මිගාරගේ මව් පුවරුවේ අලුත්ම තත්වය.
අපේ වාසනා කේක් මිගාරගේ මව් පුවරුවේ ගැටලුවක් ඇති වූ බව මම ඊයේ උණුසුම් පුවත් තුලින් ඔබ වෙත ගෙන ආවා. ඒ පිළිබඳ අලුත්ම තත්වය ගෙන එන්නයි මේ සූදානම.
අද උදෑසන කාලයේ මිගාර මව් පුවරුවත් රැගෙන යුනිටි ප්ලාසා හී අදාල වෙලඳ ආයතනය ව්එත ගිය බව මට දැන ගන්නට ලැබුනා. මිගාර මෙම ආයතනයට ගොස් ඇත්තේ තනිව නොවේ. මම ඊයේ සඳහන් කළ ආකාරයට ඔහු ගොස් ඇත්තේ තම මිතුරන් කිහිප දෙනෙකුද සමගයි.
කෙසේ හෝ එම ස්ථානයට ගිය මිගාරට නම කියූ සැනින් ලැබී ඇත්තේ බොහෝම උණුසුම් පිලිගැනීමක්. අදාල මව් පුවරුව වෙනුවට හෙට උදෑසන 10ට නව මව් පුවරුවක් ලබාදීමට එම ආයතනය මිගාරට පොරොන්දූවී තිබෙනවා. (පැය 24කින් warranty claim කලා කියලා ඇහුවාමයි.)
කෙසේ වුවත් තත්වය මෙසේ තිබියදීත් හෙට උදෑසන යුනිටි ප්ලාසා හී අදාල වෙළඳ ආයතනය වෙත යාමට මිගාර තවමත් බියෙන් සිටිනා බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනා.

ලැබෙන පරිදි තොරතුරු ගෙන ඒමට පෙරේරා අවදියෙන්.