Urgent: ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුදාමය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ඔබේ මතය?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුදාමය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. හොඳම ඔප්ෂන් එක මොකක්ද?

  • එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව

    Votes: 13 56.5%
  • ඉන්දීය හමුදාව

    Votes: 3 13.0%
  • උතුරු අත්ලාන්තික් යුද සන්ධානය (ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු)

    Votes: 6 26.1%
  • මහජන චීන හමුදාව

    Votes: 1 4.3%

  • Total voters
    23

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රටේ දැන් තියෙන තත්වය අනුව ජාත්‍යන්තර හමුදාමය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ඒක කඩිනමින් වුනේ නැති නම් මුළු රටම ලේ විලක් වෙනවා. අපේ ජීවිත ගැනත් ෂුවර් නැහැ. මම පොල් එකක් ඕපන් කරන්න හිතුවා, ජාත්‍යන්තර හමුදාමය මැදිහත් වීමක් වෙනවා නම් හොඳම ක්‍රමය මොකක්ද කියල අහන්න. මම කැමති අනුපිලිවෙල මේකයි.

    1. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව: මම කැමතිම ඔප්ෂන් එක මේක. මුළු ලෝකෙම රටවල් අර්බුදකාරී තත්වෙකට පත් වුනාම මැදිහත් වෙන පිළිගැනීමක් සහිත හමුදාවක්. මේක ඇත්තටම නිත්‍ය හමුදාවක් නෙමෙයි. විවිධ රටවල්වල භට පිරිස් මේකට සේවය ලබා දෙනවා. මේ වගේ මැදිහත් වීමක් වුනොත් විදේශ රටවලින් මානුෂීය ආධාර එනවා.

    2. ඉන්දීය හමුදාව: 1987-1988 කාලෙදි අපේ රටේ 'වඳුරු හමුදාව' කියන නිග්‍රහයට ලක් වුනාට මම හිතන්නේ දෙවෙනි හොඳම ඔප්ෂන් එක. හමුදාවක් හැටියට වෙනත් බලවත් හමුදා තරම් අග්රෙසිව් නැහැ. අනික ඉන්දීය හමුදාවන්ට අපේ හමුදාව සහ රටවැසියන් සමග වෙනත් රටවලට සාපේක්ෂව සංස්කෘතික සමීපත්වයකුත් තියෙනවා. කොහොමත් ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඉන්දියාවත් එක්ක අපිට නිගෝශියේට් කරන්න පුළුවන් ඉඩකඩ වැඩියි.

    3. නේටෝ අක්ෂය: එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු රටවල් එකතුව පිහිටුවා ගත් යුද සන්ධානය. මේක ඔරිජිනලි බිහි වුනේ සෝවියට් දේශයේ නැගීම තමන්ට තර්ජනයක් කියල දැනිච්ච යුරෝපීය රටවල්, තම මිත්‍ර පාක්ෂික ඇමරිකාවේ යුදමය රැකවරණය පතපු නිසා. ඇමරිකාවටත් මේක වාසි වුනා. මම දෙවනියට අකමැති ඔප්ෂන් එක මේක. ඔවුන්ට මානව හිමිකම් කඩ කරපු චෝදනා තියෙනවා. ඒත් අඩු වශයෙන් කඩා වැටිච්ච රටවල් වෙන ඉරාකය, ඇෆ්ගනිස්තානය වගේ රටවල යුද මෙහෙයුම් කටයුතු නිසා බොහෝ අත්දැකීම් තියෙනවා. අනික කොහොමත් ඇමරිකානු සහ බටහිර යුරෝපීය රටවල් මානව හිමිකම් වලට ලොකු තැනක් දෙන නිසා සහ ඒ රටවල නීති පද්ධතිය ශක්තිමත් නිසා වෙනත් රටක හමුදාවන්ට සාපේක්ෂව ඔවුන් තම රටවල ව්‍යවස්ථාදායකයන්ට වගකියනවා. ඒත් එයාල ආවොත් එන්නේ භූ දේශපාලනික අභිලාශ තියාගෙන එන්නේ කියන එක අමතක කරන්න නරකයි. ඔවුන් ලංකාවට ආවොත් නේටෝ කඳවුරක් පිහිටුවනවා විතරක් නෙමෙයි, ඒකෙන් අපේ අසල්වැසියා එකේ තියෙන හිත හොඳකම නැති වෙනවා.

    4. මහජන චීන හමුදාව: මම අකමැතිම ඔප්ෂන් එක මේක. ලංකාව වගේ චොර වෙච්ච රටක් බාර ගන්න ගොඩක් රටවල් අකමැති වුනොත් චීනා එන්න පුළුවනි. (කොහොමත් නේටෝ මෙහෙයුම්වලට දරන්න වෙන වියදම් නිසා ඔවුන් දැන් දැන් වියදම් අඩු කරගන්න ක්‍රියාමාර්ගවලට යනවා.) මොකද චීනට ලංකාවෙන් ගන්න පුළුවන් වාසි තියෙනවා. චීනයට මානව හිමිකම් කඩ කිරීම ගැන චෝදනා තියෙනවා. එයාල කොහොමත් එන්නේ භූ දේශපාලනික අභිලාශ තියාගෙන. අනික මේ හමුදාවට ලංකාවේ මිනිස්සු එක්ක හොඳින් පෑහෙන්න බැහැ. මෑත කාලීන සිද්ධිත් එක්ක චීනය සහ චීන සංස්කෘතිය ගැන ලංකාවේ එවුන්ට තියෙන්නේ අපුලක්. චීන හමුදාව ආවොත් ඔවුන් ගොඩක් අග්රෙසිව් විදියට බලය පෙන්වාවි. අනික පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, අසීමාන්තික ජාතිකවාදයකින් මෙහෙයවෙන රටක් වෙච්ච චීන හමුදාව නිසැක වශයෙන්ම අපේ රටේ අප්‍රසාදයට පත් වේවි. විශේෂයෙන් ඔවුන්ගේ ආහාරවල ඉඳලා එන ඇවතුම් පැවතුම් නිසා. ඒකෙන් ඔවුන්ගේ ඵලදායකත්වයත් අවම වෙනවා. නේටෝව වගේම මුනුත් ලංකාවට ආවොත් චීන යුද කඳවුරක් පිහිටුවනවා. ඇමරිකාවටත් වඩා ඉන්දියාවේ ඇරියස් එක තියෙන්නේ චීනෙත් එක්ක නිසා ලංකාවට දරුණුම ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙන්නේ මෙතනින් තමා.

    Edit: හමුදාමය මැදිහත් වීමක් යනු මෙතන සමහරුන් පෝස්ට් දමා ඇති විදියට බලහත්කාරීව වෙන දෙයක් නොවේ. එය පාර්ශ්ව දෙකේම එකඟතාවෙන් වෙන දෙයකි. කොටින්ම ශ්‍රී ලංකා රජයේ එකඟත්වයක් නැතුව එය කරන්නට බැරිය. කළත් ඒ සඳහා බලපාන ප්‍රබල සදාචාරාත්මක හේතුවක් තිබිය යුතුයි. ඒ අනුව එමගින් නෛතිකව ස්වෛරීත්වය අභියෝගයට ලක් වන්නේ නැත. (ප්‍රායෝගිකව එසේ වීමට බොහෝ ඉඩ ඇත.) එය මූලික වශයෙන් රටක පවතින කැළඹිලිකාරී තත්වය සමනය කිරීම සඳහා යොදවාගනී. එසේ නැතිව එය ප්‍රචණ්ඩත්වය මුදවා හැරෙන ආක්‍රමණයක් වැනි යමක් නොවේ. මා බයියකු සේ පෝස්ට් දමන අය ගැන කනගාටු වනවා හැරෙන්නට කළ හැකි දෙයක් නැත. :rolleyes2:
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    IMG_Spittoon%25283%2529.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ නිකන් පලයන් පකෝ
    බේරේ වැවට පැනපන් ගිහිල්ලා
    උබේ පවුලේ එවුනුත් ඇති
     
    • Like
    Reactions: Die-hard

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් මේක පටන් අරන් ඉවරයි. මේක දැන් මහින්දයි, ගෝටයි රට පනිනකම් හරි, මිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙනකම් හරි දිගටම යනවා. :sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මයිනවයි හැතිකරේවයි බේරගන්න දැන් ඉතින් මොන සක්කරවර්ති ආවත් බෑ මිට්ටෝ. රටේ හමුදාවයි පොලිසියයි ඔක්කොම සපෝට් නිදහස් අරගලයට දැන්.

    රාජපස්ස ඉල්ලන් කෑවෙ බයියො දම්මලා

    මොන රටේ හමුදාවද එන්නෙ ඕයි ගොන් ආතල් පෝස්ට් දාන්න එපා මානසික ඩයල් එකක්ද තෝ
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මූලු ලංකාවම ඇමරිකාවට විකුනපන්.$ ප්‍රශ්න ට දිගුකාලීන විසදුමක්