මේ කතාවෙ කියවෙනවට වඩා දෙයක් මම දකිනව.ලංකාවෙ අපේ සංස්කෘතිය හැදිල තියෙන්නෙ දෙමවුපියනට දරුවන් ඉදිරියෙ කිස් එකක්වත් දී ගන්න පුලුවන් රටාවකට නෙවෙයි .ඒත් දෙමවුපියන් අගේට මරාගන්නව දරුවන් ඉදිරියෙ.දරුවන්ට කවදාවත් වැඩිහිටියන් ආදරය කරනව දකින්න ලැබෙන්නෙ නැහැ .මම ඉන්නෙ ඊශ්රායල් වල .මම වැඩකරන කිට්ටුව zoo එකක් තියෙනවා .දවසක් අවුරුදු 8/13 ලමයි අරගෙන කට්ටියක් ආව.ඒ වෙලාවෙ මොනරු දෙන්නෙක් සෙක්ස් කරන්න ලෑස්ති වුනා.ඒ ගුරුවරු ලමයි සේරටම කතා කලා ඒක පෙන්නන්න .අපේ රටේනම් ගෑනු බිම බලාගනී ලමයිව එතනින් එලවයි .පිරිමි රටේ නැති කුනුහරප කියයි.අපේ රටේ මිනිස්සු කොච්චර පීඩනයකින් ඉන්නවද කියල තේරෙනව වෙන රටකට ආවහම.