මේක දැක්කම මතක් වුනේ 1999 දි උඩුදුම්බරදි මගේ තාත්තා ගමන් කරපු බස් එක පෙරලුනා අඩි 500ක් පහලට. මේ වගේ නෙමෙයි පාරට පේන් නැති ගානටම පහලට වැටිලා තිබ්බා. ලොකුවට ආරක්ෂක වැටවල් නැති කාලේ. ඒක ජපන් බස් එකක්. AC බස් තිබ්බෙ සීට් 32. ඒකේ 16ක් හරි 19ක් හරි මැරුණා කොන්දොස්තරත් ඇතුලුව. පෙර පිනකට තාත්තට ලොකු කේස් එකක් වුනේ නෑ. එකේ නම් වෙලා තිබ්බේ ලොරියක් වංගුව කෙලින් කරලා ලොරිය බේරන්න අයිනට කපලා ඒකෙන් බස් එක එලියට පැනපු එකෙන්. එකෙක් බේරන්න අන්තිමට ජීවිත ගානකට වන්දි ගෙවන්න වුනා.