අවලංගු වෙයි 88/89 කාලේ ඉඳපු උන් මැරිලා ගිය දවසක. මට අවුරුදු 10යි ඔය භීෂණ කාලේ. ලෙඩකට බෙහෙතක් ගන්න තිබ්බේ නැහැ පරිප්පු ළූණු තිබ්බේ නැහැ මොකද දන්නවද ඒවා ඉන්දියන් ආනයන නිසා, ඉස්සර රටලූණු වලට කිව්වේ බොම්බයි ළූණු, පරිප්පු මයිසූර් පරිප්පු, ඒ නම් වෙනස් කරන්න වුනා ජේවීපී තර්ජන නිසා, හිතාගන්න උන්ට තිබ්බ පිස්සුවක තරම. බෙහෙත් තිබ්බේ නැහැ, මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටි නිසා මේක මතක මගේ තාත්තා බෙහෙත් හෙව්වා රට පුරාම. හේතුව ඉන්දියන් බෙහෙත් විකුණන්න මිනිස්සු බය වුනා. ඊළඟට එක දවසක් ගමේ පාලම උඩ මිනිස්සු මරල තිබ්බ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි මරල තිබ්බේ. ඔළුව ගඟේ, ඉතිරි කඳ පාලම උඩ. උන් හිටපු ගමන් චිට් එවනවා ලයිට් නිවන් ඉඳපන් පහන් ලාම්පු මේ මොකවත් බැහැ. එදාට බිල්ලෝ එනවා, මගේ ලොකු තාත්තා පැහැරගෙන යන්න හැදුව ආවා, එත් වෙලාවට ගම ගැන හොඳට දන්නා මනුස්සයා පොර බැදලා කරුවලේම පැනල ගියා,, ඔහුට අවුරුදු දෙකක් විතර පිටුවහල් වෙලා ඉන්න වුනා, හොඳම යාළුවගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ඔහුව මරල තිබ්බා. මේවා කෙප්ප නෙවේ ඕනෑම කෙනෙක්ට සත්‍යාසත්‍යතාව පරීක්ෂා කර බලන්න පුළුවන්. අයිඩෙන්ටි කාඩ් එකතු කරන්න ආපු උන් දෙන්නත් තාම මතකයි. ඊට පස්සේ උන් ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා විනාස කළා, අවුරුද්දක් විතර කරන්ට් නැතිව හිටිය. දෙය්යන්දර හක්මන මුලටියන තිහගොඩ රජයේ කාර්යාල සියල්ලම පුච්චලා තිබ්බ, බස් ඩිපෝ වල පුරවල තිබ්බ පුච්චපු බස් ටික, යටියන උලුකම්හල්, තේ කම්හල් ගිනි තියල තිබුන. උසස්පෙළ සාමාන්‍ය පෙළ විභාග වලදී තක්කඩි හැත්ත උන්ගේ අය්යල ජේවීපී කල නිසා ප්‍රසිද්ධියේම විභාග වංචා කළා. හමුදාවෙන් වාහන පවරාගත්තා වාහන අයිතිකරුවන්ට සිද්ද වුනා ඒවා භාරදෙන්න. කලබල ඉවර වෙලා කාලයකට පස්සේ ඒවා ආපහු ලැබුනේ උඹ 88/89 මතක් කල නිසා ඔය ලිව්වේ.