Ubuntu or Windows...

Himoz

Member
Aug 7, 2010
209
11
0
මම පුද්ගලික පරිඝණකයක් ඒ කියන්නේ PC එකක් පාවිච්චි කරන්නේ 2002 ඉදල. ඒ කියන්නෙ මම 9 වසරේ ඉඳලා. මුලින්ම ඒකෙ දාල තුබුණේ 98.පස්සෙ XP...කොට්න්ම කියනවනම් වින්ඩෝස් OSs. මම හිතන්නේ අපි හැමෝම වගේ පරිඝණක ලෝකයයට අඩිය තියන්නෙ වින්ඩෝස් වලින්. පස්සෙ ඉතිං දැනුම් තේරුම් වැඩි වෙනකොට, පරිඝණක තාක්ෂණය විෂයක් විදිහට ඉගෙන ගන්නකොට, පණ්ඩිතකම වැඩි වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ ලිනක්ස් පැත්තට හිත යනව සමරුන්ගේ. මාත් වැටෙන්නේ ඒ සමහරුන්ගේ ගොඩ්ට තමා. ඉතිං වින්ඩෝස්ද ලිනක්ස්ද ? ලිනක්ස්ද වින්ඩෝස්ද? කියන ප්‍රශ්නෙ උඩ වැනි වැනී හිටපු කෙනෙක් හැටියට මට පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුනා.අපි බොහෝ පිරිසක් උබුන්ටු පාවිච්චි කරන නිසා මින් මත්තට ලිනක්ස් වෙනුවට උබුන්ටු කියන නම පාවිච්චි කරන්නම්.(උබුන්ටු යනු ලිනක්ස් distribution එකක් වන අතර ලිනක්ස් යනු උබුන්ටු නොවේ).

ලංකාවෙ අපිට, ව්න්ඩෝස් එච්චර දැනෙන්නේ නෑනේ. ඒ කියන්නෙ වින්ඩෝස් කියල කියන්නෙ අපිට නම් තවත් එක් සී.ඩී එකක් එහෙම නැත්තම් ඩී.වී.ඩී එකක් විතරයි. වින්ඩෝස් විතරක් නෙවෙයි, මයික්‍රෝසොෆ්ට් ඔෆීස්, ඇඩෝබේ මෘදුකාංග, මායා, 3-D මැක්ස් මේ ඕනම එකක් අපිට නොමිලේ ලැබෙන තවත් එක් මෘදුකාංගයක් විතරයි. ඒක නිසා තමා මම කිව්වෙ අපිට වින්ඩෝස් වල තරම දැනෙන්නෙ නෑ කියලා. හිතන්න ඔයාගෙ PC එකේ තියන ඔක්කොම මෘදුකාංග සල්ලි දීල ගත්ත නම් කොහොම හිටීද ?(මේ ලියන මොහොතෙ amazon.com එකේ වින්ඩෝස් 7 රු.15000ක් විතර, මයික්‍රෝසොෆ්ට් ඔෆීස් රු.12000ක් විතර). මෙන්න මේ තත්වයත් අපිට උබුන්ටු වැනි නොමිලේ ලැබෙන මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත අනෙකුත් නොමිලේ ලැබෙන මෘදුකාංග ගැන සිහියට නංවන්න හේතු වන තවත් කරුණක්.

උබුන්ටු හොඳද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් තව ප්‍රශ්නයක් අහන්න ඕන.
ඔයා වින්ඩෝස් වලින් කරන්නෙ මොනාද ?
දැන් ඔයාගෙ පිළිතුර දිහා බලලා කියන්න පුලුවන් ඔයාට උබුන්ටු හොඳද නරකද කියල.
අපි සාමාන්‍ය කටයුතු සඳහා පරිඝණකය පාවිච්චි කරන කෙනෙකු දෙන පිළිතුරක් උදාහරණයකට ගමු.

සිංදු ඇසීම/චිත්‍ර පට නැරඹීම.
මේ දෙක ඉතිං හැමෝම කරන දෙයක්නේ... වින්ඩෝස් වල නම් ඉතිං windows media player, jetaudio, winamp, power dvd වගේ මෘදුකාංග මේ සඳහා පාවිච්චි කරන්න පුලුවන්.
උබුන්ටු වල මොකද තත්වය. උබුන්ටු වල සිංදු අහන්න බැරිද ? නෑ !! උබුන්ටු වල මේ කාර්යය කරන නිදහස් මෘදුකාංග විශාල වශයෙන් තියනවා.ඒ අතරින් මගෙ ප්‍රියතම මෘදුකාංගය තමා VLV player එක. .mp3, .wav, dvd මේ ඕනම එකක් මේකෙන් අහන්න බලන්න පුලුවන්. player එක ගැන වැඩි විස්තර මෙතනින්.

ග්‍රැෆික් ඩිසයින්.
මම නම් මේ අංශෙට නැති නිසා මේ ගැන වැඩිය දන්නෙ නෑ. හැබැයි දන්න තරමින් ෆොටෝ ෂොප්, කොරල් ඩ්‍රෝ, මායා තරම්ම හොඳට නැති උනාට ඒ හා ආසන්න සමාන කමකින් ඩිසයින් කටයුතු කරන්න පුලුවන් නිදහස් මෘදුකාංග තියනවා.blender කියන්නෙ ඒව ගෙ 3D animation කරන්න පුලුවන් මෘදුකාංගයක්. පහළ තියන වීඩියෝ එක කරල තියෙන්නෙ එවැනි නිදහස් මෘදුකාංගයකින් කියල හිතන්නවත් පුලුවන්ද? photos edit කරන්න උබුන්ටු වල තියන මෘදුකාංගය තමා GIMP කියන්නෙ. මේකෙම්නුත් සාමන්‍ය විදිහයට photo එකක් edit කර ගන්න පුලුවන්.



අන්තරජාලයේ සැරිසැරීම.
'internet නැතුව කෑම එපා' කියන තැනටම අපි අද පත්වෙලානේ. වින්ඩෝස් වලින් නම් Internet සැරිසැරීම බොහොම පහසුයි. එතකොට උබුන්ටු වලින්? උබුන්ටු වලින් ඊටත් වඩා පහසුයි. ඇයි ? mozilla firefox උබුන්ටු ඇතුලෙම එනවා.අමුතුවෙන් download කරගන්න ඕනත් නෑ.මොකෝ වින්ඩෝස් වල Internet explorer තිබ්බ කියලා පාවිච්චි කරන එකක්ද?
torrent download කරන්න වෙනම මෘදුකාංගයකුත් උබුන්ටු ඇතුලෙම තියනවා.මීට අමතරව vuze , bittorrent වැනි මෘදුකාංගද torrent වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්. ඒකයි කිව්වෙ Internet වැඩ වින්ඩෝස් වලටත් වඩා පහසුයි කියල.ඉතිං තවල මොනාද?

ඔෆිස් එකේ වැඩ.
මයික්‍රොසොෆ්ට් ඔෆීස් නෙ අපි මේ කටයුතු වලට පාවිච්චි කරන්නෙ වින්ඩෝස වල. ඒ සඳහා වෙනම ඔෆීස් මිලට අරගෙන(අපි නම් ඩවුන්ලෝඩ් කරගෙන) install කරන්න ඕන. හැබැයි උබුන්ටු වල මේ ඔෆීස් පැකේජයම open office නමින් උබුන්ටු ඇතුලෙම එනවා.අමුතුවෙන් මොකුත් කරන්න ඕන නෑ.
ලියුමක් සාදා ගන්න, presentation slide එකක් හදා ගන්න, excel sheet එකක් හදා ගන්න මේ ඕනම දෙයක් open office වලින් කරගන්න පුලුවන්.

හොඳයි ! මම ඉහත දැක්වූයේ සාමාන්‍ය පරිඝණකයක් භාවිතා කරන කෙනෙක් කරන දේවල් සහ ඒවා අතර වින්ඩෝස්-උබුන්ටු සම්බන්ධය.මීට අමතරව වැඩ වලට ඔයා පරිඝණකය භාවිතා කරනව නම් ටිකක් හොයලා බලන්න. ඒ දේවලුත් උබුන්ටු වලින් කරන්න පුලුවන්ද කියල.අනිවාර්යෙන්ම පුලුවන් වේවි. ඒ දේවලුත් කරන්න පුලුවන්නම් ඇත්තටම ඔයාට උබුන්ටු හොඳයි.

ලිනක්ස් වලට වයිරස් ප්‍රහාර ඉතාම අල්පයි හෝ නැති තරම්. ඒක නිසා virus guard අවශ්‍ය වන්නේ නෑ.දැන් ඔයාටම හිතල බලන්න පුලුවන්. blacklist ප්‍රශ්න, virus ප්‍රශ්න වලට මුහුන දිදී pirated windows copy සහ අනෙකුත් windows application එක්ක ඉන්නව්ද නැත්තම් නිදහස් පරිඝණක ලෝකයේ මොහොතකට සැරි සරනවද කියලා.

 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ වගේම නෙට්වර්කින් පැත්තට වඩාත්ම හොඳ ලිනක්ස් තමයි. ඇයි හැකින් වැඩ වලට :P
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    ඒ වගේම නෙට්වර්කින් පැත්තට වඩාත්ම හොඳ ලිනක්ස් තමයි. ඇයි හැකින් වැඩ වලට :P
    අනිවාර්යෙන්ම මචං. මම උත්සහ කළේ අපේ home users ලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න. :)
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මට නම් windows පවිච්ච්ය ලේ වලට බැහැල තියෙන්නේ (94 සිට windows 3.1 පටන්). ඒක නිසා linux වත් osx වත් පාවිච්චි කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හැබැයි windows ඇර තවත් options නෑ කියල හිතන අය දැනුවත් කරන්න නියම post එක.

    thanks
     

    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    kauruth danna deyak thamai lankawe iina apita WINDOWS OS walata saha anith SOFTWARE walata salli yanne ne kiyala. ehema baluwama UBANTU hama deyakkma free dunna kiyala wenasak neee.
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    මට නම් windows පවිච්ච්ය ලේ වලට බැහැල තියෙන්නේ (94 සිට windows 3.1 පටන්). ඒක නිසා linux වත් osx වත් පාවිච්චි කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හැබැයි windows ඇර තවත් options නෑ කියල හිතන අය දැනුවත් කරන්න නියම post එක.

    thanks
    ෂ ! මරු නෙ...එහෙනම් සෑහෙන windows ගැන දන්නවා ඇති...
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ෂ ! මරු නෙ...එහෙනම් සෑහෙන windows ගැන දන්නවා ඇති...

    අම්ම ගහයි කිව්වලු. windows හැමෝම දන්න දේ තමයි මාත් දන්නේ :P.
    පළවෙනියට pc එකක් සෙට් උනේ 89 දී මගේ හිතේ (අප්පොච්චගේ ඔපීසියේ). ඒ පොල්කට්ටකට (යමක්) කරගන්න බැරි කාලේ. windows නම් නෑ. එකම එක game එකක් තිබ්බ මතකයි. ඒක කොටපු ඒක තමයි කරේ :lol:.

    BTW, Ubuntu 10 නම් සැහෙන්න user friendly.