US Diversity Visa

sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    Diversity visa එකේ ජයග්‍රාහකයෝ එහෙම එළකිරි එකේ ඉන්නවද?
    මට සෙට් වෙලා. :)

    මට ඕක සෙට් වුනා 2012 දි. 2010 අවුරුද්දෙ apply කළා. 2012 දි ඇමරිකාවට ආවා. දැන් අවුරුදු 6ක් තිස්සෙ ඇමරිකාවේ ඉන්නෙ.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    :D niyamainee PM ekak demma
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    මම ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවට ආවේ 2011. එදාට වඩා අද වන විට නීති රීති වෙනස්වී තිබෙන්න පුළුවන්. කෙසේ වෙතත් මගේ අත් දැකීම තවමත් නව ජයග්‍රහකයින්ට වැදගත් වන්නට පුලුවන්.

    ජයග්‍රහකයින්ට සිය පවුලේ සියලු දෙන (21 ට අඩු දරුවන්) ඇතුළුව විසා ලැබෙනු ඇත. කෙසේ වුවත් මෙම 50000 පවුල්ද නැතිනම් පවුල් සාමාජිකයන්ද යන්න මට පැහැදිලි නැත. මම සිතන ලෙස එය පවුල් 50000 කි.

    දිනුම් ලබන සියලුදෙනාට යම් අංකයක් ලැබේ. ඔබව සම්මුක පරීක්ෂණයට කැදවන්නේ එම අංකයට අනුවය. කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ 30 වන විට එම වසරට අදාල විසා දීම නතර කල යුතුය

    ඇමරිකන් එම්බසියේ නිල වෙබ් අඩවියේ එම මාසයේ සහ ඉදිරි මාසයේ සම්. පරිෂණයට කැද වන්නේ කුමන අන්කය දක්වාද යන්න පෙන්නුම් කරයි.

    තේරී පත් වූ ඔබ සියලු දෙනාටම සතුටු වන්නට හැකි කරුණක් තිබේ. එනම් ඔබ සියලු දෙනාට සම් . පරීක්ෂණයට කැද වුම් ලබන්නට හොද අවස්ථාවක් තිබීමයි. ඒ ගැන බිය නොවන්න. ඊට හේතුව නම්, තේරී පත්වන සියල්ලෝම සම් පරීක්ෂණයට ඉදිරිපත් නොවීමයි. එසේම තව කොටසක් පරීක්ෂණයෙන් අසමත් වීමයි. එබැවින් වඩා වැදගත් පරීක්ෂණයෙන් සමත් වීමට අද සිටමම සුදානම් වීම බව මතක තබා ගන්න. මම පෙර කි එම්බසි වෙබ් පිටුව පරික්ෂා කලොත් , ක්‍රමයෙන් සම් පරීක්ෂණයට කැදවන පිරිස වැඩිවන බව ඔබට දැකිය හැක. ඒ අනුව පෙනීයන්නේ කිසිම වසරක සම්පුරන 50000ක් වූ විසා ප්‍රමාණය නනි කුත්කිරීමට තරම් සුදුසුකම් ඇති අයදුම්කරුවන් ගණනක් නොසිටි බවයි.

    තේරී පත් විය හැකි ක්‍රම දෙකකි. අද්යාපන සුදුසුකම් සහ වුර්තිය සුදුසුකම් ඒ දෙකයි. කෙසේ වුවද වුර්තිය සුදුසුකම් මත තේරීම ඉතා දුෂ්කරය. ඊට හේතුව නම් ඔවුන් අපේක්ෂා කරන මට්ටම බලනුයේ අමරිකන් ස්ටෑන්ඩර්ඩ් එක අනුව වීමයි. උදා - ලංකාවේ වැල්ඩින් කම්කරුවෙකු සහ ඇමරිකාවේ එම කාර්ය කරන අයකු අතර වෙනසක් ඇත.

    ඉඩකඩම් දේපල ස්ථිර තැන්පතු ආදිය පෙන්වීම අවශ්‍ය නොවෙ. නමුත් විසා සදහා මුදල් ගෙවීමට සුදානම් වන්න. ඊට අමතරව, තමාව ස්පොන්සර් කරන බවට ලිපියක් ඉදිරිපත් කල හැකි ඇමරිකාවේ පදිංචි අයෙක් සිටිය යුතුවෙයි. වැඩි පිරිසකට මෙය දුෂ්කර කාර්යක් විය හැක.

    පොලිස් වාර්තාවන්ද ලබා ගන්න බැවින් යහපත් හැසිරීම වැදගත් වෙයි

    ලංකාවේ එම්බසියේ සම් පරීක්ෂණය පැවැත්වීම අනෙක් රට වල වලට වඩා සරලය සමත් වීමට ඉඩකඩ වැඩිය. නමුත් පුර්ව සුදානම සහ ලිකියවිලි නිවැරදිව සකසා ගැනීම ඉතා වැදගත් වෙයි. වෛද්‍ය පරීක්ෂණයද සමත් විය යුතුය. එහිදී වෛද්‍ය වරයා සමග හිතවත්ව සිය වාර්තාවේ අඩුපාඩු තිබේද යන්න කලින් අස දන ගැනීම සුදුසුය.

    ට්‍රම්ප් පාලනයත් සමග මෙම ක්‍රියාවලිය පෙරට වඩා දැඩි වී ඇත. උදාහරණයකට කිසියම් ලිපියක අඩුපාඩුවක් ඇතොත් එය නිවැරදි කිරීමට ඉඩ නොදී අයදුම්පතම ප්‍රතිෂේප කර දමන්නට පුළුවන.

    ඔබ කෙසේ හෝ විසා ලබා ඇමරිකාවට පිවිසිමට වරම් ලබුවයයි සිතන්න.

    මෙම රටේ රැකියා වියුක්තිය ගැන කණගාටු නොවන්න. ආසියාතික වූ අපට කරන්නට සරල රැකියාවක් සොයා ගැනීම් අපහසු නොවේ. ඒ අතර ඉගෙන ගන්නේ නම් රජයේ නය ආධාර ලබා ගත හැක.

    දරුවන්ට 12 වසර දක්වා පාසල් නොමිලේ උගන්වයි. අඩු අදායම් නම් දරුවන්ට නොමිලේ වෛද්‍ය පහසුකම් ලැබේ. පාසල් වල දිවා ආහාරය නොමිලේ ලැබේ.

    මුල් අවස්ථාවේ කට්ටක් කෑ යුතුය. නිවසක් කු ලියට ගැනීම ටිකක් අපහසුය. එය අවම $1000 පමණ වෙයි. වැඩිහිටියන්ට වසර පහක් යනතෙක් වෛද්‍ය රක්ෂණය සදහා තමන්ම ගෙවීම් කලයුතු වෙයි. එය දෙදෙනෙකුට මාසයකට $300 පමණ වෙයි. වා හනයක් ගැනීමට පෙර මෙම රටේ රියදුරු බලපත ලබා ගතයුතු වෙයි. ඒ සදහා ලංකාවේ රිදුරු බල පත තිබීම ඉතා පහසුවකි
     
    Last edited:
    • Like
    Reactions: HemJ

    thanks bro honda wisharayak :)