චන්ද්රිකාගේ කතාවෙදි අත්පොළසන් ලැබුනේ බලු කූඩුවට දාන කතාවට. බොදු බල සේනාවේ අඩුපාඩු තිබෙන බව අපිත් පිළිගන්නවා. ඒත් ඒවා බොබසේ සමග කතා කර විසඳ ගන්න පුලුවන්. නැත්නම් දැන් චන්ද්රිකාට බලය තියෙන නිසා නීතිමය ක්රියාමාර්ග ගන්න එකනේ තියෙන්නේ. ඒත් මුස්ලීම් අය ඉස්සරහට ගිහින් තමන්ගේම ජාතියට බනින එක මොන තරම් හිරිකිත වැඩක්ද? හැරත් භික්ෂූන් වහන්සේලාව බලු කූඩු වලට දාන්න කතා කරන එක බෞද්ධයෙක්ගේ කටින් පිට වෙන දෙයක්ද...
අපි දැනන් හිටපු විදිහටනම් මේ රටේ හැම ප්රදේශයක්ම ජාතිබේධයකින් තොරව ශ්රී ලාංකිකයින්ට අයිතියි. බැලුවම මේ රටේ වෙනම මුස්ලීම් ප්රදේශ කියලා දේකුත් චන්ද්රිකා හඳුනාගෙනනේ. චන්ද්රිකා නෝනේ ජාතිවාදය ඇති කරන්න එපා. ඔය එන්නේ ෆෙඩරල් දෙන්න නොවේද