඇති. නමුත් මීට දස වසරකට පෙර "Trolltunga” නම් මෙම අපූරු ස්ථානය ගැන දැන සිටියේ ප්‍රදේශවාසීන් පමණයි. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාලා හේතුවෙන් මෙම කඳු පියසට 2018 වසර වන විටදී හි ලක්ෂයකට අධික සංචාරක සංඛ්‍යාවකගේ ආකර්ශනය දිනාගන්නට හැකි වුණා. නෝර්වේ රටේ Hardangerfjord ප්‍රදේශයේ Ringedalsvatnet විලට මීටර් 700 ක් ඉහළින් තිරස් අතට විහිදෙන මෙම පාෂාණ ගැටිය මත ලබන්නට හැකි ත්‍රාසජනක අත්දැකීම විඳගැන්මට ලොව නන්දෙසින් බොහෝ පිරිසක් මෙහි පැමිණෙනවා.
නෝර්වීජියානු ජෑස් මෙටල් බෑන්ඩ් එකක් වන Shining සංගීත කණ්ඩායම විසින් මෙම ස්ථානයෙහි ප්‍රසංගයක් පවා පවත්වා තිබෙනවා. එහි ඡායාරූපයක් පහතින් දකින්නට හැකියි. කණ්ඩායමේ සියල්ලන්ම පාහේ උස් ස්ථාන කෙරෙහි බියක් ඇති අයවලුන් වුවත් තම ප්‍රසංග දිවියේදී ලද විස්මජනකම අත්දැකීම මෙය බවත් ඔවුන් පවසා සිටිනවා.
Trolltunga ගැටිය මත අන්තරායකාරී stunt ක්‍රියාකාරකම් වල නියැලෙන බොහෝ ඡායාරූප දකින්නට ලැබෙනවා. මේවා සැබෑම ඡායාරූප ද ග්‍රැෆික් නිර්මාණ ද යන්න පිළිබඳව සැකයක් මතුවන නමුත්, පිළිවෙලින් නෝර්වේහි ශූර කඳු නගින්නෙකු වන Magnus Midtbø, නෝර්වීජියානු extreme stunt artist කෙනෙක් වන Eskil Rønningsbakken සහ බ්‍රිතාන්‍ය Ninja Warrior වැඩසටහනේ ජනප්‍රිය තරඟකරුවෙක් වගේම දක්ෂතම Parkover stunt ශිල්පියෙක් වන Toby Seager විසින් Trolltunga ගැටිය මත සිදුකරනු ලැබූ වික්‍රමයන් තුනක ඡායා රූ පහතින් දකින්නට පුලුවන්.
කෙටිම කාලයකින් ජනප්‍රිය තළයට පත්වන්නට හැකිවූ නෝර්වේ හි බොහෝ අප්‍රකට ස්ථාන අතුරින් Trolltunga පාෂාණ ගැටිය ප්රමුඛස්ථානයක තිබෙනවා.
-ලක්ෂ්මන් අරංවල

up