U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)

    රතින්යා පත්තු කරලා පාපතරයෙක්ගේ මහජන විරෝධී අගමැතිපත්වීම සමරපු U.N.P කාරයෝ මේවට වගකියපිය :angry::angry::angry:

    1)‘වහාම අස් වෙනවා..’ ලේක්හවුස් නව සභාපති කියාගෙන ආ පුද්ගලයෙකු දිනමිණ කර්තෘට තර්ජනය කරයි.. ඩේලි නිව්ස්, සිළුමිණ කර්තෘට අස්වන්නැයි තර්ජන කරයි..

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් ඇමැති මණ්ඩලය ඊයේ උදෑසන දිවුරුම් දීමෙන් පසුව ලේක්හවුස් ආයතනයට නව සභාපතිවරයා තමා යැයි කියා ගනිමින් පැමිණි පුද්ගලයෙකු විසින් දිනමිණ ප්‍රධාන කර්තෘවරයාට වහාම ඉවත් වන ලෙස තර්ජයන කර ඇති බව වාර්තා වෙයි. මෙලෙස දිනමිණ කර්තෘ සි.ජේ අමරතුංග මහතාට නව සභාපතිවරයා යැයි කියන තර්ජනය කර ඇත්තේ දිනමිණ කර්තෘ මාණ්ඩලිකයන් ඉදිරියේ කර්තෘවරයාගේ නිල කාමරයේදීය.

    “තමුසේ මොකටද ඔය කර්තෘකම බාර ගත්තේ. වහාම අයින් වෙලා පුෂ්පා රොවෙල්ට ඔය පුටුව දෙනවා“ යැයි කියමින් අඩි පොළවේ ගසමින් දිනමිණ කර්තෘවරයාට තර්ජනය කර තිබේ. පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා වන විට දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ලේක්හවුස් ආයතනයේ විශ්‍රාම යාමෙන් අනතුරුව වසර 15 පමණ සේවා දිගුවක් ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දීනී පුෂ්පා රොවෙල් මහත්මියයි. ඇය වයස අවුරුදු 70 පමණ වන මාධ්‍යවේදිනියකි. ඇය දිනමිණ කර්තෘ ලෙස පත් කෙරුණේ යහපාලන රජය 2015 ජනවාරි මාසයේ බලයට පත් වීමෙන් අනතුරුව එ.ජා.ප යේ ඉල්ලීම පරිදිය . 2015 ජනවාරි 08 වැනිදාට පසු ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණි දිනමිණ නව කර්තෘ සි.ජේ අමරතුංග මහතා ලේක්හවුස් අයතනයට බඳවා ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයකු ලෙසය. ඔහු ලේක්හවුස් ආයතනයට බඳවා ගෙන තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදිය.

    කෙසේ වෙතත් ලේක්හවුස් සභාපතිවරයා ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදාට පසුව පත් වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු වු වසන්ත ප්‍රිය රාමනායක මහතා විසින් පසුගිය නොවැම්බර් 30 වැනිදා සී.ජේ අමරතුංග මහතා දිනමිණ නව කර්තෘවරයා ලෙස පත් කරන ලදී. මෙවැනි වාතාවරණයකදී එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයකු වන දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට අගමැතිවරයා විසින් පත් කරන ලද නව සභාපති යැයි කියන පුද්ගලයෙකු විසින් තර්ජනය කිරීම පිළිබඳව ලේක්හවුස් මාධ්‍යවේදීහු විමතිය පළ කරති.

    ඊයේ පෙ.ව 11.00 පමණ ලේක්හවුස් ආයතනයට නව සභාපතිවරයා යැයි කියා ගන්නා පුද්ගලයෙකු පැමිණෙන තෙක් පැයක පමණ කාලයක් ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැදී සිටියහ. මල්මාලා අතැතිව රැදී සිටි එ.ජා.ප සාමාජිකයන් පිරිස නව සභාපතිවරයා පැමිණීමෙන් අනතුරුව රතිඤ්ඤා දල්වමින් ප්‍රිති ඝෝෂා නැගූහ. බැලු බැල්මට නව සභාපතිවරයාගේ පැමිණීම පෙර සැලසුමක් අනුව සිදු වුවකි. කෙසේ වෙතත් නව සභාපතිවරයා ලේක්හවුස් ආයතනයට පැමිණියේ පත්වීමේ ලිපියක් හෝ නොමැතිවය.

    නව සභාපතිවරයා යැයි කියන පුද්ගලය ලේක්හුවස් ආයතනයට පැමිණීමෙන් අනතුරුව පිළිගැනීමේ කෙටි උත්සවයෙන් පසුව කෙලින්ම ගියේ ලේක්හවුස් සභාපතිවරයාගේ නිල කාමරයටය. එම කාමරයේ විනාඩි දෙකක් පමණ රැදී සිටි සභාපතිවරයා ඉන් පසුව ගියේ එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ කාර්යාලයටය. එම කාර්යාලයේදී සභාපතිවරයා විසින් එ.ජා.ප සාමාජිකයන් වෙත පොරොන්දු රැසක් ලබා දෙන ලදී. එනම් සේවා උසස්වීම් සහ වැටුප් වැඩි කිරීම් එ.ජා.ප සාමාජිකයන්ට ලබා දෙන බවටය.

    ඉන් පසුව සභාපති කෙලින්ම ගියේ දිනමිණ කර්තෘවරයාගේ කාමරයටය. දිනමිණ කර්තෘවරයාගේ කාමරයට ගිය සභාපතිවරයා දිනමිණ කර්තෘ සි.ජේ අමරතුංගට ද්වේශයෙන් යුතුව බැණ වදුණේ ඉන් අනතුරුවය. “ තමුසේ මොකටද කර්තෘකම බාර ගත්තේ. වහාම අයින් වෙලා පුටුව පුෂ්පාට දෙනවා.“ සභාපතිවරයා වෙව්ලමින් දිනමිණ කර්තෘවරයාට බැණ තර්ජනය කළේය. ඉන් පසුව නව සභාපතිවරයා ගියේ දිනමිණ කර්තෘමණ්ඩලයටය. “ මෙතන පහුගිය දවස්වල දර්ශන දාපු කීප දෙනෙක් ඉන්නවා. පරිස්සම් වෙලා ඉන්නවා. ප්‍රමෝෂන් ගත්ත හැම එකාම අයින් කරනවා.“ සභාපතිවරයා දිනමිණ කර්තෘමාණ්ඩලිකයන්ට තර්ජනය කළේ එලෙසය. සභාපතිවරයා පවසන පරිදි සේවා අවශ්‍යතා මත දිනමිණ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ලෙස ධනුෂ්ක ගොඩකුඹුර, සම කර්තෘ රත්නසිරි පතිරණ , නියෝජ්‍ය විශේෂාංග කර්තෘ දුමින්ද අලුත්ගෙදර , නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ඉරෝෂනී දීපිකා යන මාධ්‍යවේදීන්ට උසස්වීම් ලබා දී තිබුණේ කිසිදු පක්ෂ භේදයකින් තොරවය. සභාපතිවරයා දිනමිණ කාර්තෘමාණ්ඩලිකයන්ට බැණ වැදී තිබුණේ වෙව්ලමින් දැඩි කේන්තියෙනි.

    ඒ සමගම ඩේලිනිවුස් කර්තෘමණ්ඩලයට ගිය නව සභාපතිවරයා කියා තිබුණේ අද ඉදලා කර්තෘ ලලිත් අලහකෝන් එයා එක්ක වැඩ කරනවා. අනිත් එවුන් හැමෝම “ගෙටවුට් “කියාය. සභාපතිවරයා ගෙටවුට් යැයි කියා තිබුණේ ඩේලිනිවුස් ප්‍රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ අසළට ගොස්ය. ඉන් අනතුරුව සභාපතිවරයා සිළුමිණ පුවත්පතේ කර්තෘවරයාගේ නිල කාමරයට ගොස් කර්තෘවරයාට පවසා තිබුණේ වහාම සිළුමිණ කර්තෘ ධුයෙන් ඉවත් වන ලෙසය.

    මේ අතරතුර සේවා අවශ්‍යතා මත ලේක්හවුස් ආයතනයේ සේවකයන් 19 දෙනකුට පමණ ලබා දී තිබු උසස්වීම් වහාම අවලංගු කිරීමට නව සභාපති විසින් ආයතනයේ මානව සම්පත් අංශයට නියෝග කොට තිබේ. මේ අතරතුර අදාළ උසස්වීම් ලැබු සේවකයන් වෙතින් පළිගැනීම් කිරීමට ලේක්හවුස් සභාපතිවරයා සුදානම් වන බවද වාර්තා වෙයි. මේ වන තෙක් ලේක්හවුස් ආයතනයට නිල වශයෙන් කිසිදු සභාපතිවරයකු පත් කර නොමැති බවත් ලේක්හවුස් ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයන් යටතේ ගැසට් කිරීමට නියමිත බවද වාර්තා වෙයි
    .

    lankacnews
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2) සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

    එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ජනවාරි මස පලවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවට වැරදි කාරයෝ වෙන කවුරුත් නෙමයි.සිරා සහ මරා..යහපාලානේ එපා වෙලා හිටපු මිනිස්සු ආණ්ඩුව වෙනස් වුනා කිව්වා ගමන් ආතල් එකට පිස්සු නැටුවා..අන්තිමට නටපු නැටමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ.සිරාට සහ මරාට ඔයතරම් දේශපාලන අත්දැකීම් තිබිලත් තේරුම් ගන්න බැරිද තමන් කරන්නේ මොනවාද එහෙම කරොත් සිද්ධවෙන්නේ මේ දේ කියලා.නිකන් මිනිස්සුන්ව චූන් කරපු එක විතරයි වුනේ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    3) මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක්.:angry:


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ එ.ජා.ප හිතවාදීන් සහ නව සභාපතිවරුන් විසින් භීෂණයක් මුදා හරිමින් කර්තෘවරුන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇති බැවින් වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස “සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති සහ සම කැඳවුම්කරු මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය.
    2018/12/20.
    කොළඹදීය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය ,
    කොළඹ.

    අතිගරු ජනාධිපතිතුමනි.

    “ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් රැසක් – රාජ්‍ය මාධ්‍ය ආයතන වහාම පවරා ගන්න “-

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි කියන ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා විසින් ඊයේ දිනයේ 2018/12/20 දින දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට බැණ තර්ජනය කර ඇති බවට අප වෙත පැමිණිලි ලැබී තිබේ.

    “ තමුසේ වහාම ඔය තනතුරින් ඉවත් වෙනවා.“ යැයි කියමින් ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා දිනමිණ කර්තෘවරයාට දිනමිණ කර්තෘමාණ්ඩලිකයන් ඉදිරියේ බැණ තර්ජනය කර තිබේ. අදාළ කර්තෘවරයා කුමන දේශපාලන මතයක් දැරූවද ,කුමන පක්ෂයකට අයත් වුවද නව ලේක්හවුස් සභාපතිවරයා කර්තෘවරයකුට බැණ තර්ජනය කිරීම අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    මාධ්‍ය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නිරතුරු උදම් අනමින් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාත් නව ලේක්හවුස් සභාපතිවරයාගේ පිළිකුල්සහගත ක්‍රියාව අනුමත කරන්නේදැයි අප ප්‍රශ්න කර සිටිමු. එපමණක් නොව නව සභාපතිවරයා විසින් ඩේලිනිව්ස් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ මහතාට සහ සිළුමිණ කර්තෘ සුනිල් ජයසේකර මහතාටද වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස තර්ජනය කර ඇතැයි අප වෙත පැමිණිලි ලැබී තිබේ.

    එමෙන්ම නව සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් ලේක්හවුස් ආයතනයේ තවත් සේවකයන් සහ මාධ්‍යවේදීන් කීප දෙනකු වෙතින් පළිගැනීමේ චේතනාවෙන් යුතුව කටයුතු කිරීමේ සුදානමක් ඇතැයිද තොරතුරු වාර්තා වෙයි. 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කළද එය පුස්සක් බව දිනමිණ කර්තෘවරයට , සිළුමිණ කර්තෘවරයාට සහ ඩේලිනිව්ස් ප්‍රවෘත්ති කර්තෘවරයාට ලේක්හවුස් නව සභාපතිවරයා තර්ජනය කිරීමේ සිදු වීමෙන් ගම්‍ය වේ.

    ලේක්හවුස් සභාපතිවරයාගේ ද්වේශසහගත පළිගැනීමේ චේතනාවෙන් යුතු මේම ක්‍රියාකලාපය අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කරනු ලබන සභාපතිවරුන් වෙතින්ද ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බවට අප වෙත සැකයක් උපදී.

    එබැවින් විශේෂයෙන් “ලේක්හවුස් ආයතනයද ඇතුළුව රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක්“ හෝ ඔබතුමාගේ විෂය පථය යටතට පවරා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

    ස්තුතියි.
    මෙයට,
    මාධ්‍යවේදී චන්දන බණ්ඩාර.
    ( සභාපති සහ සම කැදවුම්කරු – සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය):angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවට වැරදි කාරයෝ වෙන කවුරුත් නෙමයි.සිරා සහ මරා..යහපාලානේ එපා වෙලා හිටපු මිනිස්සු ආණ්ඩුව වෙනස් වුනා කිව්වා ගමන් ආතල් එකට පිස්සු නැටුවා..අන්තිමට නටපු නැටමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ.සිරාට සහ මරාට ඔයතරම් දේශපාලන අත්දැකීම් තිබිලත් තේරුම් ගන්න බැරිද තමන් කරන්නේ මොනවාද එහෙම කරොත් සිද්ධවෙන්නේ මේ දේ කියලා.නිකන් මිනිස්සුන්ව චූන් කරපු එක විතරයි වුනේ..

    බයියෝ නේ..:lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    4) රෝසි බුකියම හිනස්සයි..:angry:

    කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරි වසර සදහා වූ නගර සභා අයවැය ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාලයන්හි දැඩි ලෙස උපහාසයට ලක් වෙමින් ඇත.

    මිලියන බිලියන ගණන් කියවිමේදී ඇය දැඩි අසීරුවෙන් එය සිදු කරනු වීඩියෝවේ දැක්වෙයි.




    කවුද මේවට වගකියන්නේ ?:angry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    5) ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..: ජනාධිපතිගේ ආරක්‍ෂාවට කොමාන්ඩෝ සෙබළුන්..

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් යෙදවිය යුතුයැයි යෝජනා කර තිබේ.

    ඊට හේතු වන්නේල පොලිසියේ සමහර ඉහළ නිලධාරීන්ගේද සහයෝගය සහිතව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය දියත්ව ඇත්තේ යයි චෝදනා එල්ල වීමත් ඒ සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීමත්ය.

    ඒ අනුව එවන් වාතාවරණයකට මුහුණ දීමට සදහා ප‍්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂීම පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබලුන් යෙදවීමට යෝජනා වී ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවකට යුද සමයේදීත් ආරක්ෂාව සැපයූයේ කමාන්ඩෝ සෙබළුන්ගෙන් සමන්විත වෙනම ජනාධිපති ආරක්ෂක අංශයකිනි.

    හමුදා මූලස්ථානය තුළ පවා මරාගෙන මැරෙන බෝම්බ පුරුරද්දී ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොකර ‍රැක ගැනීමට කමාන්ඩෝ සෙබළුන්ට හැකි විය.

    ලෝක නායකයෙක් වන පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එතුමන්ට ආරක්ෂාව සැපයූයේත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ එහි නිලධාරීන් විසිනි.
    :angry:

    කවුද මේවට වගකියන්නේ ?:angry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    6) ඉන්ධන මිල සූත්‍රය දරුණු ලෙස විකෘති කර ජනතාව මුලා කරලා.. විය යුතු මිල ගණන් මෙන්න.

    සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

    අතිගරු ජනාධිපතිතුමනි,
    ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම

    2018 මැයි මස 10 වනදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 10,612.86 විය (එකල රුපියලේ අගයට අනුව). එම අවස්ථාවේ දී ඉන්ධන මිල සඳහන් වූයේ :-

    ඔක්ටේන් 92 – රු. 137
    ඔක්ටේන් 95 – රු. 148
    ඩීසල් – රු. 109
    සුපර් ඩීසල් – රු. 119

    2018 දෙසැම්බර් මස 21 වනදා උක්ත ඉන්ධන මිල සූත්‍රය නැවත බලාත්මක වූ අතර එය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 8,312.07 විය (දැනට රුපියලේ අගයට අනුව). ඒ අනුව 2018 මැයි මස 10 වනදා ක්‍රියාත්මක වූ මිල සූත්‍රයට අනුව මෙම අවස්ථාවේ දී ඉන්ධන මිල දළ වශයෙන් සඳහන් විය යුත්තේ :-

    ඔක්ටේන් 92 – රු. 108
    ඔක්ටේන් 95 – රු. 116
    ඩීසල් – රු. 86
    සුපර් ඩීසල් – රු. 93

    නමුත් ඉන්ධන මිල දැනට සටහන් වන්නේ :-

    ඔක්ටේන් 92 – රු. 125
    ඔක්ටේන් 95 – රු. 149
    ඩීසල් – රු. 101
    සුපර් ඩීසල් – රු. 121

    තවද, 2018 සැප්තැම්බර් 10 වනදා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එකල රුපියලේ අගයට අනුව දළ වශයෙන් රු. 11845.12 ක් වූ අතර 2018 ඔක්තෝබර් 10 වනදා වන විට එය දල වශයෙන් රු. 11135.76 ක් ලෙස සඳහන් විය (එකල රුපියලේ අගයට අනුව). නමුත් ඒ වන විට ක්‍රියාත්මක වූ මිල සූත්‍රයෙන් සාමාන්‍ය ඩීසල් හැර අනෙකුත් සියලුම ඉන්ධනවල මිල ගණන් ඉහළ ගියේ ය.

    මේ අනුව පෙනී යන්නේ ඉන්ධන මිල සූත්‍රය මාසයෙන් මාසය දරුණු වීමකි. මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ විකෘති කිරීමකි. මහජනතාව මුලා කිරීමකි. මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව වහාම අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසා ජනතාව ආරක්ෂා කරනා විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාවට සහන ලබා දෙන සුදුසු පියවරක් ගන්නා ලෙසත්, මිල සූත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

    මෙයට,
    චිරන්ත අමරසිංහ
    සභාපති


    කවුද මේවට වගකියන්නේ ?:angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    6) ඉන්ධන මිල සූත්‍රය දරුණු ලෙස විකෘති කර ජනතාව මුලා කරලා.. විය යුතු මිල ගණන් මෙන්න.

    සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

    අතිගරු ජනාධිපතිතුමනි,
    ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම

    2018 මැයි මස 10 වනදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 10,612.86 විය (එකල රුපියලේ අගයට අනුව). එම අවස්ථාවේ දී ඉන්ධන මිල සඳහන් වූයේ :-

    ඔක්ටේන් 92 – රු. 137
    ඔක්ටේන් 95 – රු. 148
    ඩීසල් – රු. 109
    සුපර් ඩීසල් – රු. 119

    2018 දෙසැම්බර් මස 21 වනදා උක්ත ඉන්ධන මිල සූත්‍රය නැවත බලාත්මක වූ අතර එය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. 8,312.07 විය (දැනට රුපියලේ අගයට අනුව). ඒ අනුව 2018 මැයි මස 10 වනදා ක්‍රියාත්මක වූ මිල සූත්‍රයට අනුව මෙම අවස්ථාවේ දී ඉන්ධන මිල දළ වශයෙන් සඳහන් විය යුත්තේ :-

    ඔක්ටේන් 92 – රු. 108
    ඔක්ටේන් 95 – රු. 116
    ඩීසල් – රු. 86
    සුපර් ඩීසල් – රු. 93

    නමුත් ඉන්ධන මිල දැනට සටහන් වන්නේ :-

    ඔක්ටේන් 92 – රු. 125
    ඔක්ටේන් 95 – රු. 149
    ඩීසල් – රු. 101
    සුපර් ඩීසල් – රු. 121

    තවද, 2018 සැප්තැම්බර් 10 වනදා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එකල රුපියලේ අගයට අනුව දළ වශයෙන් රු. 11845.12 ක් වූ අතර 2018 ඔක්තෝබර් 10 වනදා වන විට එය දල වශයෙන් රු. 11135.76 ක් ලෙස සඳහන් විය (එකල රුපියලේ අගයට අනුව). නමුත් ඒ වන විට ක්‍රියාත්මක වූ මිල සූත්‍රයෙන් සාමාන්‍ය ඩීසල් හැර අනෙකුත් සියලුම ඉන්ධනවල මිල ගණන් ඉහළ ගියේ ය.

    මේ අනුව පෙනී යන්නේ ඉන්ධන මිල සූත්‍රය මාසයෙන් මාසය දරුණු වීමකි. මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ විකෘති කිරීමකි. මහජනතාව මුලා කිරීමකි. මෙය පිළිගත නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව වහාම අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසා ජනතාව ආරක්ෂා කරනා විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාවට සහන ලබා දෙන සුදුසු පියවරක් ගන්නා ලෙසත්, මිල සූත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

    මෙයට,
    චිරන්ත අමරසිංහ
    සභාපති


    කවුද මේවට වගකියන්නේ ?:angry:

    අනික් කාරණා ගැන මොකුත් කියන්නෙ නෑ. ඒව නිකම් ඕපාදුප නිසා. ඒත් මේක නම් හෙන ගොන් තර්කයක්.

    137 / 10612 * 8312 කියල මිල ගලපන්න බෑ.
    :dull: ඒක හදන්න සූත්තරේ හොයාගන්න වෙනව.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    )7)මාවනැල්ල බුදු පිළිම කඩපු අය තව බුදු පිළිමයක් කඩන කොට මාට්ටු වෙයි.. ගම්මු අල්ලා ගස් බදී..isis සමග රනිල් ජාතිවාදය වපුරන්න දගලයි

    මාවනැල්ලේ මහ රාත‍්‍රියේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සන්දියක බුදු පිළිමයක් කඩද්දි ප‍්‍රදේශවාසි තරුණයන් විසින් ඉන් එක් සැකකාර තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලිසිය භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව අද 26 උදෑසන මාවනැල්ල පොලිසියෙන් වාර්තා විය.

    යතුරු පැදියත් සමග මහත් පරිසමයකින් අලූයම 4 ට අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ දෙල්ගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අල්ලා ගත් ප‍්‍රදේශවාසි තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ.

    අදාල සැකකරු අල්ලා ගෙන ඇත්තේ එම බුදු පිළිමය අසලම නිවස පදිංචි තරුණයන් දෙදෙනෙක් විසිනි. වයස අවුරුදු 39 වන විවාහක ඒ.එම් සෙනරත් බණ්ඩාර හා මම උදේ පාන්දර ත‍්‍රීවිල් එකේ හයර් එකක් යන්න තමයි හිටියේ මම වෘත්තියෙන් ත‍්‍රීවිල් රථ රියදුරෙක් කඩුගන්නාව නගරයේ තියෙන පාක් එකේ තමයි ඉන්නේ. 3.30 ට විතර ඇහැරලා ඉන්නකොට ශබ්දයක් බුදු පිළිමය පැත්තෙන් ආවා. මම එළියට ඇවිත් බැලූවා එතකොට මම දැක්කා බුදු පිළිමය ගාවින් යතුරු පැදියක නැගලා දෙන්නෙක් යනවා. මම බයික් එක යනවත් එක්කම ලගට ගිහින් බලනකොට දැක්කා බුදු පිළිමය කඩලා තියෙනවා. ඊට පස්සේ ලග ගෙදරක මල්ලි කෙනෙක් ඉන්නවා බයික් එකක් තියෙන එයාට කතා කරලා මම කිවා අපි ගිහින් මෙ සිද්ධිය බලමු කියලා. ඒ යනකොට ඒ ගියපු බයික් එක ආපසු නැවත අපි ඉන්න පැත්තට ආවා. මම නැවත ඉන්නවා දැකලා බයික් එක හැරෙව්වා.

    මම බයික් එක හරවනවාත් සමගම බයික් එක සහ මෙ දෙන්නාගේ ඇග මතට පැන්නාට පස්සේ මෙ අය එක්කම පහත කැලයකට පෙරලූනා. අනික් මල්ලි අනිත් කොල්ලා අල්ලන්න හදනකොට එයා සමග පොර බදිනකොට ඒ චානක කියන මල්ලි පල්ලමකට තල්ලූ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ අත පැන්නේ. ඒ කරලා එක සැකකරුවෙක් දිවා අනිත් කෙනා යන්න දෙන්නේ නැතිව අල්ලාගෙන බයික් එකත් එක්කම පොලිසිය භාර දුන්නා යැයිද බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් අල්ලා ගත් සෙනරත් මහතා අප සමග පැවසීය.

    අපි අමාරුවෙන් ගමේ අය එකතු වේලා තමයි බුදු පිළිමය හදා ගත්තේ අපි හැම තැනම මාවනැල්ලේ බුදු පිළිම කඩන නිසා අවදානයෙන් හිටියා ඒ නිසා මැරුනොත් කමක් නැහැ කියලා තමයි වැඬේට බැස්සේ. බජාජ් ඩිස්කවරි බයික් එක්ක තමයි මෙ අය ආවේ. මෙ ජාතික අපරාධය කරපු අය අල්ලා භාර දිමට ලැබිම අපි ලබපු ජයග‍්‍රහණයක් මටත් දරුවෝ දෙනෙක් ඉන්නවා චානකටත් එහෙමයි. ඒ නිසා මෙ වාගේ දේවල් කරන අය අපේ රටේ අනාගතයට මහ ලොකු විවසනයක් සාපයක් කරන්නේ ඒ ගැන මම හෙළා දකිනවා.

    මෙ වන විට සැකකරු සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය විසින් කෑගල්ල බුද්ධි අංශය හා මූලස්ථාන පොලිසිය වෙත භාර දි ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩාමක් පරික්ෂණ සිදු කරයි. පලා ගිය සැකකරු සොයා මෙ වන විට ප‍්‍රදේශයේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වන බව පොලිසිය කියයි.

    මෙම සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර නොසන්සුන් වතාවරණයක් ඇති විමේ ඉඩ කඩක් ඇති බව පවසා විශේෂ කාර්ය බලකා සෙබළුවන් හා පොලිසිය මගින් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර මෙම බුදු පිළිමය කැඩිමට පෙර හිගුල ප‍්‍රදේශයේද බුදු පිළිමයකට හානි සිදු කර ඇති බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත පැමිණි කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් බෞ්දධ ආගමික නායකයින් එක්ව මෙ වන විට රැස්විමක් මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේදි පැවැත්වෙන බවද පොලිසිය කියයි.

    – සමන් විජය බණ්ඩාර
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    2) සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

    එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ජනවාරි මස පලවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


    මූව නම් සදහටම යවන්න තිබුනේ.. සක්කිලියා.. ගූ වන්සයි මූයි රාජිතයි ගොම්මන්පිලයි එකම සෙට් එක.. කක්කුස්සි කටවල්...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    8) ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හමුයේ නින්දිත පරාජයක්..

    සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 423ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් කරගය ජය ගැනීමට අද සමත් විය.

    ඒ සමගම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත්ව සිටී.

    මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 178ක් රැුස් කල අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පලමු ඉනිම සදහා ගස්කල ලකුණු ප‍්‍රමාණය 104කි.

    නවසීලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 585ක් ලබා සිටියදී සිට ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබා දුන්නේය.

    ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිමට සියළු දෙනා ලකුණු 236නට දැවී යාමත් සමග නවසීලන්තයට ලකුණු 423ක ජයක් හිමිවිය.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    9) ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා.. අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා.. 2/3න් සම්මත කරනවා..- TNA:angry:

    එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වනදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ(29) දින යාපනයේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ.

    “2015 අගෝස්තු වල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුනා.එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා. මට පුද්ගලිකව ආරාධනා ලැබුනේ නෑ. හැබැයි ආණ්ඩුවට එක්වෙලා ඇමතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත්, දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.



    ‘අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා.

    මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති‍ පෙරමුණ එයට අදහසක් දැක්වු‍වේ නැහැ ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන් නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.

    ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමුවුණා. එහිදී බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානයක් දෙනවා කියන ප්‍රවෘත්තිය පළ වෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා.

    ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දී ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශ්වය කියන දෙයක් තමයි නොවැම්බර් 07 වනදා ගේන්න තිබුණ ව්‍යවස්ථා කෙටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හදාගන්න අපේ සහය පළ කළේ අපිට අරමුණක් තිබ්බ හින්දා.

    ඒ අරමුණ කඩා බිඳෙන ලෙස ඔක්තෝබර් 26 වනදා සිදුවූ සිදුවීමෙන් සිදුවූ වෙනස්කම් අපේ අරමුණට බාධා වෙන නිසාත් ව්‍යවස්ථාවට, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දාත් ඊට විරුද්ධ වෙන්න සිදුවුණා.

    දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා. එළඹෙන පෙබරවාරි 04 ට කලින් එ.ජා.ප. , ජ.වි‍.පෙ. සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් ඉදිරි‍පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබෙන කරුණු ගැන අපේ පාර්ශ්ව 03 ම සලකලා බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20 ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක්වෙන්න යනවා කියලා කියනවා.

    ඒ හින්දා අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලය වහන්නත් සිදුවෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශ්වයත් එක්ක 150 කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා. යනුවෙනි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    10) ප්‍රභාකරන්ට වඩා ප්‍රබල සූක්‍ෂම ඊළාම්වාදියා ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවේ අතකරකවා කණ අත්සන ගහගන්න යයි..

    වියත්මග’ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මෙම අදහස් පල කලේය.

    මේ අවසන් වීගෙන යන්නේ 2018 වසරයි. 1948 ‍යටත් විජිත්වාදීගෙන් නිදහස් ලැබූ ලංකාව නිදහසින් වසර 70 කට පසුවත් සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මැදිවූ, තවමත් දියුණු වෙමින් පවතින රටක්.

    මූඩීස් ආයතනය කියන විදියට ණයගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වන ස්ථානයේ සිටින, බ්ලූම්බර්ග් ආයතනයට අනුව ලෝකයේ ආයෝජනට අන්තරාදායකම රටවල් අතර සිටින, නොමූරා බැංකු වාර්ථාවකට අනුව ලෝකයේ අස්ථාවරම මුදල් ඒකකයන් තිබෙන රටවල් 7 න් එකක් වන, සංවර්ධන වේගය අතින් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍ය වර්ධන වේගය වූ 4.9% ටත් වඩා බෙහෙවින් පහලින් ඉන්නා රටක්. රාජ්‍ය ණය දල ජාතික නිශ්පාදනයෙන් 83% ටත් වඩා ඉහල ගොස් ණය බරින් මිරිකුන රටක් රටේ තිබෙන උත්තරීතරම නීතිය වන ව්‍යවස්තාව පවා බලය සඳහා අවභාවිතා වූ රටක්. ලෝකයට පෙනෙන විදියට ව්‍යවස්තාදායකය, විධායකය, අධිකරණය් යන ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරණ ප්‍රධාන ආයතන 3 ම එකිනෙකා සමඟ ගැටෙන රටක්. මත්ද්‍රව්‍ය උවදුර තරුණ පරපුර ගිලගත් රටක්. ආසියාවෙ කිසිම රටකට නොදෙවෙනි ආකාරයට මත්ද්‍රව්‍ය වෙළඳාම කෙරෙන රටක් පාතාලය රජයන , පාරේ යන එන විට පවා වෙඩි වැදී මිය යා හැකි කිසිවෙකුට ආරක්ෂාව තහවුරු කල නොහැකි, ජනාධිපතිවරයාට පවා මරණ තර්ජන තිබෙන රටක්. රටේ ජනතාවගෙන් කොටසක් ගං වතුරෙන් පීඩා විඳිද්දී ආපදා කලමණාකාර ඇමති හෝ අනෙකුත් වගකිවයුත්තන් හොයාගන්නවත් නැති රටක්. ඇත්තෙන්ම කියනවා නම් ලෝකය හමුවේ කිසි සේත්ම ආඩම්බර විය හැකි තත්වයක නොසිටින ලෝකයට විහිලු සපයන රටක්.

    ………………………………………………..

    නමුත් මීට වසර 4 කට පෙර 2015 ජනවාරි වල සිදුවූ බල පෙරලියට පෙර මේ රටේ තිබුනේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක්. එදා ලංකාවේ දල ආර්ථික සංවර්ධන වේගය වූ 7% ක පමන අගය ආසියාව තුල දෙවෙනි වූයේ චීනයට පමනයි. රටේ ආර්ථිකයේ බැරෝ මීටරය ලෙස සැලකෙන කොටස් වෙළඳපොල ආසියාවේ තිරසාරම වෙළඳ පොල ලෙස සම්මානයක් දිනා තිබුනා, කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුනු වන නගරය ලෙස චීනයේ නගර පවා පරදවමින් සම්මාන ලබා තිබුනා, රුපියලේ අගය වසර ගනාවක් පුරා ස්ථාවරව තිබුනා, රටේ ණය බර දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 70% අඩු වී තිබුනා. උද්දමනය අඩුවී තිබුනා, රට පුරා විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති වෙමින් තිබුනා, රැකියා වියුක්තිය 4.3% ට අඩු වී තිබුනා. රට සහලින් හා තවත් ආහාර බෝග රාශියකින් ස්ව්‍යයං පෝෂිතව තිබුනා. මේ සියල්ලටම වඩා වැද්ගත් කරුණ නම් 30 අවුරුදු ත්‍රස්ථවාදී යුද්ධය අවසන් වී රට අතිශයින්ම සාමකාමීව තිබුනා. අද වගේ එදා පාතාලයේ වෙඩි තැබීම් වලින් කෙරෙන් සමූල මනුෂ්‍යඝාතන ගැන අසන්න්නටවත් තිබුනේ නැහැ.

    ……………………………………

    නමුත් මින් අදහස් කරන්නේ නැහැ ජනතාවට අවශ්‍ය සියල්ල ඒ වෙලාවේ සම්පූර්ණව තිබුනා කියා. තව බොහෝ දේවල් කරන්නට ඉතුරුව තිබුනා. අන්න ඒ දෙවල් කරගන්නට තමයි 2015 ජනවාරි මාසයේ මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොතුවෙන් පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුකලේ. ඔවුන් බලාපොරොත්තු වුනා නව රජය පසුගිය රජය අවසන් කල තැනින් පටන් අරගෙන මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාවිය කියා.

    මේ රටේ දස ලක්ෂකට අධික ජනතාවත් ඒ වනවිටත් ඉතුරුව සිටියා දුප්පත්කමින් මුදවාගන්නට තිබුනා. . අලුතින් රැකියා වෙළඳපොලට වාර්ශිකව එකතුවන ලක්ෂ 4 ක පමන තරුණ පරපුර වෙනුවෙන් රැකියා බිහිකල යුතුව තිබුනා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, කතරගම දක්වා දිවෙන දුම්‍ රිය මාර්ගය හා නගරාසන්න ප්‍රවාහන තදබදය අඩුකිරීම සඳහා සැහල්ලු දුම්‍ රිය විසඳුමක්, සාම්පූර් බලාගාරය වැනි බොහෝ යටිතල පහසුකම් නිමකල යුතුව තිබුනා. අපට ඇති බරපතලම ආර්ථික ගැටලුවක් වන වෙළඳ පරතරය අඩුකර ගැනීම සඳහා අපනයන සංවර්ධනයට විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර බලගැන්වීම සඳහා විශේෂ අවධානයක් යෙදවිය යුතුව තිබුනා. විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍යව තිබුනා. ආර්ථික සංවර්ධනයට බාදාවක් වූ පැරණි නීති වෙනස් කොට අලුත් නීති හා රෙගුලාසි හඳුන්වාදිය යුතුව තිබුනා. බොහෝ ක්ෂේත්‍රවල ජාතික ප්‍රතිපත්ති අලුතින්ම සකස් කල යුතුව තිබුනා. කොටින්ම කියනවා නම් නව රජයට කරන්නට වැඩ ගොඩක් තිබුනා.

    ………………………………………..

    නමුත් 2015 බල පෙරලියෙන් පසු වසර 4 පුරා මේ කිසිවක් මේ රටේ සිදු වුනේ නැහැ.

    ජනතාවගේ අවශ්‍යතා ඉටුකරණවා වෙනුවට අලුතින් පත් වූ රජය සිය සම්පූර්ණ අවධානය යොමුකලේ තම බලය ස්ථාවර කරගැනීමටයි. ඒ සඳහා තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනකාරි ලෙස හෝ, ව්‍යවස්තා කුමන්ත්‍රණ හරහා හෝ නීතිය අවභාවිත කරමින් හෝ තරඟ පිටියෙන් ඉවත් කිරීමටයි ඔවුන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කලේ. තමුන්ට බලයට ඒමට උදව් දුන් අදිසි බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීම වෙනුවෙන් තමයි ඔවුන් මේ තාක් කල් වැඩකලේ.

    මේ කාලය තුල තමයි අතිශයින් පක්ෂාග්‍රාහි කතානායකවරයෙකුගේ උදව්වෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුල ආන්ඩු පක්ෂයත්, විරුද්ද පක්ෂ නායක කමත්, විරුද්ද පක්ෂයේ ප්‍රධාන සංවිධායක කමත් යන තනතුරු තුනම එකම කොන්ත්‍රාත්තුවක කොටස් කරුවන් පිරිසක් විසින් දරනු ලැබුවේ.

    මේ කාලය තුල තමයි ලංකාවට එරෙහිව ගෙන ආ ජිනීවා 30/1 යෝජනාවට ලංකාවෙ රජය සමනුග්‍රාහකත්වය දැක්වීමේ ජාතී ද්‍රෝහී කමසිදුවුනේ අපේ රණ විරුවන්ට ජාත්‍යන්තර අධිකරණ වල නඩු දමන්නට පහසු වන ආකාරයට රටේ නීති වෙනස් කරනු ලැබුවේ රටට රුපියල් ට්‍රිලියනයකට වඩා පාඩු කල මහබැඳුම්කර මං කොල්ලය සිදුවුනේ ආර්ථික සංවර්ධන වේගය 7% සිට 2.5% ට කඩා වැටුනේ ජනතාව මත බදු බර 100% කින් වැඩි වුනේ රුපියලේ මස්තබාල්දු වුනේ. 30% කින් අවප්‍රමාණය වුනේ රාජ්‍ය ණය බර වසර 4 ක් තුල 40% කින් වැඩිවී දල ජාතික නිශ්පාදිතයෙන් 83% දක්වා ඉහල ගියේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ. චක්‍ර ලේකණ නොසලකා වැඩ කරන්න කියා අගමැතිට ජනපතිට රාජ්‍ය සේවකයින්ට වැද වැටෙන්න සිදු වුනේ බෞද්ධ භික්ෂූන් වැඩිම පිරිසක් සිරගත වුනේ. රණ විරුවන් බුද්ධි අංශ නිලදාරීන් තොග පිටින් සිරගත වුනේ මැතිවරණ කල් දමමින් මහජන චන්ද අයිතිය දිගින් දිගටම වංචනික ලෙස උදුරාගනු ලැබුවේ අසන්නටවත් නැතුව තිබූ පාතාලය යලි නැගිට්ටේ.

    …………………………………….

    නොවැම්බර් හා දෙසැම්බර් මාසවල සිදු වූ මාස 1 1/2 ක තාවකාලික බල පෙරලියෙන් පසු යලිත් බලයට පැමිණ තිබෙන්නේ මේ රට 2015 ජනවාරි සිට මාස 45ක් එක දිගට පාලනය කල අයමයි. ඒ නිසා අද රටේ තිබෙන සමාජ, ආර්ථික දේශපාලන අර්බූද‍යේ වගකීමෙන් ඔවුන්ට මිදෙන්නට බැහැ. අද ඔවුන් රංගනයක යෙදෙනවා අලුතින් ජනවරමක් ලැබු අලුත් ආන්ඩුවක් විදියට. ලංකාවෙ ජීවත් වන සමහර මිනිසුන්ට මාස 1 /2 න් අතීතය අමතක වුනාට බහුතර ජනතාව බුද්ධිමත්.

    ඔවුන් දන්නවා අලුත් ඇඳුම් ඇදගෙන මේ ඇවිත් ඉන්නෙ පරණ නලුවෝ කන්ඩායමයි කියලා. ඔවුන්ව තවමත් මෙහෙයවන්නේ පරණ අධ්‍යක්ෂකලමයි. ඔවුන්ගේ රැඟුමට මුදල් වියදම් කරන්නේ පරණ නිශ්පාදකයොමයි. තිර පිටපතත් තිබුණ එකමයි.

    වෙනස්කට තිබෙන්නේ ප්‍රබල නලුවන් කිහිපදෙනෙක් ඔවුන්ව හැරදා ගිහින් දැන් කන්ඩායම දුර්වලයි. මිනිස්සු ගල් ගහන්න කිට්ටු නිසා නාට්‍යය ඉවර වෙනකම් පවත්වාගෙන යන එක අමාරුයි.

    ……………………………………………

    ඊයේ දෙමල සංධානයේ සුමන්තිරම් මහත්මයා ප්‍රකාශයක් කරලා තිබුනා මහින්ද රාජපක්ෂ අගමැති වෙනවට දෙමල ජනතාව විරුද්දයි කියලා.

    2013 සිංගප්පූරුවේදී එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරයි, ජයම්පති වික්‍රමරත්නයි , ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයිනුයි සමඟ රාජපක්ෂ රජය පෙරලා කරන්න බලාපොරොත්තුවන දේ පිලිබඳව වූ සිංගප්පූරු එකඟතාවය අත්සන් කරපු පුදගලයා.

    2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ කාරයයේදී බටහිර තානාපති කාර්යාල සමඟ සමීප සබදතා පවත්වාගනිමින් විශාල කාර්ය භාරයක් කල පුද්ගලයෙක්.

    යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 301/1 යෝජනා ප්‍රකාරව කෙටුම්පත් කල නව ෆෙඩරල් ව්‍යවස්ථාවේ ප්‍රදාන උපදේශකයා, පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහව අගමැති කමින් ඉවත් කරන ලද අවස්ථාවේ ඔහු වෙනුවෙන් උසාවිය තුල හා තිරයෙන් පිටුපස විශේෂ කාර්ය භාරයක් කල පුද්ගලයා, මහින්ද රාජපක්ෂ මහතා මංත්‍රීවරුන් 100 කගෙ සහයෝගයෙන් විපක්ෂ නායක ලෙස පත් කල විට ඔහුට අපහාස කරමින් මන්ත්‍රීවරුන් 14 ක් පමනක් ඉතුරුව සිටින සම්බන්දන් තවමත් රටේ විපක්ෂ නායකයා කි‍යමින් තවත් අර්බූදයක් නිර්මානය කරන්න හදන පුද්ගලයා.

    ඔවුන් ගෙන එන්නට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවෙන් මධ්‍යම රජය හා පාර්ලිමේන්තුව දුර්වල කරන්නට බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව ගෙන එන්නටත් පෙර ඔහු පාර්ලිමේන්තුව විහිලු මඩුවක් කරන්නට උත්සාහ කරනවා. අවාසනාවකට වගේ එය තේරුම් ගැනීමට හැකියාවක් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ට නැහැ.

    පසු ගිය දිනවල අපි රූපවාහිනියේ දුටුවා ඔහු පාර්ලිමේන්තුව තුල සභානායක ලක්ෂමන් කිරි ඇල්ලටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් අණ දෙන ආකාරය. ඔහු පෙනී සිටින්නෙ පැහැදිලිවම ප්‍රභාකරන්ට වසර 30 කින් ඉටු කරගන්නට බැරිවූ බෙදුම්වාදී අරමුණ වෙනුවෙන්මයි. එකම වෙනස ඔහු ප්‍රභාකරන්ට වඩා බොහොම සූක්ෂමයි, ප්‍රබලයි. අද ඔහු ඒ අරමුණ ඉටුකරගැනීම සදහා ලංකාවේ නිත්‍යානුකූල රජයම අතකොලුවක් කරගෙන තිබෙනවා.

    ඔවුන්ගේ බෙදුම් වාදී අරමුණ ඉටුකරගන්නට අද ඉතුරුව ඇති එකම බාධකය මහින්ද රාජපක්ෂ මහතායි. ත්‍රස්ථවාදය අවසන් කොට මිලියන 22 ක ජනතාවට සාමය ගෙන ආ මේ සිංහල නායකයාට අනන්ත අප්‍රමාණ අපහාස කරන්නේත්, ඔහුව දේශපාලනයෙන් ඉවත්කරගන්නට උත්සාහ කරන්නේ නිසයි. අවාසනාවකට වගේ මේ රටේ ජනතාවගෙන් එක් කොටසකට තවමත් මෙය තේරුම් ගන්නට බැහැ.

    ……………………………………

    2015 ජනවාරි මස සිට අද වන තුරු මේ රටේ ක්‍රියාත්මක වන්නේ බෙදුම්වාදී කඳවුර විසින් මෙවර ජාත්‍යන්තර සහායද ඇතුව දියත්කල විශාල කුමන්ත්‍රණයකුයි. 2018 නොවැම්බර් වන විට ඔවුන් මේ සැලස්මේ කූඨප්‍රාප්තිය වූ නව ව්‍යවස්තාව සම්මත කරගන්නට ඔන්න මෙන්න තත්වයකට පැමිනියා. 2018 ඔක්තෝබර් 25 වන විට එ සඳහා අවශ්‍ය කරණ 2/3 පාර්ලිමේන්තු බලයත් ඔවුන් අතේ තිබුනා. නමුත් රටේ වාසනාවකට ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ බල පෙරලියත් සම්ඟ ඔවුන් තාවකාලික පරාජයක් ලැබුවා. මන්ද අද ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 නැහැ.

    ඔවුන්ගේ රූකඩ පාලකයා රනිල් වික්‍රමසිංහ යලි අගමැති පුටුවට ගෙන ආවත් එක්සත් ජාතික පාක්ෂ ආන්ඩුවත්, රනිල් අගමැති කරන්නට ලියුම් දී රනිල්ගේ අයවැයට චන්දය දී ආන්ඩුවේ නීත්‍යානුකූල බිරිඳ බවට පත් වී ඉන්නා දෙමල ජාතික සංධානයටත්, ආන්ඩුවට නැතුවම බැරි වෙලාවට නොවැරදී සහය දෙන අනෙක් වෙලාවට බොරු චරිතයක් රඟපාන හොර අඹුව ජනතා විමුක්තී පෙරමුණටත් එකට එකතුවෙලාවත් ව්‍යවස්ථාව සම්මත් කරන්න 2/3 හදන්න බැහැ වත්ථාමාන පාර්ලිමේන්තු සංයුතිය තුල.

    ඒ නිසා කෙසේ හෝ යලි 2/3 හදා ගන්නට ගැටයක් ගැසිය යුතු බව මේ සැලැස්මේ මහ මොලකරු වන සුමන්තිරන් දන්නවා. දැන් ඔහු ඒ සදහා අලුත්ම නීති තර්කයක එල්ලී සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට එක්වූ නිසා විපක්ෂ නායක වෙන්න බැහැ කියා.

    මේ ප්‍රශ්ණයේ දිගින් දිගටම එල්ලී සිටින අපේ මාධ්‍ය සහෝදර සහෝදරියන්ටත් මා ඉතා කරුණාවෙන් මතක් කරන්න කැමතියි මේ තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක කමට අනතුරක් නොවෙයි. රටේ ජනාධිපති සිටි අගමැතිව සිටි ඔහුට මෙය වැදගත් නැහ. නමුත් මහින්දට විපක්ෂ නායක කම නැහැ කියන තර්කය ජයගත්තොත් ඒකාබද්දේ ඉන්න පනහකට වැඩි පිරිසකට මන්ත්‍රී කම අහිමි වෙනවා . මහින්ද රාජපක්ෂටවත් මේ මන්ත්‍රීවරුන්ටවත් සුලු කලකට මංත්‍රී පදවි අහිමිවීම මහා ගැටලුවක් නොවෙයි. මන්ද ඔවුන්ට අද තියෙන මහජන ප්‍රසාදය සමග ඊලගට මැතිවරණයක් පැවැත්වුවහොත් යලි පාර්ලිමේන්තු එන්න පුලුවන්. නමුත් මෙහි තිබෙන අන්තරාය එයනොවෙයි. මේ අය ඉවත්කරගත්තොත් පාර්ලිමේන්තුවෙන් යලි 2/3 හදා ගන්නට බෙදුම්වාදී කදවුරට හැකි වෙනවා. අවුරුදු 30 ක් අපේ රණවිරුවන් හා ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඒකීය රට නව ව්‍යවස්තාව සම්මත වීම හරහා අපිට නැතිවෙනවා.

    මේ රටේ ආගමික නායකන්ට පින්සිද්ද වෙන්න, මේ රටේ විද්වතුන් ගෙන් කොටසකට පින්සිද්ද වෙන්න, මේ රටේ තවමත් ඉතුරුව ඉන්න දේශප්‍රේමීන්ට පින්සිද්ද වෙන්න ජනතාව යම්තාක් දුරකට එය ගැන අද දැනුවත්ව ඉන්නවා. ඉතිරි අයවත් දැනුවත් කරන්නට අපට උදව් වෙන්න කියා අපි මාධ්‍ය වලින් ඉතා කරුණාවෙන් ඉල්ලනවා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    11) ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 184 සීමවා අද (28) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 180.10ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 184.07ක් ලෙසින් සටහන්වි තිබේ.

    පසු ගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසු ගිය තුන්වනදා තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය.

    ඒ ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 180.9009 ක් ලෙසිනි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත