China වලත් fuel price වැඩි කරල

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    Nikan hukana katha kiyanna epa bn.

    Rupiyal walin ganan wadi karala kohomada LC daanne USD walin ?
    Me aanduwata kisima vision ekak or plan ekak naha mehe thiyena USD reserves up karanna. Hemoma depend wuna tourism and apparel walama munuth ellila innawa.

    CPC එක තෙල් විකුණලා එකතු කරගන්නේ රුපියල්. හැබැයි ඊළඟ තෙල් නැව ගේන්න LC එකක් දාන්න නම් එයාලට ඩොලර් ඕනේ. සංස්ථාව කරන්නේ තම ගාව තියන රුපියල් අරගෙන මහ බැංකුවට හරි වාණිජ බැංකුවලට ගිහින් ඒ රුපියල් දීලා ඩොලර් dollar buy කරන එක. තෙල් මිල වැඩි නොකර අඩුවට විකුණුවොත්, සංස්ථාව ළඟ තියෙන රුපියල් ප්‍රමාණය ඩොලර් ගන්න මදි වෙනවා. එතකොට සල්ලි සල්ලි print කරන්නද කියන්නේ?

    හිතන්න global market එකේ crude oil price එක $100 ඉඳන් $120 ට මාසෙන් වැඩි වුණා කියලා
    කලින් $100 ක් ගන්න සංස්ථාවට රුපියල් 30,000ක් තිබ්බ නම් ඇති කියල හිතමු.
    දැන් $120 ක් ගන්න රුපියල් 36,000ක් ඕනේ.
    මේ අමතර රුපියල් 6,000 හොයාගන්න නම් local market එකේ මිල වැඩි කරන්නම වෙනවා. එහෙම නැති වුණොත් බැංකුවට රුපියල් දීලා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගන්න සංස්ථාවට සල්ලි මදි වෙනවා.
    LC එකක් කියන්නේ ඉතින් දන්නවනේ බැංකුවක් පොරොන්දු පත්‍රයක් වගේ එකක්. Foreign oil company එක ලංකාවට තෙල් එවන්නේ ලංකාවේ බැංකුවක් ඒ වෙනුවෙන් ඩොලර් ගෙවනවා කියල සහතික වුණොත් විතරයි.
    ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබනවා නම්, ඒ කියන්නේ උන් ළඟ ඩොලර් ගන්න රුපියල්වත් නැත්නම්, බැංකු LC open කරන්න බය වෙනවා.

    මිල වැඩි කරලා සංස්ථාව ලාභ ලබන තත්වයක තියෙන්නේ කියල හිතමු එතකොට බැකුව හිතනවා ආ මුන් ළඟ සල්ලි තියෙනවා, අපිට රුපියල් දීලා ඩොලර් පියවයි කියන විශ්වාසය මත බැංකු LC එක open කරනවා.
    කලින් govs කළේ සංස්ථාවට රුපියල් මදි වුණාම මහ බැංකුව ලවා සල්ලි අච්චු ගස්වලා ඒ රුපියල්වලින් ඩොලර් අරගෙන තෙල් ගෙනාපු එකයි. ඒකෙන් වුණේ රුපියල බාල්දු වෙලා බඩු මිල තවත් වැඩි වුණු එක. දැන් ඒක කරන්න බැ මොකද IMF rules, ඒ හින්ද customers ලාගෙන් ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන්ම ඒ රුපියල් ප්‍රමාණය එකතු කරගන්න සිද්ධ වෙනවා.

    ඉතින් ඕක තමා කතන්දරේ. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් 95%කම හිතන්නේ උබ ඔය හිතන විදිහට තමා. මොකද ඉතින් දැනුවත්කමක් නැති හින්ද. එක ඉතින් gov එකෙන් මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕන. කොහොමද මේක වෙන process එක කියල, උන් ඉතින් එක කරන්නෙත් නැ හරියට කරන්න හිතන්නෙත් නැ. දැන් ඔහොම හරි ඉගෙනගනින්.

    Machan... me price wadi wena wena widiyata rata athule price wadi wenawa nam ehema aanduwak mokatada kiyala oya maha ekaama thamai a kaale ahuwe.
    දේශපාලන කතා එහෙම තමා බන්. අනුර තිය මොක උනත් විපක්ෂේ පැත්තේ නං ඉන්නේ උන්ට ඕන ආණ්ඩුව පැත්තට විරුද්ධව මොනාහරි කියන්න. එක ඉතින් හැමදාම තිබ්බ එකක්නේ.
    ------ Post added on Mar 10, 2026 at 6:06 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    හරි හරි global crisis එකකදී ගණන් වැඩි වෙනවා තමා ඒක කාමක් නෑ කියමුකෝ මොකෝ අපිට ගෙදරදීම බොර තෙල් හදාගන්න බෑ නේ. ඒ උනාට ගණන් වැඩි කෙරේ නැත්තං ඊළග නැවට සල්ලි දෙන්න මදි වගේ ජෙපි තර්ක ගෙන්න එපා 🫣

    තෙල් වලට සූත්‍රේ තියනවා වගේ තෙලෙන් depend වෙන සවිස් වලටත් මොකක් හරි දාන්න ඕනේ නැත්තං උඩ යනවා විතරයි. තමා බස් පූට්ටු ගණන් තියෙන්නේ ලිටරේ 450ට ගියපු ගණන්ම තමා.. ඒක රජයකට කරන්න පුළුවන් නේ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    Anika onama deka thiyena supplier contract kiyala deyak. For a defined period of time, pre agreed terms walata anuwa price ekak fix karanawa. Ehema kara nam mehema loke wadi wena hema sarema meheta impact eka enawa adui.
    උබ ඔය කියන්නේ futures contract ගැන. Oil Market වලදී තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්.
    ගොඩක් oil suppliers ල term Contracts අත්සන් කරන්නේ volume එකයි supply එකයි තහවුරු කරන්න මිසක් fixed price එකකට නෙමේ. ඒ contracts වල මිල තීරණය වෙන්නේ formula pricing කියන method එකට. ඒ කියන්නේ ඉතින් එදිනෙද තියන oil market price එක.

    example එකක් ගත්තොත් සුත්‍රය මෙන්න මේ වගේ. අදාළ දිනට පවතින crude oil price + Refining costs + transport cost. ඔන්න ඔහොම තමා මිල සෙට් වෙන්නේ. global price වැඩි වෙනකොට ඒ සූත්‍රයට අනුව අපිට ගෙවන්න වෙන මිලත් වැඩි වෙනවා.
    ඔයා ඔය කියන විදියට මිලක් fix කරගන්නවා කියල කියන්නේ hedging කරනවා කියල. ලංකාව මේක කරන්න ගිහින් 2008 හොද එකෙන් කෙලවගත්ත.
    එදා ලංකාව තෙල් මිල fix කරගත්තා. හැබැයි global price එක පට්ට විදිහට crash උනා.
    ඒ උනාට contract එක හින්ද ලංකාවට සිද්ධ වුණා ලෝකේ අඩු මිලට තෙල් තියෙද්දී, අර කලින් fix කරගත්ත වැඩි මිලටම තෙල් ගන්න. එකෙන් ලංකාවට dollar millon ගානක පාඩුවක් උනා.
    නිකමනට හිතපන් එහෙම අවුරුද්දකට නෑ මාස 6කට fix price එකට contract එකක් ගැහුවා කියල. සද අනාතයි ඉතින්. අන්න එදාටත් උබල බනිනවා මොකද මේ ලෝකේ අඩුවට තියෙද්දී මුන් වැඩි මිලට ගේන්නේ කියල. ගෝට ගියාට කලින් ආණ්ඩුව ගෙදර.

    තෙල් කියන්නේ පට්ට volatile market එකක් නිසා, කිසිම supplier කෙනෙක් එහෙම එකම fixed price එකකට තෙල් දෙන්න එකඟ වෙන්නේ නැහැ. දැන් මේ situation එකේදිම හිතපන්. china වගේ රටක් එක්ක එහෙම fixed price එකකට මේ අවුරුද්දේ මුල contract එකක් ගහගත්තා කියල oil supplier කෙනෙක්. ලන්කවෙ මාසෙක තෙල් china වල නිකන් එක දවසක consume එක වගේ ඇතිනේ. අවුරුද්දේ මුල oil price ගාණ අඩුයි ඔය අඩු ගානට contract එක ගහල තිබිල මේ වෙනකොට oil supplier ට කොහොම වෙන්න ඕනද? ගු ගිහින් තියෙන්නේ ඕන නේද? උන්ගේ අතිනුත් සල්ලි දාල china වලට oil පටවන්න වෙනවා නිකන් contract එක නිසා. ඒ නිසා උබ කියනවා වගේ oil market වල futures contract ගහන්නේ නැ.

    supplier කෙනෙක් එහෙම එකඟ වෙනවා නම්, අනාගතයේ මිල වැඩි වෙන එකේ risk එක වෙනුවෙන් හෙන ලොකු premium එකක් ගන්නවා. එතකොටත් වෙන්නේ අපිට තෙල් ලීටරයකට වැඩි මිලක් ගෙවන්න වෙන එකම තමා.
    ලංකාව සාමාන්‍යයෙන් තෙල් ගන්නේ ක්‍රම දෙකකට.
    term contracts කියල තියනවා එකක් මාස 6කට එහෙම නැත්තන් අවුරුද්දකට supply එක සහතික කරලා contract ගහනවා. හැබැයි price එක global price change එක අනුව වෙනස් වෙනවා.

    අනිත් එක තමා spot purchases එදා දවසේ මිලට නැව් පිටින් මිලදී ගැනීම. හරියට නිකන් අපි කඩේට ගිහින් අද දවසට විතරක් උයන්න බඩු ටිකක් අරන් එනවා වගේ.
    මේ ක්‍රම දෙකේදීම global price එක වැඩි වෙන එකෙන් අපිට ගැලවෙන්න බැහැ.
    මේවා හෙන ලොකු complex කතන්දර බන්. උබල හිතනවා වගේ සරලව කරන්න බෑ. ඕව කොහොමත් සාමාන්‍ය මිනිස්සුන්ට පැහැදිලි කරවන්න පුළුවන් ඒවා නෙමේනේ. IMF නිසා දැන් කොහොමත් බෙල්ල මුලට හිර වෙලා ඉන්නේ.

    හරි හරි global crisis එකකදී ගණන් වැඩි වෙනවා තමා ඒක කාමක් නෑ කියමුකෝ මොකෝ අපිට ගෙදරදීම බොර තෙල් හදාගන්න බෑ නේ. ඒ උනාට ගණන් වැඩි කෙරේ නැත්තං ඊළග නැවට සල්ලි දෙන්න මදි වගේ ජෙපි තර්ක ගෙන්න එපා 🫣

    තෙල් වලට සූත්‍රේ තියනවා වගේ තෙලෙන් depend වෙන සවිස් වලටත් මොකක් හරි දාන්න ඕනේ නැත්තං උඩ යනවා විතරයි. තමා බස් පූට්ටු ගණන් තියෙන්නේ ලිටරේ 450ට ගියපු ගණන්ම තමා.. ඒක රජයකට කරන්න පුළුවන් නේ.
    උබලට ඕව ඇත්‍තටම තේරුම් කරවන්න බෑ. ඒව ඉතින් තමන්ගෙ ඔලුවෙන් කල්පනා කරන්න ඕන දේවල්. ජෙපි තර්ක වැල් බයිල නෙමේ. ඒක තමා ඇත්‍ත කතාව. එක පක්ශෙකට ගැති උනහම උබලට පෙන්නෙ එක පැත්තක් විතරයි.
    ------ Post added on Mar 10, 2026 at 6:50 PM
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    (1) ලෝක වෙලදපොලේ තෙල් මිල අනුව තෙල් මිල වැඩි වෙනවා නම් ආණ්ඩුවක් මොකටද?

    (2) තෙල් මිල වැඩි කරන්න වෙනවනම් ආණ්ඩුවට කරන්න පුළුවන් තෙල් වලට ගහන බදු අඩු කරන එක.


    මේවා කිව්වේ කවුද එතකොට? රැවටුනේ කවුද?