nokia_owner said:mokakda ban ara kellawa thathparayak pennala kollek ge puka diha payak withara pennana video ekada

thanx 4 infosanath ekanayake said:
මේ වසරේ මුල් භාගයේදී පමණ මට දැනගන්න ලැබුණා. මගේ රූපයට යම් සමානමක් දක්වන තරුණියකගේ අසභ්‍ය ජවනිකා අඩංගු සී. ඩී තැටියක් නිකුත් කර තිබෙන බව මගේ හිතවතුන් කිහිපදෙනෙක්ම මේ ගැන මාව දැනුවත් කළා.
නමුත් ඒ ගැන නිශ්චිතවම යමක් දැනගන්නා තුරු මම නිහඬව මේ ගැන සොයා බැලුවා. මේ අතරවාරයේ මම මගේ සමීපතයන් හා පවුලේ අය සමග මේ ගැන කතාබහ කළා.
අවසානයේ අපට මේ සී. ඩී. තැටිය සොයා ගන්නට පුළුවන්කම ලැබුණා. හොඳින් ඒක නරඹද්දී තේරෙනවා එහි පෙනී සිටින තරුණිය මගේ රුවට යම් සමානකමක් තිබෙන වෙනත් කෙනෙක් බව.
ඊට පස්සේ තමයි මමත් මගේ මහත්තයත් පවුලේ උදවියත් තීරණය කළේ මේ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කරන්න. ඒ නිසාම අපි පොලිස්පතිතුමා හමුවෙන්න ගියා. අපේ පැමිණිල්ලත් අපි ලි�තව ලබා දුන්නා. පොලිස්පතිතුමා ඒ මොහොතේ ම මෙහි පරීක්ෂණ කටයුතු පොලිස් අපරාධ අංශයට යොමු කළා. මේ මොහොත වනවිට එහි පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා මේ අකටයුත්තකට සම්බන්ධ පිරිස් ඉතාම නුදුරු දිනයකදී අත්අඩංගුවට ගන්න ලැබේවි කියලා.
බොහෝවිට මෙවැනි දේ සිදුවන්නේ "ජනප්‍රිය චරිත" ඉලක්ක කරගෙනයි. මීට පෙරත් ක්ෂේත්රයේ කිහිපදෙනකු සම්බන්ධයෙන් එවැනි අර්බුද මතු වුණා.
ඔව්, එවැනි අවස්ථාවල බොහෝ අය අපහසුතාවට පත්වෙනවා. සිද්ධියට මුහුණ දෙන කෙනා පමණක් නොවෙයි. පවුලේ උදවිය පවා දැඩි අපහසුතාවකට ලක්වෙනවා. ඒ නිසයි අපි එකමුතුවෙලා මෙවැනි දේ වළක්වන්න කටයුතු කරන්න ඕනෑ.
මේ අසභ්‍ය තැටියට මම රංගනයෙන් දායක වන "ඉතිං ඊට පස්සෙ" ටෙලිනාට්‍යයේ නම පවා භාවිතා කර තිබුණා. ආරංචිය ලද මොහොතේ මා තුළ විශාල කම්පනයක් ඇති වුණා. ඕනෑම කාන්තාවක් ඒ වගේ මොහොතක දැඩි අපහසුතාවකට පත්වෙනවා. මමත් එවැනි අසීරුතාවකට පත් වුණා. ඉතිං වැඩිදුර හිතන්නේ බලන්නේ නැති උදවිය එක්වරම මේ ආරංචිය හැබෑවට ගන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒ අය මා දිහා බලන්නේ සම්පූර්ණ වැරැදි කෝණයකින්. මා මෙතෙක් කල් ජීවත් වූ ආකාරයට එය කිසිසේත් මට දරාගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මේවා ශිෂ්ට සම්පන්න මිනිස්සු කරන දේවල් නොවෙයි.·
පවතින අධිවේගී සන්නිවේදන ක්‍රම ඔස්සේ මෙවැන්නක් ව්‍යාප්ත වීමේ ඉක්මන වැඩියි. මෙහිදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම ක්ෂේත්රයේ නියෑලුණු අයගේ යම් මැදිහත්වීමක් අවශ්‍ය වන බව අපි විශ්වාස කරනවා.
ඔව්, මීට පෙරත් නිළියන් කිහිපදෙනකු මේ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා. ඒත් ඒ අය සහ පවුලේ හිතවතුන් ඇරුණු විට කිසිවෙකුත් ඒ අයගේ උදව්වට ආවේ නැහැ. විශේෂයෙන් "කාන්තාවන් වෙනුවෙන්" දැක්විය යුතු දායකත්වයක් සමහර අය දැක්කුවේ නැහැ.
රහසිගතව හුවමාරු වෙන මේ දේවල් එක එල්ලේම සොයා බලා නතර කිරීම කරන්න අපහසු දෙයක්. ඒත් අපි මේ දේවල්වලට නිශ්ශබ්දව ඉන්න නරකයි. හැකි පමණ මෙවැනි අශ්ශීල ක්‍රියාවල යෙදෙන්නන්, නීතිය හමුවට ගෙනැවිත් ඔවුනට දැඩි දඬුවම් පමුණුවන්න ඕන, ඒක එවැනි ක්‍රියාවල යෙදෙන අයට පාඩමක් වේවි.
අපේ රටේ නීති පද්ධතිය පවා මෙවැනි ක්‍රියාවලට එරෙහි වන සේ දැඩි කළ යුතුයි. එතකොටවත් මේ පිළිකුල් සහගත ක්‍රියාවලිය අඩුවෙයි.
ඒත් මේ ක්ෂේත්රයටම පාතබන බොහෝ දෙනෙක් ස්වකැමැත්තෙන් මෙවැනි චිත්‍රපට තුළ පෙනී හිටින බවටත් මතයක් තිබෙනවා.
මෙතැනදී ස්ව කැමැත්තෙන් පෙනී සිටින කාරණය ගැන විවාදයක් නැහැනේ. ඒකට එවැනි අය කලබල වෙන එකකුත් නැහැ.
ගැටලුව කෙනෙක්ගේ නම අපකීර්තියට ලක්වන ආකාරයට ඇයගේ රූපයට සමාන කෙනෙක් ඒ නමින් පෙනී හිටීමයි. ඒක කොයිතරම් නින්දිත ද?
නිකමට හිතන්න මෙවැනි අශ්ශීල වැඩ කරන අයට මවුවරු- සහෝදරියන් නැද්ද? එවැන්නකු යම් විදියකින් මෙවැනි චිත්‍රපටයකට සම්බන්ධ වුවොත්, නැතිනම් සමාන කෙනෙක් යෙදුවොත් ඒ අයට කොපමණ රිදේවිද?
ඒ නිසා මම නම් සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම ඉල්ලන්නේ කෙනෙක්ගේ නම අපකීර්තියට ලක්වෙන ආකාරයේ ගැන යමෙක් ප්‍රචාරය කරනව නම් ඒක අදාළ නීතිමය අංශවලට දැනුම් දෙන්න. ප්‍රචාරය කරන තමන්ගේ මිතුරාට, එහි ඇති අශීලාචාර බව පහදලා දෙන්න. එවැනි සී. ඩී. පට විනාශ කරන්න. තමන්ට ලැබෙන එවැනි විද්‍යුත් ලිපි - රූප (E-mail) මකා දමන්න. ඔබ මේ යහපත් කාර්යය කරන්නේ ඔබේ මව සහෝදරියගේ ගෞරවය ද රකින්නට බව සිතන්න.·
ඇත්තෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. මාධ්‍ය මගින් මේ කාරණය නිවැරැදි කර ගන්න දක්වන සහයෝගයට ස්තුතිය පළ කරනවා. ඒත් එක්කම මගේ හිතුමිතුරන්ටත මා වෙනුවෙන් නිවැරැදි දේට පෙනී හිටීම ගැන ස්තුතිය පළ කරනවා.
සංවාදය උදේශ ගමගේ
from Divaina-today
deegopower said:hmmm ive seen it ......bout i dont wanna talk about its useless mate..........