USA ඡන්දය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ඔබාමාගේ මීළඟ ඡන්දය ........
    - 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
    - 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
    - අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
    - විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
    - එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
    - "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි.
    - ශාරුක් සහ සනී ඩියෝල් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
    - "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
    - මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
    - "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.
    - විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
    - ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.