පිටින් බැලුවම උඹට පෙන්නේ උන් පැය 6යිනේ වැඩ කරන්නේ කියලා , පහල දාලා තියෙන වැඩටික කරාම උන්ට නිවාඩුවක් නෑ වගේ
ගොඩක් අයට ළමයින්ට තේරෙන විදියට විෂය උගන්වන්න තරම් ධක්ෂ කමක් නැති එක වෙනම කතාවක් , හැබැයි එහෙම කියලා ගුරුවරු කරන වැඩ ටික හෑල්ලු කරන්න බෑ
ගුරුවරු මේවා නොකළා නම් පාසල් වැහිලා ගොඩාක් කල්..
නොදන්නා කරුණ නම් ගුරු-විදුහල්පතිවරුන් විසින් ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලිය පමණක් කරමින් අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් අකුරට වැඩ සිදු කරන්නට යෙදුනේ නම් මේ රටේ පාසල් සියල්ලම වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් ඇතුලු දේශපාලකයින්ට සිදු වෙනු නොඅනුමානය.
එනම් ගුරු-විදුහල්පතිවරුන් විසින් පාසලේ ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලියට පරිබාහිරව සිදු කරනු ලබන පහත සදහන් කාර්යයන් සදහා වෙන වෙනම සේවකයින් බදවා ගන්නේ නම් මේ රටේ අධ්‍යාපන වියදම කෙතරම් වෙනු ඇත්දැයි ඔබම ගණනය කර බලන්න.
1. වාර සහ දින සටහන් ලිවිම
2. දරුවන්ගේ විනය
3. ශිෂ්‍ය මාර්ගෝපදේශන
4. වෘත්තීය මාර්ගෝපදේශන
5. තත්ව කව
6. අධ්‍යාපන චාරිකා
7. ක්ෂේත්‍ර චාරිකා
8. ඩෙංගු මර්ධන වැඩ සටහන්
9. මද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්
10. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන පැල බෙදීම
11. පොල් සංවර්ධන මණ්ඩලයෙන් දෙන පොල් පැල බෙදීම.
12. ඒ සදහා ළමුන්ට දෙන සටහන් පොත් පරික්ෂා කිරීම
13. සෞක්‍ය සායන
14. යකඩ හා විටමින් පෙති බෙදීම.
15. පෝෂණ වැඩසටහන
16. වාර විභාග
17. විභාග ලකුණු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම
18. එක් එක් විෂය අධ්‍යක්ෂකවරුන්ට ලකුණු ලබා දීම.
19. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම
20. විභාග අයඳුම් කිරිම. (එයද Online කරන්නේ බොහෝ පාසල්වල ගුරුවරුන්ගේ පුද්ගලික වියදමින්)
21. ළමුන් තරඟ සදහා සුදානම් කිරීම
22. ළමුන් තරඟ සදහා එක්ක යෑම.
23. අසනීප දරුවන්ට ප්‍රතමාදාර ලබා දීම
24. දරුවන් රෝහලට හෝ ගෙදර එක්ක යෑම.
25. ගේට්ටු රැකීම, උෂ්ණත්ව පරික්ෂා කිරීම
26. මලල ක්‍රීඩා තරඟ සංවිධානය
27. පෙළපොත් ඉල්ලුම් කිරීම
28. පෙළපොත් ගෙනවිත් බෙදා දීම
29. නිල ඇඳුම් ඉල්ලුම් කිරීම
30. නිල ඇඳුම් ගෙනවිත් බෙදා හැරීම.
31.භාණ්ඩ සමීක්ෂණ
32.ප්‍රමිති
33.පාසල් ගිණුම් කටයුතු
34.බැංකු සමග කටයුතු
35.පා. සාං.සමිතිය
36.දින සැමරුම්
37.පාසල් දානය පිංකම්
38.ගං වතුර ආධාර
39.භෞතික අවශ්‍ය සම්පත් හොයා ගැනීම්
40.ලෙඩ දරුවන්
41.පුද්ගලික දුරකථනයෙන් 42.දෙමාපියන් දැනුවත් කිරීම
43.ක්‍රීඩා
44.සැසි
45.තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තා ලිවීම
46.ප්‍රසම්පාදන කමිටු වාර්තා ලිවීම
47.ප්‍රශ්න පත්‍ර ඇගයීම
48.SBA සම්බන්ධ රාජකාරී
49.සනීපාරක්ෂක කටයුතු
50.බෙහෙත් පෙති බෙදීම
51.එන්නත
මේ පහල තියෙන්නේ ගුරුවරුන්ට දැනට දවස් කිහිපයට කලින් කරන්න කියලා ආපු තොරතුරු එකතුකිරීමක් , මේවා කරනකොට උන්ට උගන්වන්න වෙලාවක් නෑ , මේ වගේ වැඩ මාසෙකට එන ගාන හොයලා බැලුවොත් උඹලට හිතෙයි උන් මේවගේ වැඩ කරාම උගන්වන්න වෙලාවක් තියෙනවද කියලා
ගමක ඉන්න ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, අස්වැසුම දෙන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, පොලිස් නිලධාරී, යන පස් දෙනෙක් ග්‍රාම නිලධාරී වසමක ඉන්නවානේ. ළමයි එන්නේ කුමන හෝ වසමක ඉදලනේ. ගුරුවරුන්ටත් වඩා හොඳට ඒ ගැන හොයල බලන්න පුලුවන් . හැබැයි ඒ අයට කිවුවොත් ඕවා හොයන්න කියලා උන් අමතර ගෙවීමක් ඉල්ලනවා ඉතින් කිසිම අවුලක් නැතිව ගුරුවරුන්ට කියනවා ඔය තොරතුරු එකතු කරන්න කියලා
ඊටපස්සේ ගුරුවරුන්ට බනිනවා උගන්වන්නේ නෑ කියලා