මෙහෙමයි මල්ලි, මේ අය කරන හැමදේම වැරදියි කියන්නේ නැහැ මම, එත් මේ අය හරි දේ හරි කියල පිළිගන්නේ නැහැ, හැමදේටම විරුද්ධ වෙන එකයි කරන්නේ. ඒ අතරේ ගොඩක් ඒවා අසාදරනයි, අනික හොස්ටල් ඉන්න එකා තමයි උන්ට පොර, අනිත් එකාට කැපිල්ල, (හරි ගොන් ගැටී ගහන්නේ) අනික තමයි JVP එකට කඩේ යන එක. කැට හොල්ලනවට මම බනින්නේ නැහැ, එහෙම හොල්ලන්න එක්කන් යන්නේ 1st year එවුන්ව, එහෙම යනකොට පලයල්ලා, හැබැයි අන්තරේ සාමාජිකයෝ වෙන්න එපා. (යන්න කිව්වේ උබලට උබලගේ තැනකට ගිහින් බය නැතුව කතා කරන්න, මනුස්සයෝ එක්ක ගනුදෙනු කරන්න, අත්දැකීම් එක්ක සබකෝලය නැති කරගන්න වෙන තැනක් නැහැ) අන්තරේට යන්න එපා කිව්වේ උබල මෙච්චර දුර ඇවිත් ආව ගමන මග නවත්තන්න ඕනේ නැති නිසයි, අහිංසක දෙමවුපියන්ට උබලට සලකන්න තියෙන අවස්තාව මග ඇරෙන නිසයි.
කැම්පස් එකේ අන්තරය කියන්නේ එක ශිෂ්‍ය සංගමයක් විතරයි, තව සංගම් 70ක්,80ක් ඇති. අන්න ඒ වගේ එකකට යන්න මල්ලි.
අන්තරේ හොදකුත් තියෙනවා, අන්තරේ නැත්නම් අද රජයේ විශ්ව විද්යාල ඉස්කෝල ගානට වැටෙයි. ශිෂ්‍ය අසාදාරණයන් උනාම පාලකයෝ එක්ක කොන්ද කෙලින් තියන් කතා කරන්න කෙනෙක් නැති වෙයි. එක නිසා අන්තරේ එක්ක හිටියට, එකට කඩේ යන්න එපා. විරුද්දව යන්නත් එපා, මධ්‍යස්තව ඉන්න. (කැම්පස් එකේ 50%ට වඩා ඉන්නේ මධ්‍යස්ත අය)
කරන දෙයක් දෙතුන්පාර හිතල කරන්න.
ජය වේවා!!!!