මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්‍රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්‍රි කියන තරම් කොලිටි නෑ. මම බැට්‍රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්‍රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්‍රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්‍රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්.
UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක Dcp 650 Version 2.0වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්.