මොන Courses ද මචන් බලන්නේ? Java, C# කරන නිසා ඊට අදාල ඒවාද? මටනම් තනියම ටියුටෝරියල් බලද්දි මගක් කරගෙන යනකොට කම්මැලියි. කට්ටියක් එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් වගේ කලානම් ඊට අදාල technologies අනිවාර්යෙන් ඉගෙන ගන්නවා.
මම ඉන්නේ Clean Architecture & Domain Driven Design ටිකක් Practice වෙලා ඊට පස්සේ ඒ technologies වලින්
@HAneo දාපු
මේ assignment එක කරන්න ට්‍රයි කරනවා. ඕක අවුරුදු 3 ක් experience තියෙන SE කෙනෙකුට ඉන්ටවීව් එකේදී දීපු assignment එකක්ලු.
ඩිසයින් පැටර්න් දානකොට මුලින්ම එක හිතන්න යන්න එපා. අඩුම ගානේ OOP ගැන වත් හිතන්න එපා. මුලින් බලන්න සම්පුර්ණ කරන්න යන දේ ගැන අවබෝදය තියේද කියල. මොකක්ද මම කරන්න යන්නේ. ඊට පස්සේ එක කරන්න පටන් ගන්න ඔයා දැනට දන්නා විදිහට. ඩිසයින් පැටර්න් සහ OOP කියන්නේ කම්මැලි උන්ට තියන දෙයක්. කෝඩ් කරනකොට කම්මැලි වෙන්න. බලන්න තමන් ලියාගෙන යනකොඩ් එක මිට වඩා ලේසි කරන්න පුලුවන්ද කියල.
මෙන්න මේ ස්ටේජ් එකේදී තමා ඩිසයින් පැටර්න් ගැන හයි ලෙවල් නෝට් එකක් බලන්න ඕනේ. නිකන් මේ පැටර්න් එකෙන් මොකක්ද වෙන්නේ එහෙම. අන්න එතකොට තමා තේරෙන්නේ මේ ලියාගෙන යන එකට මෙන්න මේක දම්ම්ම ලේසි වෙනවා / කෝඩ් එක පර්ෆෙක්ට් වෙනවා / මේ කෝඩ් එකම රෙයුස් කරන්න පුළුවන් / කෝඩ් එක ක්ලියර් වෙනවා. අන්න ඔය ටික වෙනවා වගේ පේනවා නම් දාල බලනවා. එක කරන්න කලින් හදපු එක කමිට් කරලා ඉන්න. නැත්නම් වෙනම ෆිචර් බ්‍රාන්ච් එකක් හදාගෙන ඉන්න. දන්නේ නැත්නම් GIT ගුරා ගෙන අහපන්
@siri_ayya
දැන් මේ වගේ ප්‍රොජෙක්ට් 5 6 ක් ප්‍රක්ටිස් කරනකොට ඇගට එනවා ඔය ශිල්පය. ඊට පස්සේ උබට පුළුවන් ප්‍රොජෙක්ට් එක දුන්න ගමන් මොන OOP ද යන්නේ ? ඩිසයින් පැටර්න් මොනවද ඕනේ කරන්නේ? කොතනටද දාන්න ඕනේ? කොහොමද දාන්නේ කියන එක. නිකන් අර නියෝ ට හැම දේම මැට්රික්ස් වලින් පේනවා වගේ පෙන්න ගණන්ව. අන්න එක එනකන් ප්‍රක්ටිස් කරන්න ඕනේ ඉතින්. ප්‍රක්ටිස් එක තමා කී එක
වෙන්න පුලුවන්. ෆේක් රිවිව් දාගන්න ඕනතරන් ක්‍රම තියනවනෙ ඉතින්
හුගක් වෙලාවට වෙන්නේ මොන මගුලක් වත් දන්නේ නැති උන් කොස් එක කරන්න යනවා. මුලදීම එපා උනාම උන් කරන්නේ මේක හොද නැ ඒ වගේ මගුල දානවා. තව බිගිනර් කරන්න ඕනේ එකා ඇඩ්වාන්ස් කොස් එක බදාගන්නවා තියන අමාරුව යන්න. එක කරගන්න බැරි උනාම අන්න එතනත් රිවිව් දානවා මේක වැඩක් නැ කියල.
මම කියන්නේ ඔකේ සාම්පල් වීඩියෝ තියනවනේ. ඒවා ටික ඔක්කොම බලන්න. බැලුවාම තේරෙනවා මු උගන්නන විදිහ. ඊට පස්සේ කොස් එකේ කන්ටෙන්ට් එක බලන්න ඕනේ. එක ඒ සබ්ජෙක්ට් එකේ ෆුල් සිලබස් එක එක්ක කම්පෙයා කරලා බලන්න වෙනවා තමන්ට කොච්චර දුර ඉගෙන ගන්න පුළුවන් වෙනවද කියල]
------
Post added on Jan 19, 2023 at 3:18 PM