US Crude oil price goes negative

tha123

Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    මචන් US crude oil prize එක minus value එකක් ගත්තේ ඇයි..:oo: පොඩ්ඩක් ඒ වෙලා තියෙන එක පැහැදිලි කරපන්කෝ....:baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    ඍණ අගයක් නම් ප්‍රායෝගික වෙන්න බැහැ .
    ඒ කියන්නේ නිකං තෙල් දීලා අතිනුත් ගාණක් දෙන්න ඕනේ තෙල් ගන්න එකාට:P:P:P
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    production more than consmuption
    no place to store the product, so crude oil producers willing to pay money to buyers for storing it !
    So price goes negative
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350
    113
    මචන් US crude oil prize එක minus value එකක් ගත්තේ ඇයි..:oo: පොඩ්ඩක් ඒ වෙලා තියෙන එක පැහැදිලි කරපන්කෝ....:baffled:

    I noticed this a couple of days ago... The prices were falling anyway and suddenly it went negative... to -43.00!
    Traders holding derivative contracts, who found themselves with nowhere to put the oil and panic set in.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Production nokara inda barida?

    Total running cost= Operation cost+ Fixed cost + etc
    Fixed cost portion eka anyway you have to pay ! even without production
    Machines idle tyena eka run karala loss wenawata wada loss ekak da dan ne :rolleyes:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Have noticed Brent oil index also moving to that direction !
    At the moment 18USD/ Brl ! remember we pumped petrol for 137LKR when it was 60USD/Brl
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Total running cost= Operation cost+ Fixed cost + etc
    Fixed cost portion eka anyway you have to pay ! even without production
    Machines idle tyena eka run karala loss wenawata wada loss ekak da dan ne :rolleyes:

    :rolleyes: තියෙන ස්ටොක් අඩු වෙනකන් සම්පූර්ණයෙන් ප්‍රඩක්ෂන් නවත්තන්ඩ බැරි හේතුවක් ඇති,ඒ මැෂින් එහෙම ඩිසයින් කරල නැද්ද දන්නෑ
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්.

    මොකක්ද මේ WTI?

    WTI කියලා කෙටියෙන් හදුන්වන්නෙ West Texas Intermediate කියන එක.මේක Marker Crude එකක්.ලෝකෙ එක එක තැන්වල තියෙන තෙල් ළිං වලින් ගන්න බොරතෙල් වල සංයුතිය එකිනෙකට වෙනස්.හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය, සල්ෆර් ප්‍රතිශතය වගේ ඒවා. ඒ එක එක බොරතෙල් වර්ග මිල කරන එක standardize කරන්න තමයි marker crude කියන ඒවා හදුන්වලා දීලා තියෙන්නෙ. දැනට ලෝකෙ ප්‍රධාන marker crudes 4ක් පාවිච්චි වෙනවා. ඒක වෙනස් වෙන්නෙ region එකේ හැටියට.උදාහරණයක් විදියට ඇමෙරිකානු මහාද්වීපයේ WTI crude එකත් යුරෝපයේ Brent කියන crude එකත් තමයි marker crudes වෙන්නෙ. ලංකාව ඇතුලුව ආසියාතිකරයේ පාවිච්චි වෙන්නෙ Dubai-Oman කියන blend එක. එහෙමත් නැත්‍තන් මිශ්‍රණය. මීට අමතරව Opec Basket කියලා marker crude එකකුත් තියෙනවා අපි කවුරුත් දන්න OPEC (Organization of Petroleum Exporting Countries) සංවිධානයට අයත් රටවල් වල ප්‍රධාන බොරතෙල් වර්ග වල මිශ්‍රණයකින් හැදුන. ඕනම බොරතෙල් වර්ගයක් price කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල quality එක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක price කරන්නෙ WTI+1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ Futures price එක.

    මොකක්ද Futures price කියන්නෙ?

    Crude oil market එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ agreement එකක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. මෙතනදි වෙන්නෙ බොරතෙල් විකුණන කෙනයි මිළට ගන්න කෙනයි මූණට මූණ හම්බෙලා කතා කරන එක නෙවෙයි. මේ Futures සකස් කරන්නෙ comodity exchanges (උදාහරණ විදියට NYMEX- New York Merchentile Exchange, SIMEX-Singapore Merchantile Exchange) වලදි.අපි හිතමු NYMEX එකේ WTI වර්ගයේ බොරතෙල් බැරල් ලක්ෂයකට futures එකක් දැම්මා කියලා. එතකොට ඒ ගාණ විකුණන්න පුලුවන් කෙනෙක් seller විදියට futures contract එක ගනිද්දි ඒ බොරතෙල් බැරල් ගාණ මිලට ගන්න ඕන කෙනෙක් (හිතන්න refinery එකක් කියලා) buyer විදියට futures contract එක ගන්නවා. මේ දෙගොල්ලොම සන්නිවේදනය කරන්නෙ exchange එකත් එක්ක මිස මූණට මූණ නෙවෙයි.
    අනිත් කාරණාව exchange එකත් එක්ක මුලදි agreement එකට ආපු buyer and seller දෙන්නා, agreement එක කල් පිරුණට පස්සෙ transaction එක, ඒ කියන්නෙ බොරතෙල් සහ මුදල් හුවමාරුව වෙනකන් ඉන්න ඕන කියල නියමයක් නෑ. Exchange එක විසින් නියම කරන දිනයකට කළින් ඕනනම් seller ට පුලුවන් WTI බොරතෙල් බැරල් ලක්ෂයක් විකුණන්න කැමති කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට අලුතින් contract එක ගන්න කෙනා තමයි මිළදී ගන්න කැමති කෙනාට බොරතෙල් ටික සපයන්න ඕන. ඒ වගේම තමයි buyer ට පුලුවන් වෙන WTI බැරල් ලක්ෂයක් මිළට ගන්න ඕන කෙනෙක්ට මේ contract එක විකුණන්න. එතකොට මෙතනදි හුවමාරු වෙන්නෙ මේ futures contract එක මිසක් බොරතෙල් හෝ මුදල් නෙවෙයි. මං කියපු දෙයින් මේකෙන් කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නෙ මේ contract එක කල් පිරෙන දිනයක් තියෙන්න ඕන. ඒ වගේම contract එක එක්කෙනෙක් තව කෙනෙක්ට දෙන්න motive එකක් තියෙන්න ඕන.
    Futures contracts නම් කරන්නෙ ඒක deliver කරන මාසෙ හැටියට. උදාහරණයක් විදියට June WTI Futures එකක් ගත්තොත් ඒකට අදාළ බොරතෙල් බැරල් ප්‍රමාණය ජූනි මාසය ඇතුළත මිළට ගන්න කෙනාට ලැබෙන්න ඕන. ඒ කියන්නෙ ඒ contract එක ජූනි මාසෙට කළින්, මැයි මාසෙ දවසක කල් පිරෙන්න ඕන. නිව්යෝර්ක් එක්ස්චේන්ජ් එකේ නම් මැයි 19 කල් පිරෙනවා. ඒ කියන්නෙ June WTI Futures එකක් මැයි 19 වෙනකන් අතින් අත හුවමාරු වෙන්න පුලුවන්. හැබැයි මැයි 19 වෙනිදට contract එක අතේ තියෙන buyer and seller ගනුදෙනුව කරන්න ඕන. මේ විදියට contracts වලින් ගනුදෙනු කරන්නෙ spot market එකේ දවසින් දවස තෙල් මිල උච්චාවචනය වෙන එකෙන් වෙන්න පුළුවන් පාඩුව නවත්තගන්න. ඒ කියන්නෙ futures වල මිලට වඩා spot prices වැඩි වෙනව වගේ පේනවනම් buyerට වාසියි contract එක දිගටම තියාගෙන කල් පිරුණට පස්සෙ තෙල් ටික ගන්න එක.
    Futures වලදි marginal account කියල concept එකකුත් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න ගියොත් මේක සංකීර්ණ වෙනවා.

    කොහොමද මේ මිළ ඍණ උනේ?

    අපි හිතමු කවුරු හරි බොරතෙල් ඕන කෙනෙක් May WTI Futures එකක් ගන්නවා කියලා. ඒවා මැයි මාසෙ delivery වෙන්න ඕන කියන්නෙ මේ මාසෙ 19 වෙනිදට කල් පිරෙන්න ඕන. හැබැයි ඇමෙරිකානු මහාද්වීපයේ රටවල් වල තෙල් වල ඉල්ලුම සෑහෙන අඩු වෙලා covid නිසා. Total Lockdown එකක් නොවුණත් ඒ රටවල පෞද්ගලික වාහන වලටම හුරු වෙලා තියෙන නිසා, කර්මාන්ත මත යැපෙන නිසා මේවා අඩුවෙන එක තෙල් වල ඉල්ලුමට සෑහෙන්න බලපානවා.පිරිපහදු කරපු තෙල් විකිණෙන්නෙ නෑ කියන්නෙ refinery වලට අලුතෙන් පිරිපහදු කරන්න බොරතෙල් ගන්න ඕන නෑ. ඒ නිසා එයාලා අරන් තිබ්බ May Futures දැන් cancel කරනවා. (නිකන් කරන්න බෑ.දඩයක් ගෙවන්න වෙනවා කියල හිතන්නකො. ඒ පාඩුව තමයි marginal account එකෙන් පැහැදිලි කරන්නෙ.නමුත් මේ අවස්ථාවෙදි එහෙම ගාණක් ගෙවලා හරි contract එක cancel කරන එක ලාභයි තෙල් ගේන්නයි ගබඩා කරන්නයි යන වියදම එක්ක බලද්දි.ඒ නිසා crude oil buyersලා May Futures cancel කරනවා)
    දැන් අපි එමු crude oil seller ගාවට. මැයි මාසෙ මුල supply කරන්න කියල ගබඩා කරගෙන හිටපු තෙල් එළියට යන්නෙ නෑ මොකද buyers ල cotracts cancel කරපු නිසා. හැබැයි අනිත් පැත්තෙන් බොරතෙල් තෙල් නිපදවන එක නැවතිලත් නෑ. ඒ කියන්න ගබඩා වලට දිගටම බොරතෙල් එනවා. ඒ වගේම ජුනි මාසෙට දෙන්න තියෙන futures වල මිළ positive අගයක තියෙනවා. එතකොට මෙයාගෙ අරමුණ වෙන්නෙ බොරතෙල් ගබඩා හිස් කරල දාන එක ඉක්මනට. ඉතින් සල්ලි ගෙවලා තෙල් ගන්න කවුරුත් නැත්තන්, seller ට සිද්ද වෙනවා කාටහරි ගාණක් දීලා හරි තියෙන තෙල් ටික ගබඩා වලින් අයින් කරලා දාන්න. ඊළග මාසෙ contracts වලට ඉඩ දෙන්න. ඒ නිසයි හරියටම ඊයෙ (අප්‍රේල් 20) මේ මිළ ඍණ උනේ.

    Spot price එකත් ඍණද?

    දැනට ඍණ අගයක් වෙලා තියෙන්නෙ WTI futures prices විතරයි. මොකද පෙරේදට May contracts කල් පිරුණ එකෙන් තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ. ආයෙ ඊයෙ ඉදලා trade වෙන්නෙ ජුනි සහ ඊට ඉස්සරහ මාස වලට අදාළ contracts. හැබැයි මේක ලබන මාසෙත් වෙන්න බැරි නෑ මොකද Texas ප්‍රාන්තෙ බොරතෙල් production එක cut කරන්න බෑ කියලා තියෙනවා. Spot prices 20 වෙනිදා ඍණ උනේ නෑ.(වෙන්න බැරිකමක් නෑ. මොකද storage ප්‍රශ්නය ඒකටත් බලපානවා) ඒක $0.01ක අවම අගයකට ඊයෙ ආව. (හැබැයි ඔයාලට තේරුම් ගන්න පුලුවන් 20 වෙනිදා WTI Crude එක marker එක විදියට පාවිච්චි කරන සහ WTI වලට වඩ quality එකෙන් අඩු crude oil වල spot prices ඍණ උනා කියන එක.) අද වෙද්දි දෙකම වැඩි වෙලා. හැබැයි Covid එන්න කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩුයි.
    අනිත් කාරණාව මේ තත්වය කළින් කිව්ව අනිත් marker crudes වලට දරුණුවට බලපාලා නෑ. උදාහරණයක් විදියට WTI බැරල් එකක් $0.01ට අඩු වෙද්දිත් Brent Barrel එකක් $20ට විකිණුනා. ඒ කියන්නෙ මේ තත්වය බලපෑවෙ WTI crude එක marker crude එක විදියට භාවිතා කරන අනිත් බොරතෙල් වර්ග වලට. මොකද මම කිව්ව storage අවුල දරුණුවටම ආවෙ එයාලට.

    අපට මේක වාසියට හරවගන්න තිබුණද?

    කාලයක් එක්ක දැක්මක් ඇතුව වැඩකරානම් තිබුණා. ඒ කියන්නෙ මෙහෙම තත්‍ත්වයක් predict කරලා සූදානම් වෙනවා කියන එක නෙවෙයි. ඕනම රටකට තියෙන්න ඕන strategic reserves කියල දෙයක් බොරතෙල් වලට. හදිස්සියකට supplies නැති උනොත් පාවිච්චියට ගන්න තෙල් ගබඩා කරන්න පහසුකම්. අපේ රටේ එහෙම ලොකු reserve එකක් නෑ. හැබැයි ත්‍රිකුණාමලය චීන වරායෙ අපි තෙල් ටැංකි 101ක් අතෑරල දාලා තියෙනවා වල් වදින්න. මේවා සුද්ද කරලා ගත්තනම් මේ වෙලාවෙ බොරතෙල් අරන් ගබඩා කරන් තියාගන්න එකෙන් සෑහෙන්න ලොකු වාසියක් ගන්න තිබුනා. මොකද මේ වෙලාවෙ තෙල් නිපදවන අයට තියෙන ප්‍රශ්නෙ පොළොවෙන් උඩට ගත්ත තෙල් ටික ගබඩා කරල තියන්න ඉඩ නැති එක....

    Futures contracts ගැන සමහර කාරණා මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. අපේ නිව්ස් චැනල් වලත් "ඉතිහාසයේ පළමු වරට තෙල් මිල ඍණ අගයක් ගනී" කියනවා මිසක් හරි හමන් විදියට පැහැදිලි කිරීමක් නොකරන නිසයි මේක ලියන්න හිතුවෙ. මේක තේරුණාද දන්නෙත් නෑ. අපහැදිලියි වගේනම් සොරි..😁
    (වැරදි අඩුපාඩු තිබේනම් නිවැරදි කරන ලෙසද ඉල්ලා සිටිමි)

    Copied
     
    • Like
    Reactions: SuperX and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්..............................................

    අඩේ thnx මචන්..:love: මෙහෙම reply එකක් එනකම් තමා බලන් හිටියේ:yes::love:

    ++++++++++
     
    • Like
    Reactions: Standard Deviation

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France

    Tikak lokuwata daapan yako as 2 ridenawa