ස්තුති
ස්තුති
අම්මා ගහනවා බැට් එකෙන් කිව්වලු. මාර සිස්ටම් එකක් නේ ඒක .
ඉන්දරේ මහත්තයාගේ විස්තරණේ මට තේරුණා විදියට මෙයාලගේ පක්ෂෙන් එකෙක් නැහැ ජානධිපතිවරණ අපේක්ෂකයා විදියට. පක්ෂෙන් සෙට් එකක් ඉදිරිපත් කරනවා . ප්රාන්තෙන් ප්රාන්තෙට චන්දයක් තියලා ඉදිරිපත් වෙන අයට හම්බෙන චන්ද ගැන ගණන් කරනවා. ඊට පස්සේ වැඩිපුරම ප්‍රාන්ත දින්න එකා ඒ පක්ෂේ අපේක්ෂකයා විදියට චන්දෙට ඉදිරිපත් කරනවා. මේක තමා සිරා ජනාධිපතිරවරණේ.
මට තේරුනේ නැත්තේ මේ සීන් එක
මේක නිකන් අයෝවා ප්රාන්තෙට ආසන 40ක් තියෙනවා . ඒ ආසන හතළිහෙන් ආසන 20කම ගත්තේ ට්‍රම්ප් ගේ පැත්තේ අය .
හැබැයි අපි මෙහෙම ට්‍රම්ප් ට්‍රම්ප් කියා කියා හිටියට ට්‍රම්ප් ගේ පැත්තෙන් ඉල්ලන වෙන එකෙක් ට්‍රම්පට් ට වඩා වොට් අරගෙන ප්‍රාන්ත ගොඩකින් ට්‍රම්ප් ගේ පක්ෂේ අපේක්ෂකයා වෙන්න පුළුවන් නේද ජානධිපතිවරනෙට ?
ඔව් පුළුවන්. Trump ගෙ පක්ෂය Republican. අනිත් පැත්ත Democrat. Republican අපේක්ෂකත්වය ගන්න තමයි Trump, DeSantis, Hailey තුන් දෙනාම තරඟ කරන්නෙ. දැන් පිළිවෙළින් 20, 9, 8 තියෙනවා එයාලට. ඔහොම 50 ම ගියාම වැඩිම තියෙන කෙනා අපේක්ෂකයා. ඊට කලින් අනිත් අය අයින් වෙලා එක්කෙනෙක් ඉතිරි වුණොත් එයා අපේක්ෂකයා.
හැබැයි මේකයි, practically බැලුවාම මාර්තු 5 තියෙනවා Super Tuesday කියල එකක්. එදාට States බර ගාණක් ඡන්දය තියනවා. එදාට සාමාන්‍යයෙන් කවුරු හරි ගොඩක් ලොකුවට දිනුවොත්, අනිත් අයට කොච්චර ගත්තත් ඉස්සර වෙන්න බැරි වෙනවා. මොකද පස්සෙ තියෙන States ඔක්කොම දිනුවත් total එක මදිනෙ.
උදාහරණයක් විදිහට 2020 දි State 50 මුළු එකතුව 2550 යි delegates ලා. එතකොට කවුරු හරි 1275 පැන්නොත් එයා අනිවා දිනුම්නෙ. හැබැයි එච්චර ඕනෙත් නෑ. දැන් ඊයෙ අයින් වෙච්ච Vivek ට 3 ක් හම්බුණා. ඉස්සරහට යද්දි අනිත් අයටත් 300 - 400 හම්බෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණාම Trump 1000 ක් වගේ පැන්නත් practically ඉතිරි ටිකෙන් එ‍් ගාණ පන්නන්න අනිත් අයට බැරි වෙන්න පුළුවන්නෙ. උදා: එතකොට DeSantis 600 යි, Hailey 600 යි අරන් හිටියොත් ඉතිරි 350 ම කවුරු ගත්තත් 950 නෙ.
වැදගත්ම දේ සමහර ප්‍රාන්තවල තනි ඡන්දෙකින් දිනුවත් මුළු ගාණම දිනන කෙනාට. ඉතින් අනිත් අයට යාන්තම් පැරදුණත් හුළං. එකපාර 200 විතර අාවාම ඕක සෑහෙන වෙනස් වෙනවා අල්ලන්න බැරි වෙන්න.
ඔහොම tipping point එකක් එනවා ඉස්සරහට යද්දි. එතනින් සාමාන්‍යයෙන් නම් primacy එක ඉවර වෙලා presumptive nominee කියල දිනපු කෙනා පත් වෙනවා. හැබැයි අැත්ත අපේක්ෂකත්වය පස්සෙ.
ජනාධිපතිවරණෙත් නොවැම්බර් තිබුණට දිනන කෙනා President elect විතරයි. අැත්තටම ජනාධිපති වෙන්නෙ ජනවාරි 20 දිවුරුම් දුන්නම.