Ultra HD TV-රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබ සැම HD රූපවාහිණී ගැන අසා ඇත, සමහරවිට ඔබ නිවසේ එවැනි රූපවහාණියක් දැනටමත් තිබෙනවා වන්නට පුලුවන. LCD හා LED තිර තාක්ශණයෙන් වෙළඳපොලට එනම් මෙම රූපවාහිනී විබේධන (resolution) දෙකකින් දැන් ලබාගත හැකිය. එනම් 720p HD රූපවාහිණී හා 1080p Full HD රූපවාහිණී යනුවෙනි.


1080p හා යනු තිරයේ උස අතට තිබෙනා පික්සල ප්‍රමණයයි. (රූපසටහන බලන්න ). ඒ අනුව 1080p රූපවාහිණියක තිරයේ පික්සල ප්‍රමාණය වැඩි බැවින් ඉහල විබේධනයක තියුණු රූපයක් ලබාදෙයි. මෙවැනි රූපවාහිණියක සැබෑ විබේධන තීව්‍රත්වය (image quality) අත්විඳීමට නම් එම රූපවාහිණියක් අධිවිබේධන Blu-Ray Disk තැටි ධාවකයකට සම්බන්ධකොට බ්ලූ-රේ ආකාරයෙන් නිශ්පාදනයකල චිත්‍රපටයක් නැරඹිය යුතුය. එවිට සාමාණ්‍ය රූපවාහිණියකට වඩා කොතරම් ත්‍රීව්‍ර රූපයක් ෆුල්-එච්ඩී රූපවාහිණියකින් ලැබෙනවාදැයි ඔබටම වටහා ගත හැකිය.
1080p Full HD යල් පැන ගිය තාක්ශණයක්?

තවමත් අප රටේ ෆුල්-එච්ඩී රූපවාහිණී අධික මිළකට අලෙවි කලත් බටහිර තාක්ශණ ලෝකයෙන් ලැබෙන වාර්තා අනුව 1080p Full-HD තාක්ශණය දැනටමත් යල් පැන ගොස් ඇත. දැන් රූපවාහිණී තාක්ශණ ලොව අලුත්ම තාක්ශණය වන්නේ සුපිරි අධිවිබේධනයකින් යුතු අල්ට්‍රා-එච්ඩී රූපවාහිනී යන්ත්‍රයි. අල්ට්‍රා-එච්ඩී රූපවාහිනියක තිරයේ උස අතට විබේධනය ෆුල්-එච්ඩී තිරයක විබේධනය මෙන් දෙගුණයකි. එනම් පික්සල් 2160. හරස් අතට විබේධනය පික්සල 3840කි. එනම් මෙවැනි රූපවාහිණියක විබේධනය ෆුල්-එච්ඩී රූපවාහිණියක තිරයෙන් ලබාදෙන විබේධනය මෙන් 4ගුණයකින් ඉහලය.

අල්ට්‍රා එච්ඩී තාක්ශණයේ පුරෝගාමී සමාගමක් වන්නේ දකුණු කොරියාවේ LG සමාගමයි. ඔවුන් දැනටමත් අඟල් 55", 65" හා 85" තිර ප්‍රමාණවලින් අල්ට්‍රා එච්ඩී රූපවාහිණී වෙළඳපොලට ඉදිරිපත් කොට ඇත.





know-about-4K-Ultra-HD-Full-HD-1080p-vs-4K-Ultra-HD.jpg



lg-ultratv.jpg


මෙයත් ultra HD ද දන්නැ:P
LG-84-Inch-Ultra-HD-4K-3D-TV_BonjourLife.com_.jpg


හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න


Ultra HD TV එක නම් සුපිරි අර හිටපු ගැහැනු ලමයා නම් අති විසිශ්ටයි Super Ultra. :D

ආ .... මේකයි මේ Full HD LED TV වල මිලගනන් පහත යැමේ රහස
 

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
දැන් ඇත්තටම අල්ට්‍රා HD වලිනුත් ඇති වැඩක් නැහැ, කන්නාඩි නැති 3D ට්වි තමයි අලුත් තාක්ෂනය. අවුල තියෙන්නේ අල්ට්‍රා තියා හරියට SD චැනල් එකක්වත් ලංකාවේ නැති එකයි. පිටරට ඉන්න උන්ටනම් ඉතින් බලන්න පුළුවන්.
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න