අතීතයේ එක් දවසක ඇමරිකන් සුද්දෝ තේරුම් ගත්තා, තමන් ළඟ වහල් සේවය කරන කළු ජාතිකයෝ තමන් වගේම මනුෂ්‍යයන්ය කියලා. ඒ අනුව ඔවුන්ටත් තමන් භුක්තිවිදින අයිතිවාසිකම් සමානව ලබා දෙන්න තීරණය කළා.
අදටත් ඇමරිකාවේ සිදුවන අපරාධ වලට , කළු ජාතිකයින්ගේ වැඩි දායකත්වයක් තිබුනත්, ඇමරිකාව කවදාවත් සමස්ථයක් ලෙස කළු ජාතිකයින්ට එම චෝදනාව එල්ල කරන්නේ නැහැ. උඹලා උඹලගෙ රටවල් වලට පලයවු කියලා කියන්නෙත් නෑ. අදටත් වාර්ෂිකව දියුණුවන ලෝකයේ රටවල්වලින් සෑහෙන පිරිසකට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය පිරිනමනවා.
රටේ අපරාධ මැඩ පවත්වන්න ජාතික ආදායමෙන් ලොකු මුදලක් වියදම් කරනවා වගේම අඩු ආදායම් ලබන කළු ජාතීන්ගේ සුභසාධනය වෙනුවෙනුත් විශාල මුදලක් වෙන්කරනව .