කලින් ත්‍රෙඩ් කියෙව්වා නම් උඹට ඕවා අහන්න වුවමනා වෙයි කියලා හිතන්න බෑ, නමුත් උදව්වක් වශයෙන් කියන්නම්.
ගොඩක් අය කැපෙනවා ටෙස්ට් එකෙන්. බැච් එකකට තෝරගන්නේ 400ක් වගේ ගානක්. ඉන්ටර්වීව් නම් 1000ක් වගේ ගෙන්නනවා වෙන්න ඕනේ. නමුත් ටෙස්ට් එක ලියන්න කොච්චර එනවාද කියලා උඹ ටෙස්ට් එක ලිව්වා නම් දකින්න ඇතිනේ.
NDT ,NDES, HNDE කියන්නේ ඉංජිනේරු ශේත්රයේ දැනට ලංකාවේ තියෙන උසස්ම ඩිප්ලෝමා 3. ඔය 3ම ඩිප්ලෝමා වුනාට එකිනෙකට වෙනස්. NDT අවුරුදු 3යි, HNDE අවුරුදු 3.5, NDES අවුරුදු 4යි. ඔය තුන දෙන්නේ ආයතන 3කින් නිසා කොහොමත් පිලිගැනිම අතින් NDT ඉස්සරහින් ඉන්නවා. NDT දෙන්නේ University of Moratuwa නිසා. ෆීල්ඩ් එකේදි නම් ඕවා අදාල නෑ වැඩ්ඩා තමා ඉස්සරහට යන්නේනමුත් ඉතින් ඉන්ටර්වීව් එකකදි වගේ පොඩ්ඩක් වාසියි
![]()
ඔය 3ම එකිනෙකට වෙනස් විධියකට යන්නේ. NDES වල Industrial Training වැඩියි. ඇකඩමික් මැද්දේ ට්‍රේනින් වලට දානවා. ඒ නිසා එලියට යද්දි ගොඩක් Experience එක ඇතුව තමා යන්නේ. ඒක ලොකු වාසියක්. නමුත් අවුරුදු 4ක් යනවා. NDT අවුරුදු 3යි ට්‍රේනින් අන්තිමට තියෙන්නේ. HNDEත් එහෙමයි. පිළිගැනීම ගැන බලන්න ඉතින් උඹ පොඩ්ඩක් පත්තර වල වේකන්සි බලපන් එතකොට තේරෙයි මොකේටද පිළිගැනීම තියෙන්නේ කියලා. ඒ ගමන්ම බලපන් ඒ කියෙන් කියකට Private ඒවාගේ HND සුදුසුකම් විදියට දාලා තියෙනවාද කියලා. මම නම් කියන්නේ Private නොකර ඔය 3න් එකක් කරපන් සෑහෙන්න තැනකට යන්න පුලුවන්(ප්‍රයිවට් ඒවා හෑල්ලු කරනවා නෙමෙයි. සාපේක්ෂව කිව්වේ)
Open university Diploma eka equal wenawa NDT ekat.. eeta passe degreeta yanna lesi NDT, HNDE, NDES walata wada..

