U.N.P කාරයෝ මේවට වගකියපිය(BREAKING NEWS)
රතින්යා පත්තු කරලා පාපතරයෙක්ගේ මහජන විරෝධී අගමැතිපත්වීම සමරපු U.N.P කාරයෝ මේවට වගකියපිය

1)‘වහාම අස් වෙනවා..’ ලේක්හවුස් නව සභාපති කියාගෙන ආ පුද්ගලයෙකු දිනමිණ කර්තෘට තර්ජනය කරයි.. ඩේලි නිව්ස්, සිළුමිණ කර්තෘට අස්වන්නැයි තර්ජන කරයි..
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් ඇමැති මණ්ඩලය ඊයේ උදෑසන දිවුරුම් දීමෙන් පසුව ලේක්හවුස් ආයතනයට නව සභාපතිවරයා තමා යැයි කියා ගනිමින් පැමිණි පුද්ගලයෙකු විසින් දිනමිණ ප්‍රධාන කර්තෘවරයාට වහාම ඉවත් වන ලෙස තර්ජයන කර ඇති බව වාර්තා වෙයි. මෙලෙස දිනමිණ කර්තෘ සි.ජේ අමරතුංග මහතාට නව සභාපතිවරයා යැයි කියන තර්ජනය කර ඇත්තේ දිනමිණ කර්තෘ මාණ්ඩලිකයන් ඉදිරියේ කර්තෘවරයාගේ නිල කාමරයේදීය.
“තමුසේ මොකටද ඔය කර්තෘකම බාර ගත්තේ. වහාම අයින් වෙලා පුෂ්පා රොවෙල්ට ඔය පුටුව දෙනවා“ යැයි කියමින් අඩි පොළවේ ගසමින් දිනමිණ කර්තෘවරයාට තර්ජනය කර තිබේ. පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා වන විට දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ලේක්හවුස් ආයතනයේ විශ්‍රාම යාමෙන් අනතුරුව වසර 15 පමණ සේවා දිගුවක් ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්යෙව්දීනී පුෂ්පා රොවෙල් මහත්මියයි. ඇය වයස අවුරුදු 70 පමණ වන මාධ්‍යවේදිනියකි. ඇය දිනමිණ කර්තෘ ලෙස පත් කෙරුණේ යහපාලන රජය 2015 ජනවාරි මාසයේ බලයට පත් වීමෙන් අනතුරුව එ.ජා.ප යේ ඉල්ලීම පරිදිය . 2015 ජනවාරි 08 වැනිදාට පසු ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණි දිනමිණ නව කර්තෘ සි.ජේ අමරතුංග මහතා ලේක්හවුස් අයතනයට බඳවා ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයකු ලෙසය. ඔහු ලේක්හවුස් ආයතනයට බඳවා ගෙන තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදිය.
කෙසේ වෙතත් ලේක්හවුස් සභාපතිවරයා ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදාට පසුව පත් වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු වු වසන්ත ප්‍රිය රාමනායක මහතා විසින් පසුගිය නොවැම්බර් 30 වැනිදා සී.ජේ අමරතුංග මහතා දිනමිණ නව කර්තෘවරයා ලෙස පත් කරන ලදී. මෙවැනි වාතාවරණයකදී එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයකු වන දිනමිණ කර්තෘ සී.ජේ අමරතුංග මහතාට අගමැතිවරයා විසින් පත් කරන ලද නව සභාපති යැයි කියන පුද්ගලයෙකු විසින් තර්ජනය කිරීම පිළිබඳව ලේක්හවුස් මාධ්‍යවේදීහු විමතිය පළ කරති.
ඊයේ පෙ.ව 11.00 පමණ ලේක්හවුස් ආයතනයට නව සභාපතිවරයා යැයි කියා ගන්නා පුද්ගලයෙකු පැමිණෙන තෙක් පැයක පමණ කාලයක් ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැදී සිටියහ. මල්මාලා අතැතිව රැදී සිටි එ.ජා.ප සාමාජිකයන් පිරිස නව සභාපතිවරයා පැමිණීමෙන් අනතුරුව රතිඤ්ඤා දල්වමින් ප්රිති ඝෝෂා නැගූහ. බැලු බැල්මට නව සභාපතිවරයාගේ පැමිණීම පෙර සැලසුමක් අනුව සිදු වුවකි. කෙසේ වෙතත් නව සභාපතිවරයා ලේක්හවුස් ආයතනයට පැමිණියේ පත්වීමේ ලිපියක් හෝ නොමැතිවය.
නව සභාපතිවරයා යැයි කියන පුද්ගලය ලේක්හුවස් ආයතනයට පැමිණීමෙන් අනතුරුව පිළිගැනීමේ කෙටි උත්සවයෙන් පසුව කෙලින්ම ගියේ ලේක්හවුස් සභාපතිවරයාගේ නිල කාමරයටය. එම කාමරයේ විනාඩි දෙකක් පමණ රැදී සිටි සභාපතිවරයා ඉන් පසුව ගියේ එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ කාර්යාලයටය. එම කාර්යාලයේදී සභාපතිවරයා විසින් එ.ජා.ප සාමාජිකයන් වෙත පොරොන්දු රැසක් ලබා දෙන ලදී. එනම් සේවා උසස්වීම් සහ වැටුප් වැඩි කිරීම් එ.ජා.ප සාමාජිකයන්ට ලබා දෙන බවටය.
ඉන් පසුව සභාපති කෙලින්ම ගියේ දිනමිණ කර්තෘවරයාගේ කාමරයටය. දිනමිණ කර්තෘවරයාගේ කාමරයට ගිය සභාපතිවරයා දිනමිණ කර්තෘ සි.ජේ අමරතුංගට ද්වේශයෙන් යුතුව බැණ වදුණේ ඉන් අනතුරුවය. “ තමුසේ මොකටද කර්තෘකම බාර ගත්තේ. වහාම අයින් වෙලා පුටුව පුෂ්පාට දෙනවා.“ සභාපතිවරයා වෙව්ලමින් දිනමිණ කර්තෘවරයාට බැණ තර්ජනය කළේය. ඉන් පසුව නව සභාපතිවරයා ගියේ දිනමිණ කර්තෘමණ්ඩලයටය. “ මෙතන පහුගිය දවස්වල දර්ශන දාපු කීප දෙනෙක් ඉන්නවා. පරිස්සම් වෙලා ඉන්නවා. ප්‍රමෝෂන් ගත්ත හැම එකාම අයින් කරනවා.“ සභාපතිවරයා දිනමිණ කර්තෘමාණ්ඩලිකයන්ට තර්ජනය කළේ එලෙසය. සභාපතිවරයා පවසන පරිදි සේවා අවශ්‍යතා මත දිනමිණ නියෝජ්‍ය ප්රවෘත්ති කර්තෘ ලෙස ධනුෂ්ක ගොඩකුඹුර, සම කර්තෘ රත්නසිරි පතිරණ , නියෝජ්‍ය විශේෂාංග කර්තෘ දුමින්ද අලුත්ගෙදර , නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ඉරෝෂනී දීපිකා යන මාධ්‍යවේදීන්ට උසස්වීම් ලබා දී තිබුණේ කිසිදු පක්ෂ භේදයකින් තොරවය. සභාපතිවරයා දිනමිණ කාර්තෘමාණ්ඩලිකයන්ට බැණ වැදී තිබුණේ වෙව්ලමින් දැඩි කේන්තියෙනි.
ඒ සමගම ඩේලිනිවුස් කර්තෘමණ්ඩලයට ගිය නව සභාපතිවරයා කියා තිබුණේ අද ඉදලා කර්තෘ ලලිත් අලහකෝන් එයා එක්ක වැඩ කරනවා. අනිත් එවුන් හැමෝම “ගෙටවුට් “කියාය. සභාපතිවරයා ගෙටවුට් යැයි කියා තිබුණේ ඩේලිනිවුස් ප්රවෘත්ති කර්තෘ චාමිකර වීරසිංහ අසළට ගොස්ය. ඉන් අනතුරුව සභාපතිවරයා සිළුමිණ පුවත්පතේ කර්තෘවරයාගේ නිල කාමරයට ගොස් කර්තෘවරයාට පවසා තිබුණේ වහාම සිළුමිණ කර්තෘ ධුයෙන් ඉවත් වන ලෙසය.
මේ අතරතුර සේවා අවශ්‍යතා මත ලේක්හවුස් ආයතනයේ සේවකයන් 19 දෙනකුට පමණ ලබා දී තිබු උසස්වීම් වහාම අවලංගු කිරීමට නව සභාපති විසින් ආයතනයේ මානව සම්පත් අංශයට නියෝග කොට තිබේ. මේ අතරතුර අදාළ උසස්වීම් ලැබු සේවකයන් වෙතින් පළිගැනීම් කිරීමට ලේක්හවුස් සභාපතිවරයා සුදානම් වන බවද වාර්තා වෙයි. මේ වන තෙක් ලේක්හවුස් ආයතනයට නිල වශයෙන් කිසිදු සභාපතිවරයකු පත් කර නොමැති බවත් ලේක්හවුස් ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයන් යටතේ ගැසට් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
lankacnews

Last edited:

ඒක හදන්න සූත්තරේ හොයාගන්න වෙනව.