TV Series වල පට්ට චරිත - 2 දෙක

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Rustin Cohle

    220px-Rustin_Cohle.jpg
    mcconaughey-true-detective.jpg
    5e85b8dda662e28bfcfef93265d64265.jpg


    True Detective ෆෑන්ස්ලට නම් Rustin Cohle කියන්නේ තනිකරම masterpiece එකක්.ගොඩක් අය Season 03 ක් විදිහට ආපු True Detective සීරිස් එක Season One එකෙන් පස්සේ නතර කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ රස්ට්.රස්ට් කියන චරිතයේ තියෙන දාර්ශනික බව.අපරාධ පරීක්ෂනයේදී භාවිතාකරන ක්‍රම,ඒවට අර්තකතන සපයන විදිහ,සීරිස් එක පුරාවටම බලන අයගේ කුතුහලේ ඇවිස්සෙන විදිහට කරන අමුතු හැසිරීම.මේ හැම එකක්ම True Detective Season One එකේ නොමද සාර්තකත්වයට ඉවහල් උනා. රස්ට් ට තියෙන විශේෂ ම හැකියාව තමයි විස්මිත ඇස් අලවන සුලූ ආකාරයෙන් කතා කියන්න දක්වන හැකියාව.සමහර වෙලාවට කතා ගොතනව වගේම තවත් වෙලාවකදී ඒ ගොතපු කතාවෙම සාක්කිකාරයෙක් වෙන හැටි නම් බලන්නම වටින වැඩක්.

    මේ චරිතයක් නිරූපනය කරන්නේ නිකන්ම කෙනෙක් නෙමෙයි.ඔස්කාර් සම්මානලාභී නලුවෙක් වෙච්ච Matthew McConaughey. Dallas Buyers Club, Gold, Free State of Jones, Wolf of Wall Street, Interstellar වගේ එයා රගපාපු ෆිල්ම්ස් තව ගොඩක් තියෙනව.

    කතාවේ විදිහට Martin Hart කියන ලුසියානා ප්‍රාන්ත පොලීසියේ පරීක්ශකවරයට ටෙක්සාස් වල මත්ද්‍රව්ය නිවාරන ඒකයට අනුයුක්තව කාලයක් සේවය කරපු නිලධාරියෙක්ව සහයකය විදිහට ලැබෙනව.ඒ තමයි රස්ටින් කෝල්.රස්ට් ඇලස්කාවල ඉපදිලා පස්සේ කාලෙකදී ටෙක්සාස් පොලීසියේ මත්ද්‍රව්‍ය ඒකකයට වැඩ කරනව.ඒ වෙනකොට එයා විවාහක එක්දරු පියෙක්.ඒත් එයාගේ දුව හදිසි අනතුරක් නිසා අනපේක්ශිත විදිහට පොඩි වයසදිම මියයාම නිසා එයගේ විවාහය වැඩිකල් තියෙන්නේ නෑ.පස්සේ ඇතිවන කම්පනය නිසා ප්‍රතිකාර ලබලා තමයි ලුසියානා වලට එන්නේ.කතාවේ මුලදී මාටි කියන විදිහට මෙයගේ දකින්න තියෙන විශේෂ ම දේ තමයි අනික් පරීක්ශකයෝ පරීක්ශන ගැන සටහන කරන්න පොඩි නෝට් බුක් එකක් පාවිච්චි කරද්දී රස්ට් ඒකට ලොකු journal එකක් පවිච්චි කිරීම.ඒකේ හැම දෙයක්ම සවිස්තරාත්මකව රූපසටහන් එක්ක පැහැදිලිව මතක හිටින විදිහට තව කෙනෙක්ට බලල තේරුම් ගන්න පුලුවන් විදිහට හැම විස්තරයක්ම එයා ලස්සනට ගොනු කරනව.

    1994 අවුරුද්දෙදී ලුසියානා ප්‍රාන්ත පොලීසියට අමුතුම ජාතියේ දාම ඝාතකයෙක් ගැන පරීක්ශනයක් භාර වෙනව.මේක විමර්ශනයට භාර වෙන්න මාටින් සහ රස්ට් ට. ෂර්ලොක් හෝම්ස් කතාව බලපු කෙනෙක් නම් දන්නව කොහොමද හෝම්ස් අපරාධයක් ගැන පරීක්ශන පවත්වද්දී ඒක කරන්නේ කියල.තමන්ගේ ජීවිතය පවා කැප කරල.රස්ට් මේ එයා කරන පරීක්ශනයට අවුරුදු පහලවක් විස්සක් තමන්ගේ රසසාව පවා කැප කරල මහන්සි වෙන්නේ දැඩි කැපවීමකින්.

    මුල ඉදලම මාටි ට එයාගේ මේ සහයකයගේ අමුතු ගති තේරුම් ගන්න අපහසු වෙනව.මොකද මාටි කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්.විවාහකයි.ළමයි ඉන්නව.හොද වයිෆ් කෙනෙක් ඉන්නව.ඒ වගේම පොඩ්ඩක් කොටුත් පයිනව.හොදට බොනව.එත් රස්ට් ගොඩක් දුරට මේ දේවල් වලින් ඇත් වෙලා බියර් එකක් සිගරට් එකක් වගේ ගහ ගෙන තමන්ගේ හැම දෙයක්ම පැත්තක තියල අපරාධ පරීක්ශනයට මුල් තැනක් දෙන නිසා මාටි වගේ ලයිෆ් එකක් තීන කෙනෙක්ට රස්ට් ප්‍රෙහෙලිකාවක් වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.කොහොමත් බැදපු අයයි තනිකඩයොයි එකට රස්සා කරන තැන් වලදී ඔය වගේ ප්‍රශ්න කියන ඒවා ඇතිවන එක සාමාන්‍ය තත්වයක්.

    රස්ට් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු කෙනෙක් නිසා ඔනෙම දේකට ඔට්ටු කෙනෙක්.ඒ වගේම ගොඩක් දරුනු ඩ්‍රග් ඩීලර්ස් ල එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක බොහෝම හොදට දන්න කෙනෙක්.කතාවේ සමහර තැන් වලදී කොකේන් වලින් නොනැවතී කුඩුත් ගහන අවස්තා තියෙනව.මේ හැම දෙයක්ම කැප කරන්නේ තමන් කරන අපරාධ පරීක්ශනයේ සැබෑ වැරදිකරුවන් කියන අය හොයා ගන්න.සමාජ විද්‍යාවේදී මේ වගේ අයට සහභාගීත්ව නිරීක්ශකයෝ කියලත් කියනව.

    ZKqS.gif


    VWJBvPs4Q7RVYyTjfo3x3GzHSJvbS574gA62iv5h-5bwPRKR2rjUmV5Xd0ETz6iOC2HFCO-tbT4Q2tuWxdAUyWVjIkxh-_j-Lf1PIcqZqgrIdF9eEEsi8sbjRidi4nbldw8z4OwyqDL9jCtH2hejcFPX


    true-detective-flat-circle.png


    e63d24ab7f1f433bad72fc1a6bfe3e2f--true-detective-hbo-detective-series.jpg


    LgUu.gif


    ustv_true-detective2.jpg


    true-detective-2-480x360.jpg


    142880-144214.jpg


    140221-romano-detective-tease_d5fqob


    true-detective-hbo-4260147085-1585667145335.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    season 01 බලලා නැවැත්තුවා woody මුයි අයින් උන හින්දා.season 02 අවුල්. දැන් season 03 බලන්න ඕනි season 03 ඉන්න එකත් ෆට්ටලු
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    season 01 බලලා නැවැත්තුවා woody මුයි අයින් උන හින්දා.season 02 අවුල්. දැන් season 03 බලන්න ඕනි season 03 ඉන්න එකත් ෆට්ටලු
    ow 3 eka nan hodai.....
    02 nan mata set un na bn