US වල චන්දෙ තියන්නේ කොහොමද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    අද ට්‍රම්පච්චිගේ සීන් එකක් කනට වැටුන නිසා පොඩ්ඩක් ගුගල් එකේ ගැහුවා මෙහෙම "us election results" එතකොට ආව මෙහෙම එකක්
    1705421990395.png

    අවන්කෝම මන් හිතන් හිටියේ ලංකාවේ වගේ චන්ද සීන් එකක් මේකේ තියෙන්නේ කියලා ): හැබැයි එහෙම නෑ වගේ. මේ සීන් එක මොකක්ද. ඇයි එක එක ප්‍රාන්ත වල එක එක දවස් වල චන්දෙ තියෙන්නේ ? එතකොට මේ අද අයෝවා කියලා ප්‍රන්තෙක තියෙන්නේ ජනදිපතිවරණේ එනේමේද? මුන්ගේ වෙනමම සීන් එකක්ද යන්නේ ?
     
    • Like
    Reactions: IndrajithGamage

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,137
    3,072
    113
    me chande nemei machn. caucus eka. political parties 2k tiye democratic and republican kiyala.

    me parties 2 multiple presidential candidates la innawa. e ayagen kauda main candidate kiyala thoraganne me caucus walin. mewain cut off votes walata wada ganna one main presidential candidate wenawa.

    republicans la ohoma public votes pennanawa. but democrats la lagadi idan ehema na. passe thamai results out karanne.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අද ට්‍රම්පච්චිගේ සීන් එකක් කනට වැටුන නිසා පොඩ්ඩක් ගුගල් එකේ ගැහුවා මෙහෙම "us election results" එතකොට ආව මෙහෙම එකක්
    View attachment 222829
    අවන්කෝම මන් හිතන් හිටියේ ලංකාවේ වගේ චන්ද සීන් එකක් මේකේ තියෙන්නේ කියලා ): හැබැයි එහෙම නෑ වගේ. මේ සීන් එක මොකක්ද. ඇයි එක එක ප්‍රාන්ත වල එක එක දවස් වල චන්දෙ තියෙන්නේ ? එතකොට මේ අද අයෝවා කියලා ප්‍රන්තෙක තියෙන්නේ ජනදිපතිවරණේ එනේමේද? මුන්ගේ වෙනමම සීන් එකක්ද යන්නේ ?
    මේ පක්ශ ඇතුලේ චන්දේ. Candidate තෝරන්න.
     
    • Love
    Reactions: wissnshaftler

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518

    නෑ බං මේ party එකේ nomination ගන්න තරඟය හෙවත් primary එක. ලංකාවෙ වගේ පක්ෂ හැට හුට හමාරක් නෑනෙ. තියෙන්නෙ දෙකයි.

    ඉතින් පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂක තෝරන්න වෙනම තරඟයක් තියනවා. එ‍්ක එක එක විදිහට තමයි States 50 දි පැවැත්වෙන්නෙ.

    සාම්ප්‍රදායිකව Iowa තමයි GOP එකේ පළවෙනි State එක. Causus වැඩේ සරලව ගත්තොත් State එක පුරා මධ්‍යස්ථාන 1700 ක විතර එකපාර පැවැත්වෙන වැඩක්. එ‍්කෙදි හැම අපේක්ෂකයගෙම නියෝජිතයෙක් සහභාගි වෙනවා. ඡන්ද හිමි කැමති කෙනෙක්ට යන්න පුළුවන්. ගිහින් හැම නියෝජිතයෙක්ගෙම කතාව අහලා ඊට පස්සෙ කැමති කෙනාගෙ නම ලියල බාල්දියකට දානවා. ඉවර වුණ ගමන් ගණන් කරලා ප්‍රතිඵලය කියනවා. එ‍්වා 1700 ගාණම එකතු වෙනවා.

    අනිත් ප්‍රාන්තවල වැඩේ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමහර එ‍්වාගෙ සාමාන්‍ය ක්‍රමයටම කතිර ගහන ඡන්ද පැවැත්වෙනවා.

    කොහොම හරි මේකෙන් කරන්නෙ නියෝජිත ඡන්ද හෙවත් delegate ලා ප්‍රමාණය ගණන් හදන එක. Iowa වල 40 ක් තියෙනවා. එ‍්කෙන් ඊයෙ ට්‍රම්ප්ට 20 ක් හම්බුණා. සමහර States වල winner take all, නැත්නම් දිනන කෙනාට සේරම ලැබෙනවා. ඊළඟට තියෙන New Hampshire එහෙමයි.

    ඔහොම රටේම තියෙන States 50 න් වැඩිම නියෝජිත ඡන්ද ගන්න කෙනා තමයි එ‍් පක්ෂෙ ජනාධිපති අපේක්ෂක. හැබැයි අනිත් අය drop වුණොත් ඉතිරිවෙලා ඉන්න කෙනාට ඉබේමත් nomination හම්බෙනවා.

    එහෙම තෝර ගන්න දෙන්නා තමයි අන්තිමට තරඟ කරලා ජනාධිපති තෝරන්නෙ. එතනත් මුළු ඡන්ද ප්‍රමාණය අදාළ නෑ. State එකෙන් එකට තියෙන මැතිවරණ කොලිජි (electoral college) ගාණ එකතු කරලා 270 කට වැඩි ගාණක් ගන්න කෙනා තමයි ජනාධිපති. හැම state එකක්ම වගේ දිනන කෙනාට මුළු electoral collage ගාණම දෙනවා maine ප්‍රාන්තය වගේ අතලොස්සක් හැර. State එකේ ජනගහණය අනුව තමයි electoral college ලැබෙන්නෙ. කැලිෆෝර්නියාවෙ 56 ක් තියෙනවා. සමහර පොඩි state වල 3 ක් 4 ක් තියෙන්නෙ.

    පට්ටම ක්‍රමයක් මොනවා වුණත්. වෙලාවක study කරල බලහන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    me chande nemei machn. caucus eka. political parties 2k tiye democratic and republican kiyala.

    me parties 2 multiple presidential candidates la innawa. e ayagen kauda main candidate kiyala thoraganne me caucus walin. mewain cut off votes walata wada ganna one main presidential candidate wenawa.

    republicans la ohoma public votes pennanawa. but democrats la lagadi idan ehema na. passe thamai results out karanne.
    ස්තුති
    මේ පක්ශ ඇතුලේ චන්දේ. Candidate තෝරන්න.
    ස්තුති
    නෑ බං මේ party එකේ nomination ගන්න තරඟය හෙවත් primary එක. ලංකාවෙ වගේ පක්ෂ හැට හුට හමාරක් නෑනෙ. තියෙන්නෙ දෙකයි.

    ඉතින් පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂක තෝරන්න වෙනම තරඟයක් තියනවා. එ‍්ක එක එක විදිහට තමයි States 50 දි පැවැත්වෙන්නෙ.

    සාම්ප්‍රදායිකව Iowa තමයි GOP එකේ පළවෙනි State එක. Causus වැඩේ සරලව ගත්තොත් State එක පුරා මධ්‍යස්ථාන 1700 ක විතර එකපාර පැවැත්වෙන වැඩක්. එ‍්කෙදි හැම අපේක්ෂකයගෙම නියෝජිතයෙක් සහභාගි වෙනවා. ඡන්ද හිමි කැමති කෙනෙක්ට යන්න පුළුවන්. ගිහින් හැම නියෝජිතයෙක්ගෙම කතාව අහලා ඊට පස්සෙ කැමති කෙනාගෙ නම ලියල බාල්දියකට දානවා. ඉවර වුණ ගමන් ගණන් කරලා ප්‍රතිඵලය කියනවා. එ‍්වා 1700 ගාණම එකතු වෙනවා.

    අනිත් ප්‍රාන්තවල වැඩේ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමහර එ‍්වාගෙ සාමාන්‍ය ක්‍රමයටම කතිර ගහන ඡන්ද පැවැත්වෙනවා.

    කොහොම හරි මේකෙන් කරන්නෙ නියෝජිත ඡන්ද හෙවත් delegate ලා ප්‍රමාණය ගණන් හදන එක. Iowa වල 40 ක් තියෙනවා. එ‍්කෙන් ඊයෙ ට්‍රම්ප්ට 20 ක් හම්බුණා. සමහර States වල winner take all, නැත්නම් දිනන කෙනාට සේරම ලැබෙනවා. ඊළඟට තියෙන New Hampshire එහෙමයි.

    ඔහොම රටේම තියෙන States 50 න් වැඩිම නියෝජිත ඡන්ද ගන්න කෙනා තමයි එ‍් පක්ෂෙ ජනාධිපති අපේක්ෂක. හැබැයි අනිත් අය drop වුණොත් ඉතිරිවෙලා ඉන්න කෙනාට ඉබේමත් nomination හම්බෙනවා.

    එහෙම තෝර ගන්න දෙන්නා තමයි අන්තිමට තරඟ කරලා ජනාධිපති තෝරන්නෙ. එතනත් මුළු ඡන්ද ප්‍රමාණය අදාළ නෑ. State එකෙන් එකට තියෙන මැතිවරණ කොලිජි (electoral college) ගාණ එකතු කරලා 270 කට වැඩි ගාණක් ගන්න කෙනා තමයි ජනාධිපති. හැම state එකක්ම වගේ දිනන කෙනාට මුළු electoral collage ගාණම දෙනවා maine ප්‍රාන්තය වගේ අතලොස්සක් හැර. State එකේ ජනගහණය අනුව තමයි electoral college ලැබෙන්නෙ. කැලිෆෝර්නියාවෙ 56 ක් තියෙනවා. සමහර පොඩි state වල 3 ක් 4 ක් තියෙන්නෙ.

    පට්ටම ක්‍රමයක් මොනවා වුණත්. වෙලාවක study කරල බලහන්.
    අම්මා ගහනවා බැට් එකෙන් කිව්වලු. මාර සිස්ටම් එකක් නේ ඒක .

    ඉන්දරේ මහත්තයාගේ විස්තරණේ මට තේරුණා විදියට මෙයාලගේ පක්ෂෙන් එකෙක් නැහැ ජානධිපතිවරණ අපේක්ෂකයා විදියට. පක්ෂෙන් සෙට් එකක් ඉදිරිපත් කරනවා . ප්රාන්තෙන් ප්රාන්තෙට චන්දයක් තියලා ඉදිරිපත් වෙන අයට හම්බෙන චන්ද ගැන ගණන් කරනවා. ඊට පස්සේ වැඩිපුරම ප්‍රාන්ත දින්න එකා ඒ පක්ෂේ අපේක්ෂකයා විදියට චන්දෙට ඉදිරිපත් කරනවා. මේක තමා සිරා ජනාධිපතිරවරණේ.

    මට තේරුනේ නැත්තේ මේ සීන් එක
    Iowa වල 40 ක් තියෙනවා. එ‍්කෙන් ඊයෙ ට්‍රම්ප්ට 20 ක් හම්බුණා.

    මේක නිකන් අයෝවා ප්රාන්තෙට ආසන 40ක් තියෙනවා . ඒ ආසන හතළිහෙන් ආසන 20කම ගත්තේ ට්‍රම්ප් ගේ පැත්තේ අය .

    හැබැයි අපි මෙහෙම ට්‍රම්ප් ට්‍රම්ප් කියා කියා හිටියට ට්‍රම්ප් ගේ පැත්තෙන් ඉල්ලන වෙන එකෙක් ට්‍රම්පට් ට වඩා වොට් අරගෙන ප්‍රාන්ත ගොඩකින් ට්‍රම්ප් ගේ පක්ෂේ අපේක්ෂකයා වෙන්න පුළුවන් නේද ජානධිපතිවරනෙට ?
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ස්තුති

    ස්තුති

    අම්මා ගහනවා බැට් එකෙන් කිව්වලු. මාර සිස්ටම් එකක් නේ ඒක .

    ඉන්දරේ මහත්තයාගේ විස්තරණේ මට තේරුණා විදියට මෙයාලගේ පක්ෂෙන් එකෙක් නැහැ ජානධිපතිවරණ අපේක්ෂකයා විදියට. පක්ෂෙන් සෙට් එකක් ඉදිරිපත් කරනවා . ප්රාන්තෙන් ප්රාන්තෙට චන්දයක් තියලා ඉදිරිපත් වෙන අයට හම්බෙන චන්ද ගැන ගණන් කරනවා. ඊට පස්සේ වැඩිපුරම ප්‍රාන්ත දින්න එකා ඒ පක්ෂේ අපේක්ෂකයා විදියට චන්දෙට ඉදිරිපත් කරනවා. මේක තමා සිරා ජනාධිපතිරවරණේ.

    මට තේරුනේ නැත්තේ මේ සීන් එක

    මේක නිකන් අයෝවා ප්රාන්තෙට ආසන 40ක් තියෙනවා . ඒ ආසන හතළිහෙන් ආසන 20කම ගත්තේ ට්‍රම්ප් ගේ පැත්තේ අය .

    හැබැයි අපි මෙහෙම ට්‍රම්ප් ට්‍රම්ප් කියා කියා හිටියට ට්‍රම්ප් ගේ පැත්තෙන් ඉල්ලන වෙන එකෙක් ට්‍රම්පට් ට වඩා වොට් අරගෙන ප්‍රාන්ත ගොඩකින් ට්‍රම්ප් ගේ පක්ෂේ අපේක්ෂකයා වෙන්න පුළුවන් නේද ජානධිපතිවරනෙට ?
    ඔව් පුළුවන්. Trump ගෙ පක්ෂය Republican. අනිත් පැත්ත Democrat. Republican අපේක්ෂකත්වය ගන්න තමයි Trump, DeSantis, Hailey තුන් දෙනාම තරඟ කරන්නෙ. දැන් පිළිවෙළින් 20, 9, 8 තියෙනවා එයාලට. ඔහොම 50 ම ගියාම වැඩිම තියෙන කෙනා අපේක්ෂකයා. ඊට කලින් අනිත් අය අයින් වෙලා එක්කෙනෙක් ඉතිරි වුණොත් එයා අපේක්ෂකයා.

    හැබැයි මේකයි, practically බැලුවාම මාර්තු 5 තියෙනවා Super Tuesday කියල එකක්. එදාට States බර ගාණක් ඡන්දය තියනවා. එදාට සාමාන්‍යයෙන් කවුරු හරි ගොඩක් ලොකුවට දිනුවොත්, අනිත් අයට කොච්චර ගත්තත් ඉස්සර වෙන්න බැරි වෙනවා. මොකද පස්සෙ තියෙන States ඔක්කොම දිනුවත් total එක මදිනෙ.

    උදාහරණයක් විදිහට 2020 දි State 50 මුළු එකතුව 2550 යි delegates ලා. එතකොට කවුරු හරි 1275 පැන්නොත් එයා අනිවා දිනුම්නෙ. හැබැයි එච්චර ඕනෙත් නෑ. දැන් ඊයෙ අයින් වෙච්ච Vivek ට 3 ක් හම්බුණා. ඉස්සරහට යද්දි අනිත් අයටත් 300 - 400 හම්බෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණාම Trump 1000 ක් වගේ පැන්නත් practically ඉතිරි ටිකෙන් එ‍් ගාණ පන්නන්න අනිත් අයට බැරි වෙන්න පුළුවන්නෙ. උදා: එතකොට DeSantis 600 යි, Hailey 600 යි අරන් හිටියොත් ඉතිරි 350 ම කවුරු ගත්තත් 950 නෙ.

    වැදගත්ම දේ සමහර ප්‍රාන්තවල තනි ඡන්දෙකින් දිනුවත් මුළු ගාණම දිනන කෙනාට. ඉතින් අනිත් අයට යාන්තම් පැරදුණත් හුළං. එකපාර 200 විතර අ‍ාවාම ඕක සෑහෙන වෙනස් වෙනවා අල්ලන්න බැරි වෙන්න.

    ඔහොම tipping point එකක් එනවා ඉස්සරහට යද්දි. එතනින් සාමාන්‍යයෙන් නම් primacy එක ඉවර වෙලා presumptive nominee කියල දිනපු කෙනා පත් වෙනවා. හැබැයි අ‍ැත්ත අපේක්ෂකත්වය පස්සෙ.

    ජනාධිපතිවරණෙත් නොවැම්බර් තිබුණට දිනන කෙනා President elect විතරයි. අ‍ැත්තටම ජනාධිපති වෙන්නෙ ජනවාරි 20 දිවුරුම් දුන්නම.
     
    • Wow
    Reactions: wissnshaftler

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මොකා ආවත් අරාබිකරේ පුක ඉඹගෙන තමයි ඉන්නෙ.
    Trump අ‍ාවොත් drill baby drill. Inflation අඩු කරන සරලම මන්තරේ තෙල් පොම්ප කරන්න ගන්න එක. අ‍ැමරිකාවෙ පිස්සු හැදෙන බොරතෙල්, ස්වභාවික වායු සංචිතයක් තියෙනවා. බයිඩන්ගෙ climate හැත්ත drill කරන්න දෙන් නැති එකයි අවුල. අ‍ැමරිකාව වැඩේ පටන් ගත්තොත් අරාබියට පුක හපාගෙන වැළලෙන්න වෙන්නෙ. 😂