බ්‍රිතාන්‍ය තම රටේ සෞඛ්‍ය සේවය ගැන වදවෙන කැපවෙන අයුරු මගේ දැනුමෙ හැටියට වෙන ලෝකෙ කොහෙවත් දැක නැත.
පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සෑම දේශපාලන කතාවකම 60% ට වඩා වෙන්වූයේ NHS එක දියුණුකිරීම සහ ශක්තිමත් කිරීම ගැනය. රටේ සහ ලෝක ජනතාවගේ යහපත උදෙසා සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන සදහා වැය කරන මුදල් පවුම් බිලියන ගණනකි.
ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක. විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදී ඇති සුභසාධන සහන, නිවාස,මූල්‍ය පහසුකම් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රීලාංකිකන් දනිති.
වසංගතය නිසා රට lockdown කලත්, මානුෂීය මෙහෙයුම් රටපුරා ජනතාව සහන සැලසීමට ක්‍රියාත්මක වෙයි.