එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද, USA වල දේශපාලන ව්‍යූහය ගැන කියපල්ලකො දන්න උන්.
මුකුත් දන්නති උන් දැන් ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇමරිකාවෙ.. කියලා හැමිනෙන්නඩ තියාගන්ඩ එපා ත්රේඩ් එක දැම්මෙ මට දැනගන්ඩෝන හින්දනෙ
මේක ගැන @Edward Kenway , @speedmalli එහෙම දන්නවා ඇති
ඇමරිකාව කියන්නේ ජනපද ගොඩක් එකතු වෙලා හැදිච්ච රටක්නේ, එතකොට ගොඩක් ඉස්සර ඔය ප්‍රාන්ත කියල දැන් තියන ඒවාට තිබුන state militia. ඒවගේ වර්තමාන ස්වරුපය තමයි national guard කියන්නේ. National guard කියන්නේ active duty නෙවෙයි reserve duty forces ඒ කියන්නේ fulltime military duty නෙවෙයි. මේවට අණ දෙන්නේ ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරය.
ජනාට ඕනේ වෙලාවක මෙයාලව පවර ගන්න පුළුවන්, ඒකට කියන්නේ federalizing the national guard කියලා. මේක සම්බන්ද ප්‍රසිද්දම උදාහරණෙ තමයි 1957 කළු සුදු ළමයි එකට ඉගනගන්න එක නවත්තන්න Arkansas ආණ්ඩුකාරය national guard යෙදෙව්වම ජනාධිපති Eisenhower මේක national guard පවරාගත්තා.
ඔතන යුද්ධ කරනන් දෙයක් නෑ. බයිඩට මුන්ව පවරගන්න නීතියෙන් සම්පුර්ණ බලය තියනවා වගේම SC decision එකක් නිසා moral high ground එකත් තියනවා. Texas බයියන්ට කරන්න පුළුවන් බක්කක් නෑ.