TV Tuner Box ? Combo Box ?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේකට මම පොඩි විසඳුමක් දැනට දැම්ම. මට වගේ වැඩක් තව කාට උනොත් ඒ වෙලාවට හරි වැදගත් වේවි කියල හිතන නිසා දාන්න හිතව.

    මම කිව්වනෙ TV එකේ VGA Port එක වැඩ නෑ කියල. TV combo box වල එන්නෙ VGA Out එකක් විතරයි. එතකොට HDMI වලට convert කරල වැඩක් නැහැ video signal එක PAL system නිසා original aspect ratio එක 4:3 තමයි HDMI එකකට දුන්නත් එන්නෙ. ඉතිං VGA to HDMI convert කලාට තේරුමක් නැහැ.

    මගෙ TV එකේ VGA Port එක වැඩ නොකලට... අනිත් input ඔක්කොම වැඩ. මම මෙන්න මේ converter එක දැම්ම. VGA to AV කියන එක.

    vga-to-av-500x500.jpg


    මේක හරහා Audio/Video ගන්න පුළුවන්. මේක හැබැයි හරියටම හරි විසඳුමක් නෙමෙයි. එකම ගැටළුවයි තියෙන්නෙ... Video එක හතරවටෙන්ම යම් ප්‍රමාණයක් Crop වෙලා (කැපිල) තමයි එන්නෙ. Picture quality එක SD වගේ තමයි. ඒත් ‍ඒක ලොකු අවුලත් නෑ ටිකක් ඈතට වෙලා බලද්දි. හැබැයි Full Screen display එනව. News එහෙම යද්දි පල්ලෙහාම යන අර newsline එක කැපිල ගිහිං තියෙනව බාගයක් වගේ. ඒක හදන්න ක්‍රමයක් combo box ‍එකේවත් TV එකේවත් නැහැ. ඉතිං දැන් තත්වෙ හැටියට ඒ මදැයි කියල හිතල දැනට මම මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්න අරන් තියෙන්නෙ.