**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy


    ufo.jpg




    පියාඹන පීරිසි ලෙසට දර්ශනය වන්නේ තම සතුරු රටවල අභිරහස් තොරතුරු සෙවීම සඳහා විවිධ රටවලින් ගුවන්ගත කරන ලද අභිරහස් යානා බවට ද මතයක් මේ වන විට ඇති වී තිබේ. මේ පිළිබඳව ප‍්‍රථමයෙන් ම අදහසක් ඉදිරිපත් කරනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදයයි. එකල අමෙරිකාව සෝවියට් රුසියාව හා අමනාප වී සිටියේ ය. අමෙරිකාවේ ප‍්‍රදේශ කිහිපයකින් ම පියාඹන පීරිසි දුටු බවට තොරතුරු පැතිර යාමත් සමඟ ම ඇමරිකානුවන් පැවසුවේ ඒවා සෝවියට් රුසියානු අභිරහස් ඔත්තු යානා වර්ගයක් බවයි. එහෙත් පුදුමය වූයේ රුසියානු අහසෙ හි ද විටින් විට එවැනි දර්ශන දුටු බවට තොරතුරු හෙළිවීමයි.අහසේ පියාසර කරනු ලබන මෙම අභිරහස් යානා විශේෂය සමහර තාරකා විද්‍යාඥයන් ගේ නෙතට ද හසු වූ අවස්ථා එමට ය.

    තාරකා විද්‍යාඥයකු වන “ඩොනල්ඩ් එච්. වෙන්සිල්” එවැනි එක් අයෙකි. දිනක් ඔහු තම මිත‍්‍රයන් පිරිසක් සමගින් ගමන් කරමින් සිටිය දී ඉහළ අහසේ ගමන් ගත් අත්භුතජනක ආලෝක කිරණ කීපයක් දුටු බවට පවසා ඇත. කොල පැහැයෙන් දිස් වූ මේවා කිලෝමීටර් 160 ක් පමණ ඉහළ අහසේ දිස්වූ බව පැවසෙති. ඒ අවස්ථාවේ දී ඒ අසල අහසේ ගුවන් යානයක ගමන් කරමින් සිටි ගුවන් නියමුවෙකු ද ඒ ආකාරයෙන් ම ඒවා දුටු බවට පවසයි. කොලරාඩෝවේ සිට කැලිෆෝනියාව දෙසට ගමන් කළ මෙම අත්භුතජනක ආලෝක කදම්බයක් නිසා තම ගුවන් යානාවේ ගුවන් මාර්ගය ද වෙනස් වූ බව ඔහු පවසා ඇත.

    ට අමතරව අභ්‍යවකාශගාමියකු වූ “ගෝල්ඩන් කූපර්” නැමැති පුද්ගලයා ද මෙවැනි අත්භුතජනක යානා විශේෂයක් දුටු බවට පවසයි. දිනක් මොහු තම ගුවන් යානය පදවමින් ඉහළ අහසේ සංචාරයක නියැලී සිටි අවස්ථාවක මීට පෙර දැන නොතිබූ ආකාරයේ අපූරු විශේෂ යානයක් දුටුවේ ය. අධික වේගයෙන් ගමන් කරමින් මෙම යානය ලුහුබැඳ යාමට ඔහුට සිත්විය. එහෙත් එම යානය ලුහුබැඳීමට ඔහුට හැකි වූයේ ඉතා කෙටි දුරක් දක්වා පමණී. අඩි දහස් ගණනක් ඉහළට නැඟුණු එය ක්ෂණයෙන් ඈත අහසේ නොපෙනී ගියේ අධික වේගයකිනි.ඊට වසර කිහිපයකට පසු ගෝල්ඩන් විසින් ම තවත් මෙවැනිම යානාවක් දැක ඇත. ඒ 1957 වර්ෂයේ දී ය. ඒ වන විට ඔහු ගුවන් හමුදා කණ්ඩායමක නායකයෙකු වී සිටියේ ය. එකල තමා දුටු යානය රිදී පැහැයෙන් බැබලුනු බවත්, ආධාරක තුනකින් යුත් පීරිසියක හැඩය ගන්නා බවත් හෙතෙම පැවැසී ය.

    අධික වේගයකින් ගමන් කරමින් තිබූ මෙම අභිරහස් යානාව ඡායාරූපයකට නැගීීමට “ගෝල්ඩන් කූපර්” ඇතුළු ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර එවැනි ස්වරූපයක් ඇති යානයක් මේ වන තෙක් පෘථිවි මිනිසා විසින් නිර්මාණය කර නොමැති බව ඉන් පැහැදිලි විය.පියාඹන පීරිසි නැමැති නොපැහැදිලි පියාසරණ වස්තූන් පිළිබඳව සමාජය තුළ පවතින්නේ ඉහත ආකාරයේ තත්ත්වයක් වන අතර පිටසක්වළින් පැමිණෙන විවිධ සංඥා ග‍්‍රහණය කර ගැනීම සඳහා පෘථිවිය මත පිහිටුවා ඇති රේඩියෝ දූරේක්ෂ ඈත විශ්වයෙන් පැමිණි ජීවි සංඥාවක් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. SHG GO2+149 නමින් නම් කර ඇති මෙම සංඥාව හඳුනාගෙන ඇත්තේ “ආසිචෝ” ආකාශ වස්තු පර්යේෂණාගාරයෙනි. ක්ෂීර පථයෙ හි පවතින කිසියම් ග‍්‍රහලොවක සිට මෙම සංඥාව පැමිණෙන්නට ඇතැයි වොෂින්ටන් නුවර “කානගී” ආයතනයේ පර්යේෂිකාවක් වන ආචාර්ය “මාග‍්‍රට් ටර්න්බූල්” පවසයි. ක්ෂීරපථයෙ හි ඈත කෙලවරක පිහිටා ඇති බීටා ඛ්ඍව් නැමැති ග‍්‍රහලොවේ ජීවයක් පවතින බවත් මෙම සංඥාව පැමිණ ඇත්තේ එහි සිට බවත් ඇය පැවැසුවා ය.

    තත්ත්වය එසේ වූව ද පෘථිවියේ සිට ආලෝක වර්ෂ විසිහයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ග‍්‍රහලොවෙ හි ජීවයක් පවතී යැයි නිශ්චිතව ම නිගමනයකට පැමිණීමට තාරකා විද්‍යාඥයන්ට තවමත් නොහැකි වී ඇත.කෙසේ නමුත් වර්තමාන සමාජය තුළ විශාල පෙරළියක් සිදුකළ පියාඹන පීරිසි නම් වූ ඒ අත්භුතජනක වස්තූන් පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට එළඹීමට මේ වනතුරුත් නොහැකි වී ඇත. තාරකා විද්‍යාඥයින් “සෙට්” මෙහෙයුම ඔස්සේ ඒ පිළිබඳව පර්යේෂණ කි‍්‍රයාත්මක කරනු ලබයි. ඇත්තෙන් ම මේවා තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නයේ දී “සෙට්” මෙහෙයුම බොහෝ දුරට සාර්ථක වේ යැයි තාරකා විද්‍යාඥයින් පවසති. ඒ තුළින් පිටසක්වළ ජීවය පිළිබඳව විශාල තොරතුරු ප‍්‍රමාණයක් ලබා ගැනීමට ඉදිරියේ දී හැකිවනු නියත ය.

    තරංග කුසුම්සිරි


    ufo_picture_montana.jpg
     
    • Like
    Reactions: samila224