යුධ තාක්ශණයේ අලුත්ම පෙරලිය ඩ්‍රෝන හමුදාව

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යුධ තාක්ශණයේ අලුත්ම පෙරලිය ඩ්‍රෝන හමුදාව

    යුධ තාක්ශණයේ අලුත්ම පෙරලිය: ස්ටෙල්ත් ඩ්‍රෝන හමුදාව



    drone1.jpg


    2011 මැයි 2දින හිමිදිරි උදෑසන පාකිස්තානයේ ඇබොටාබාද් නගරයට ඉහලින් පියාසර කරමින් තිබූ ස්ටෙල්ත් ඩ්‍රෝන යානයක් එහි කැමරා මගින් ලබාගන්නා සජීවී වීඩියෝ දර්ශණ ධවල මන්දිරයේ මෙහෙයුම් කාර්යාලයේ වීඩියෝ තිරමතට එවමින් සිටියා. කාර්යාලයේ අසුන්ගෙන සිටි ජනාධිපති බැරක් ඔබාමා හා ඔහුගේ ආරක්ශක කවුන්සිලය ඒ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබූ ඔසාමා දඩයම් කරගැනීමේ මෙහෙයුම සජිවීව නරඹමින් සිටියේ එම ස්ටෙල්ත් ඩ්‍රෝන යානයේ උදව්වෙන්.

    ජනාධිපති ඔබාමා ඇතුලු පිරිසට මෙම දර්ශණ ලබාදුන්නේ Lockheed Martin RQ-170 අමෙරිකානු ස්ටෙල්ත් ඩ්‍රෝන යානයකි. ඔසාමා නොදැන සිටියත් මාස ගණනාවක සිටිම CIA ඔත්තු සේවාව මෙහෙයවූ මෙවන් ස්ටෙල්ත් ඩ්‍රෝන යානා ඔසාමාගේ නිවස දෙස පැය විසිහතර පුරාම ඇසගසාගෙන සිටියා. මෙම යානා මාසග ණනාවක් පුරාම පාකිස්තානු රේඩාර්වලින් සැඟවී සිටිමින් ඇබොටාබාද් ඉහල අහසේ පියාසර කිරීමම මෙම යානාවල ස්ටෙල්ත් හැකියාවන් මොනවට පිළිබිඹු කරනවා. ඇබොටාබාද් නගරය පාකිස්ථානයේ ඉහලම මිලිටරි ඇකඩමිය මෙන්ම න්‍යශ්ඨික අවි නිශ්පාදන හා ගබඩා සංකීර්ණ අසලින්ම තිබූ, සූක්ශ්ම රේඩාර් දැළකින් ආවරණය වූ නගරයක් වුනා. ඔසාමා මෙම නගරය සිය වාසස්ථානය ලෙස තෝරාගන්නට ඇත්තේද ඒවන විටත් වසර ගණනාවක් තමා දඩයම් කරගැනීමට වෙහෙසුනු අමෙරිකානු ඔත්තු සේවාවලින් ආරක්ශාවීමටයි. පාකිස්ථානයේ ඉහලම ආරක්ශාව ඇති නගරයකට අමෙරිකානුවන්හට රිසිසේ ඔත්තු බලමින් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිවෙනු ඇතැයි ඔසාමා සිහිනෙකින්වත් සිතන්නට නැතුව ඇති.

    R-170 යානා මගින් හිමිදිරි උදයේ මිදුලේ ඇවිදිමින් ව්‍යායාම කරන ඔසාමාගේ ඡායාරුප ගෙන, එම ඡායාරූප වලින් ඔහුගේ උස තහවුරු කරගෙන සිටියා. රහස් ඔත්තු විශේෂඥයින්ට අනුව මිනිසෙකු කොතරම් වෙස්වලාගත්තද, ප්ලාස්ටික් සැත්කම් වලින් මුහුණ වෙනස් කරගත්තද සැඟවිය නොහැකි එක් දේහ ලක්ශණයක් වන්නේ ඔහුගේ/ඇයගේ උස ප්‍රමාණයයි. ස්ටෙල්ත් ඩ්‍රෝන මගින් විවිධ කෝණවලින් ගත් ඡායාරූප ආධාරයෙන් මිදුලේ ඇවිදින්නාගේ උස මැනගත් සී.අයි.ඒ රහස් ඔත්තු විශ්ලේෂකයින් (intelligence analysts) එම පුද්ගලයාගේ උස, ඔසාමා බින් ලාඩෙන් ගේ උසට සමාන බව තහවුරු කරගත්තා.

    දශක ගණනාවක් පුරාම දුරස්ථව ක්‍රියාත්මක කල හැකි ඩ්‍රෝන තාක්ශණය නිර්මාණය වී තිබුණත් එම තාක්ශණයේ වැදගත් කම අමෙරිකානු යුධ සැළසුම් කරුවන්ට අවබෝධ වුනේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු අල් ඛයිඩාවට විරුද්ධව සොමාලියාව, යේමනය, ඇෆ්ඝනිස්තානය හා පාකිස්ථානයේ දුශ්කර ප්‍රදේශවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට පටන් ගත් අවධියේයි. අමෙරිකාවට අතිශයින්ම සතුරු රජයන් හෝ සංවිධාන බලවත් වුනු මෙම ප්‍රදේශවල තොරතුරු ලබාගැනීමට, සෙබලුන් හෝ කෝටිගණන් වටිනා ප්‍රහාරක යානා නොයවා ප්‍රහාර එල්ලකිරීමේ අවශ්‍යතාවය මත අමෙරිකානු හමුදා සියලු ආකාරයේ ඩ්‍රෝණ තාක්ශණයන් දියුණු කිරීම සඳහා අත දිගහැර බිලියන ගණනින් මුදල් වියදම් කලා.




    අනාගත ඩ්‍රෝන යානා ජයගත යුතු අභියෝග



    දැනට ඩ්‍රෝන යානා සිය මෙහෙයුම් දියත් කරන්නේ ප්‍රතිප්‍රහාර එල්ලකොට එම යානා බිමදැමීම සඳහා සූක්ශ්ම රේඩාර්, මිසයිල පද්ධති හා ඩ්‍රෝන යානාවෙත ඉලෙක්ට්‍රොනික ප්‍රහාර එල්ල කොට ඒවා අඩපණ කල හැකි තාක්ශණයන් නොමැති, ලොව දුප්පත් ප්‍රදේශ වලයි. එහෙත් අනාගත අභියෝග අතිදුශ්කර ප්‍රදේශවල සැඟවී සටන් කරනා මුස්ලිම් අන්තවාදීන් වෙතින් පමණක් නොවන බව අමෙරිකානුවන් දන්නවා.අනාගතෙයේදී රුසියාව, චීනය වැනි අධිතාක්ශණික ප්‍රහාරක හැකියාවන් ඇති සතුරන්ගේ ප්‍රහාරක හැකියාවන් හා ආරක්ශක උපක්‍රමවලට මුහුණ දිය හැකි ඩ්‍රෝන යානා දැන් නිපදවෙමින් තිබෙනවා. Northrop-Grumman RQ-180 එවැනි යානාවක්. අතිශය රහසිගත ලෙස වැඩිදියුණු වන මෙම යානාව අමෙරිකාවේ සුප්‍රකට Nevada Area-51 ප්‍රදේශයේ රහස් පර්යේෂණාගාරවල අවසන් පරික්ෂණවල නිරත කෙරෙන බව වාර්තාවනවා.

    rq-180_drone_concept-1-820x420.jpg



    Northrop-Grumman RQ-180


    සුපිරි ස්ටෙල්ත් තාක්ශණයන් කැටිකොට නිර්මාණය කොට ඇති RQ-180 යානය ඔත්තු බැලීම හා සතුරු ඉලක්ක වෙත ඉලෙක්ට්‍රොණික ප්‍රහාර එල්ලකිරීම සඳහා යොදාගත හැකි බව එවියේෂන්-වීක් ගගන තාක්ශණ සඟරාව පවසනවා.නවීන රේඩාර් පද්ධති හා ගුවන් ආරක්ශක මිසයිල පද්ධති වලින් ආරක්ශිත ගුවන් කලාපවලට රහසේ ඇතුලුවී ඔත්තු බැලීමේ හැකියාව RQ-180 සතුබව පැවසෙනවා.

    අමෙරිකානු ගුවන් හමුදාව RQ-180 අවසන් පරීක්ශණ පියාසැරි සිදුකරද්දී අමෙරිකානු නාවික හමුදාව, ගුවන්යානා ගෙනයන නෞකාවක් මතට ස්වයංක්‍රීයව ගොඩබැසිය හැකි ඩ්‍රෝනයානාවක අවසන් පරීකශණ පියාසැරි සිදුකරමින් පවතිනවා. X4-7B ලෙස නම් කොට ඇති මෙම යානය දැනටමත් සාගරය මැද යාත්‍රා කරමින් සිටින ගුවන්යානා ගෙනයන නෞකා වෙතට පියාසර කොට ස්වයංක්‍රීයව ගොඩබැස්සවීමේ පියාසැරි ගණනාවක් සාර්ථකව අවසන් කොට තිබෙනවා.

    Northrop Grumman X-47B Unmanned Combat Aerial Vehicle (UCAV) ලෙස හැඳින්වෙන මෙම යානය නිර්මාණය කොට ඇත්තේ ගුවන් යානාගෙන යන නෞකාවකින් ගුවන්ගතවී ස්වයංක්‍රීයවම සතුරු ඉලක්කයකට ප්‍රහාර එල්ලකොට මිනිස් ආධාරයකින් තොරව නැවත එම නෞකාවට ගොඩබැස්සවීමට හැකිවන ආකාරයෙන්.නෝත්‍රොප්-ගෘම්මාන් සමාගම නිර්මාණය කරන මෙම යානය සතුව ඉතා සංකීර්ණ කෘත්‍රිම බුද්ධියකින් යුතු රොබෝ නියමුවෙකු හා පියාසර පද්ධති අඩංගු කොට තිබෙනවා. ඊට අමතරව මෙම යානයද ඉතා ඉහල ස්ටෙල්ත් හැකියාවකින් යුතු බව පැවසෙනවා.



    800px-thumbnail.jpg

    2013 ජූලි මාසයේදී අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ ගුවන්යානා ගෙනයන USS George H.W. Bush නෞකාව මතට ස්වයංක්‍රීයව ගොඩබස්වන ලද X-47B යානය


    මහ මුහුදේ යාත්‍රාකරන කුඩා ධාවන පථයකින් යුතු නෞකාවක් මතට සාර්ථකව යානයක් ගොඩබැස්වීම මිනිස් නියමුවෙකුට පවා ඉතා අපහසු කාර්යයක්. X-47B යානාව එම සංකීර්ණ ක්‍රියාවලියම සවයංක්‍රීයවට සිදුකල හැකි බවට පරීක්ශණ පියාසැරි ගණනාවකදී තහවුරු කොට තිබෙනවා.



    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/12/blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කාලෙකට පස්සේ කිරියේ වැදගත් ත්‍රෙඩ් ටිකක් වැටුනා..
    +11 සහෝ
     
    • Like
    Reactions: IDG