Smart-phone යනු 2

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Smart-phone යනු 1 පහල link එකෙන් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1359714




    • ROM [Read Only Memory]
    Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය. මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ. මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත.ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි. එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ. Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි.
    සමාන්‍යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම් එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය.විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය. මීට අමතරව Android 2.2 හෝ 2.3 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.

    • ප්‍රදර්ශක තිරය [Display Screen]
    Smart-phone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු. මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි. ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.

    • ස්පර්ශක සංවේදී තිරය [touch screen type]
    Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.

    • LCD තිර වර්ග
    කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි. එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය වේ. තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ. මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය. LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින් දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක. LCD තිර වර්ග කීපයක් ගැන පහත සලකා බලමු.

    • TFT-LCD [Thin Film Transistor- Liquid Crystal Display]
    බහුලවම දැකිය හැකි තිර වර්ගයයි. මදක් යල් පැන ගොස් තිබුනද අදත් මෙම තිර smart-phone සදහා විශාල ප්‍රමාණයෙන් භාවිත වන්නේ සාපේශව මිල අඩු නිසායි. තිරයේ ප්‍රභේදනය(contrast) සහ දීප්තතාවය (brightness) සාමාන්‍ය අගයක් ගත්තද සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) සාපේක්ශව දුර්වල අතර තිරයෙන් ආලෝකය පරාවර්තනය වීම (reflection) ද වැඩි අගයක් ගනී.මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) LED තිර සාපේක්ශව දුර්වල ප්‍රතිඵල ගෙන දෙන අතර රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.

    • IPS LCD/Retina display හා Super clear LCD [S-LCD]
    මේවාද TFT-LCD තිර වලම වැඩි දියුණු කරන ලද තිර වර්ගවේ. වඩාත්ම වැදගත් අංගයක් ලෙස තිරයෙන් ආලෝක පරාවර්තනය වීම සෑහෙන පමණකට මෙම තිර වල අඩූ කර ඇති අතර උසස් පැහැදිලි රූප, ප්‍රභේදන(contrast) සහ දීප්තතාවය (brightness) දැකිය හැක. විශේෂයෙන් iphone 4 සදහා භාවිතා වන IPS LCD වල ඉහත ගුණයන් ඉතා ඉහල මට්ටමක පවතී.

    • LED තිර වර්ග
    LCD මෙන් නොව LED තිර වලින් අවශ්‍ය ආලෝකය තමන්ම නිපදවා ගනී. මේ නිසා මෙම තිර සදහා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය නොවේ. තවද ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් භාවිත කර පැහැදිලි සහ තියුණු රූප ලබාදේ.
    01.AMOLED(Active-Matrix Organic Light-Emitting Diode)

    කාබනික සංයෝග යොදා තැනූ LED වර්ගයක් වන මෙහි පික්සල් එකිනෙක යොමු කිරීම සදහා Active Matrix තාශණය යොදාගනු ලබයි. AMOLED තිර සෑම අතින්ම LCD වලට වඩා ඉදිරියෙන් සිටින අතර අඩු ශක්ති පරිභෝජනය සහ අඩු මුදලකින් නිෂ්පාදනය කළහැකි විම නිසා වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
    තිරයේ ප්‍රභේදනය (contrast), දීප්තතාවය (brightness), සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) ඉතා හොද අගයක් ගන්නා අතර සාපේක්ශව ආලෝකය පරාවර්තනය වීම (reflection) ද අඩු අගයක් ගනී. මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) සහ රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.
    02.ClearBlack AMOLED සහ Super AMOLED
    AMOLED වලම වැඩි දියුණු කරන ලද තිර විශේෂවේ. මෙම තිර විශේෂ සෑම අතින්ම විශිෂ්ට හැකියාවන් පෙන්වන අතර AMOLED වල ගුණාත්මක භාවය තවත් වැඩි කර එහි දුර්වලතා නැති කර නිපදවා ඇත. මේවායේ කාර්යක්ශමතාවය හා ඉතා අඩු ශක්ති පරිභෝජනයද නිසා smart-phone එකක් දිගු කාලයක් ක්‍රීයාකරවීම සදහා ඉතා වැදගත් වේ.

    • විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ෂණය [Touch Screen Technology]
    ස්පර්ශක සංවේදී තිරයක් ස්පර්ශ කළ විට ඊට අදාල ක්‍රි යාව කරගැනීම සදහා එම සංඥා ග්‍රහනය කරගත යුතුය. මෙසේ ස්පර්ශය සංවේදනය කරගැනීමේ ප්‍රධාන ක්‍රම 2කි ඒවා නම්
    1) Surface techniques - electrical/acoustic විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්
    2) Edge techniques –optical ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්
    මෙම ක්‍රම දෙකම අද භාවිතයේ පවතින අතර ඒවායේද විවිධ ප්‍රභේද දැකියහැක. බහුලව භාවිතා වන එවැනි තාක්ශණ කීපයක් පිළිබඳව දැන් සලකා බලමු.

    • Resistive Touchscreen [ප්‍රතිරෝදන සංවේදනය]
    Resistive touchscreen ක්‍රියා කරන්නේ පීඩන සංඥා ඍජුව ග්‍රහනය කිරීම මගිනි. එනම් දුරකතනය ක්‍රීයාකරවන්නාගේ ඇගිල්ලක ස්පර්ශයෙන් හෝ ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශ කිරීමේදි ඇතිවන පීඩනය මගින් සංවේදනය කිරීම මෙම තිර වර්ගයෙන් සිදුවේ.මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය තිරයට උඩින් ස්ථානගත කරන ලද විනිවිද පෙනෙන සුළු ඉලෙක්ට්‍රොනික සංවේදක තිර දෙකක් පීඩනය යොදනවිට එකිනෙක ස්පර්ශ වීමට සලස්වා සංඥා ග්‍රහනය කිරීමයි.
    මෙහි ඇති වාසිය නම් මිනිස් ස්පර්ශයෙන් පමණක් නොව ස්පර්ශක තුඩක් වැනි දෘඩ ද්‍රව්‍යයක සංවේදනයෙන් උවද සංඥා ප්‍රතිග්‍රහනය කළහැකි වීමයි. එමෙන්ම ස්පර්ශක තුඩක් භාවිතයෙන් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) ද මෙම සංවේදක භාවිතයෙන් කළහැක. තවද මෙම තිර අඩු මිලකට නිශ්පාදනය කළ හැකිය.

    • Capacitive touchscreen [ධාරිත්‍රන සංවේදනය]
    Capacitive ස්පර්ශක සංවේදක ක්‍රියා කිරීම සදහා මිනිස් ඇගිලිවල ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ. එනම් එය සාමාන්‍ය ස්පර්ශක තුඩකින් (stylus) මෙම තිර සංවේදනය කළ නොහැක.පීඩන සංවේදනය වෙනුවට මිනිස් ශරීරයේ ගබඩා වී ඇති විද්‍යුත් ආරෝපණ සංවේදනය මගින් මෙම ස්පර්ශක තිර ක්‍රියා කරයි. මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙහි සාමාන්‍ය stylus එකක් මගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි. එහෙත් මේ සදහා දැන් විශේෂ ස්පර්ශක තුඩු (capacitive stylus) භාවිතයට පැමිණ ඇත.අධික සංවේදීතාවය, කල් පැවැත්ම වැනි වාසි නිසා මෙම තිර වර්ගය බහුලව භාවිත වේ. මේවා භාවිතයේදී ඉක්මනින් අක්‍රීය නොවී දුගු කලක් භාවිත කළහැක.

    • Edge techniques - optical | ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්
    නව තාක්ශණය යොදාගත් මෙම වර්ගයේ සංවේදක සදහා තිරය ඉදිරියෙන් එලන ලද අමතර ලේයර අනවශ්‍යවේ. කෙලින්ම සංවේදනයන් සංවේදක වලට ග්‍රහනය කළහැකි පරිදි සැකසිය හැකිය.ප්‍රධාන වර්ග දෙකකි
    1) Infrared matrix
    2) Lumio
    මේවා එතරම් ජනප්‍රිය තාක්ශනයන් නොවන්නේ කලින් තිබූ අධෝරක්ත සංවේදක (Infrared matrix) වල අකාර්යක්ශමතාවය, අධික මිල සහ සාමාන්‍ය ආලෝකයටද සංවේදී වීමේ හැකියාව ඇති නිසායි. එහෙත් නවතම Lumio තාක්ශණය මගින් ඉතා සංවේදී හා නිවැරදි ලෙස ඕනෑම වස්තුවකින් සංවේදනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ඉතා විශාල තිර සෑදීම සදහාද මෙම ක්‍රමය යොදා ගත හැකි වීම විශේෂ කරුණකි.
    දර්ශන තිරයේ විභේදනය [Display Resolution]
    දර්ශන තිරයක Resolution යනුවෙන් හැදින්වෙන්නේ එහි ප්‍රදර්ශණය වන මුළු පිස්කල් (pixel) ගණනේ එකතුවයි. විභේදනය වැඩි වන්නට වන්නට ඒකක ඉඩක වැඩි පික්සල් ගණනක් ප්‍රදර්ශණය කළහැකි නිසා වැඩි රූප දත්ත ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව ලැබේ. තිරයේ විභේදනය එහි භෞතික ප්‍රමාණය මත රදා නොපවතී.එකම විභේදනය සහිත විශාල තිරයක් හා කුඩා තිර්යකින් වැඩි පැහැදිලිතාවයක් හා රූප දත්ත ලබා දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා තිරයේදීයි. සාමාන්‍යයෙන් smart-phone වල දර්ශන තිරයේ විභේදනය QVGA (320x240 pixels ) සිට WVGA (854x480) දක්වා වන අතර තිරයේ ප්‍රමාණය අගල් 2.5 ක පමණ සිට 4.5 පමණ දක්වා පරාසයක පවතී. කුඩා තිර සදහා අඩු විභේදන තිබීම ගැටලුවක් නොවූවත් විශාල තිර වල පැහැදිලි රූප ලබා ගැනීමට නම් වැඩි විභේදනයක් සහිත තිරයක් තෝරා ගත යුතුය.

    • 2.5’ සදහා QVGA – 320x240 / 480x‍320pixels
    • 2.8’~3.0’ සදහා VGA – 640x480 pixels
    • 3.0’~3.5’ සදහා VGA/WVGA – 640x480 / 800x480 pixels
    • 3.5’+ සදහා WVGA – 800x480 / 854x480 pixels
    තිරයේ ප්‍රමාණය අනුව ඉහත සදහන් අගයන්ට අඩු විභේදනයක් තිබෙන දර්ශන තිර තෝරාගැනීම නිසා තිරයේ දිස්වන රූපවල පැහැදිලි බව හා තත්ත්වය අඩුව දිස්විය හැකිය. මේ නිසා හැකි තරම් විශාල විභේදනයක් සහිත දර්ශන තිරයක් තෝරා ගැනීම කළයුතුය.
    දර්ශනය තිරයේ හා පරිශීලක අතුරු මුහුණතට [user interface] අදාළ අනෙකුත් තාක්ෂණය

    • Full QWERTY virtual keyboard
    QWERTY යතුරු පුවරුව යනු අප දැනට පරිගණක සදහා භාවිත කරන යතුරු පුවරුවට අදාල යතුරු පිළිවෙළයි. (පරිගණක යතුරු පුවරුවේ අකුරු සහිත ඉහලම පේලියේ QWERTY යන අකුරු පිළිවෙල බලන්න). Smart-phone ස්පර්ශක තිරයේ මෙම සම්පූර්ණ හෝඩිය සහිත පුවරුව අත්තාත්වික ලෙස (virtually) පෙන්වීම මෙහිදී සිදුවේ. එමගින් භාවිත කරන්නාට sms, mail හෝ වෙනත් දෑ යතුරු ලියනය කළහැකිය.

    • Accelerometer sensor - ත්වරමාණ සංවේදකය
    මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළ හැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීමටම්(activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදී ද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශා වලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවීම මගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.

    • Gorilla Glass Display
    මෙම සිහින් ඇතිරිලි වර්ගය බිදීම් සහ සීරීම් වලට දැඩිව ඔරොත්තු දෙන පරිදි දර්ශක තිර ආවරණ ලෙස සැකසූ ආරක්ශක තිර විශේෂයකි. විනිවිද පෙනෙන සුළු ආරක්ශක ආවරණය දර්ශක තිරයට උඩින් යොදන අතර මෙය පවිත්‍ර කිරීමට ඉතා පහසුවේ. මෙය පරිසර හිතකාමී අධි ශක්ති alkali-aluminosilicate තුනී පාරදෘශ්‍ය ආවරණයකි.

    • Oleophobic surface
    ඇගිලි සලකුනු සහ සීරීම් ඇතිවීම් අවම කරන ආරක්ශක ඇතිරිලි වර්ගයකි. Gorilla glass display එකක ආකාරයෙන් ක්‍රියාකරත් එතරම් ප්‍රභල රැකවරනයක් ලබා නොදෙයි.

    • Handwriting recognition - අත් අකුරු හදුනාගැනීම
    ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශක සංවේදී තිරයේ ලියන අකුරු හදුනාගැනීම මෙහිදී සිදුවේ. Resistive touch screen තිර බොහෝ විට මේ සදහා යොදාගනී. Capacitive තිරවලට මෙම පහසුකම අත්කරගත නොහැක.

    • Proximity Sensor - ආසන්නතා සංවේදක
    භෞතික සම්බන්දයකින් තොරව සමීපයේ ඇති වස්තූන් හදුනාගැනීම proximity sensor මගින් කළහැකිය. Smart-phone සදහා මෙම සංවේදක උපකරණ බහුලවම යොදාගනු ලබන්නේ ශ්‍රවනේන්ද්‍රිය අසලට දුරකතනය රැගෙන එනවිට ස්වයංක්‍රීයව එහි දර්ශන තිරය නිවා දැමීමට සහ ස්පර්ශක තිරය අක්‍රීය කිරීමටයි. මෙමගින් තිරයෙන් පිටවන තාපය මුහුණට දැනීම වැලැක්වීමත් ශක්ති පරිභෝජනය අඩු කිරීමත් සිදුවන අතර ස්පර්ශක තිරය ශරීරයේ ගෑවීමෙන් දුරකතනයෙන් වැරදි සංවේදන ග්‍රහනය කරගැනීම වලකයි.

    • Multi-touch input method
    ස්පර්ශක සංවේදක තිරය මත එකවර ස්පර්ශ කීපයක් මගින් සංඥා යැවීම මෙහිදී සිදුවේ. ඇගිලි දෙකක් භාවිතයෙන් තිරය විශාල කිරීම (Zoom) සහ scroll කිරීම ආදී විවිධ ක්‍රියා කරගැනීමේ හැකියාව මේ නිසා ජංගම දුරකතනය භාවිත කරන්නාට ලැබේ.

    උපුටා ගැනීම
    http://www.softwarenomile.org/2012/02/smart-phone_20.html
    සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුයි...
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    තොරතුරු වලට නම් ගොඩාක් ස්තුතියි.එත් මචන් මෙච්චර ලොකු Paragraph එකකට රතු වගෙ වර්ණ Use කරන්න එපා,ඇස් වලට අමාරුයි බලාගෙන ඉන්න.
    anyway
    Good Post ....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් ඔක්කොම හොදයි රතු පාට අයින් කරලා වෙන පාටක් දාපන් මචන් :frown:
    +++++ රේප්:P
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Red colour rka api korapan:sorry:!! ela rep+ :lol:

    මචන් ඔක්කොම හොදයි රතු පාට අයින් කරලා වෙන පාටක් දාපන් මචන් :frown:
    +++++ රේප්:P

    තොරතුරු වලට නම් ගොඩාක් ස්තුතියි.එත් මචන් මෙච්චර ලොකු Paragraph එකකට රතු වගෙ වර්ණ Use කරන්න එපා,ඇස් වලට අමාරුයි බලාගෙන ඉන්න.
    anyway
    Good Post ....

    :yes::yes::yes::yes::yes::yes::yes:
    Onna ehenam RED ain kala....
    Thanx machanla.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E


    Sorry machan. meka kalin kenek dapu ekak kiyala man danne ne. man meka dekke man thread eke dapu link eke thibila. ithin nodanna ayata denaganna godak dewal thiyenawa kiyala hithunu nisa man eka link ekath ekka methana post kala. Kalin kenek demmanam I'm really verry sorry machan... :confused::confused::confused: