Used Phones in Sri Lanka

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
IMEI-NUMBER.jpg


මේ වෙනකොට ලංකාව තුල ජනගහනයටත් වැඩියෙන් ජංගම දුරකථන තිබෙනවානේ..තරණ, මහළු, බාළ, පිරිමි, ගැහැණු ආදී කොහොම ගත්තත් මේ සියලු දෙනාලඟ මොනදේ නැතිවුනත් ජංගම දුරකථනයක් බොහෝවිට තිබෙනවා..ඒ තරමට ජංගම දුරකථනය කියන දේ අපගේ ජීවිත වලට සමීප වෙලා ඉවරයි..


අද කාලේ බොහෝ තරණ පිරිස් එක් ජංගම දුරකථණයක් බාවිතා කරන්නේ මාස කිහිපයක් විතරයි..ඉන් පස එය විකුණා එයට වඩා වැඩි දියුනු එකක් මිළදී ගන්නව...තව ටික කලකින් එයත් විකුණනවා..ඕක ඉතින් සාමාණ්‍ය තත්වයක්..ඉතින් මෙසේ පිරිසක් විකුණනකොට ඒවා මිළදී ගන්න තව පිරිසකුත් ඉන්නවනේ..අන්න මේ පිරිසට තමයි මේ කෙටි ලිපිය වැදගත් වන්නේ..

ඔබ බාවිතා කරන ලද ජංගම දුරකථනයක් මිළදී ගන්න අදහස් කරණවානම් ඒ ගැන දෙපාරක් හිතන්න!!!

මොකද සමහර විට මෙය මගින් අන්තිමේදී හිරෙත් ලැගල, නඩුත් වැටිල, තමන්ගෙ නමත් කැත වෙලා තමයි නවතින්නෙ..හ්ම්....වචන ටිකක් සැර වැඩි‍යි‍ නේද???...නමුත් ඇත්ත තත්වය ඕක තමයි..

කොහොමද අප්පා Used Phone එකක් ගත්ත පළියට පොලිසි ගානෙ යන්න වෙන්නෙ???

ඒක වෙන්නේ මෙහෙමයි...අපි හිතමුකෝ..යම් කෙනෙක් තව කෙනෙක් ගෙන් හොරකම් කරන ලද හෝ අපරාදයකට සම්බන්ද ජංගම දුරකථනයක් ඔයාට සුළු මුදලකට විකුණන්න යනවා කියලා..ඇතැම් විට එම ජංගම දුරකථනය ඉතා වටිනා එකක් වන්නටද පුළුවන්. ඔයත් ජංගම දුරකථනයක් උවමනාවෙන් නම් හිටියෙ ‍බොහෝ විට මෙවැනි ගණුදෙනු කෙරෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි..

හරි.....දැන් ඔයා එම ජංගම දුරකථනය අරගෙන බොහොම සතුටින් ඒකට තමන්ගේ SIM පතත් යොදාගෙන බාවිතා කරමින් ඉන්නව..මෙන්න බොලේ එක පාරට ගෙදරට පොලිසියෙන් එනව..! ඉන්පස්සෙ ඉතින් වැටෙන කරදර ගැන ඉතින් කියන්න ඕනෙ නැහැනේ..:P

මම වරදක් කරල නැති එකේ ඇයි මේ එක පාරටම පොලිසිය???

ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම..පොලිසිය විසින් එය TRCSL (විදුලි සංදේශ නියාමන කොමිසම) හට දැනුම් දෙනවා..ඉන්පසු TRCSL මගින් මේ පිළිබඳ ලංකාවේ ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු විශේෂ ක්‍රමයකින් දැනට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා..ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා..ඔන්න ඔහොම තමයි ගෙදරට පොලිසිය ආවේ...:D

ජංගම දුරකථන සමාගම විසින් මේවන විට ජංගම දුරකථනය බාවිතා කරන්නාගේ තොරතුරු සොයා ගන්නා විදිය.

iMEI.jpg


මේකට ඒ අය උපයෝගීකරගන්නේ සෑම ජංගම දුරකථනයකටම ලැබෙන එම ජංගම දුරකථනයටම පමණක් සුවිශේෂ වූ විශේෂ අංකයක්..ඒකට අපි කියන්නේ IMEI (International Mobile Equipment Identity) කියලා..TRCSL එකෙන් ලංකාවට ගෙන්නන්න අනුමත කරපු සෑම ජංගම දුරකථන වර්ගයකටම මෙවැනි අංකයක් තියෙනවා..ඔය චීන කසල ගොඩවල් වල නම් ඕක තියනවද කියලා මම නම් දන්නේ නැහැ.:P



ජංගම දුරකථනයේ සැබෑ අයිති කරුගෙන් ජංගම දුරකථනයේ IMEI අංකය හෝ ඔහුගේ දුරකථන අංකය හෝ ඔය දෙකම (බොහොම කීප දෙනයිනේ තමන්ගේ ජංගම දුරකථනයේ IMEI අංකය දන්නේ නොදැන සිටියත් කමක් නැහැ තමන්ගේ ජංගම දුරකථන අංකය පමණක් උනත් ප්‍රමාණවත්. හැබැයි IMEI අංකය තිබුනොත් වැඩේ පහසුයි...) TRCSL එක මගින් ජංගම දුරකථන සමාගම් වලට ලබා දුන් විට එම සමාගම් කරන්නේ අදාල IMEI අංකයට අදාල ජංගම දුරකථනය තමන්ගේ ජාලය තුල ක්‍රියාත්මකද කියන එක සොයමින් ඉන්නවා..දුරකථනය සොරාගත් පුද්ගලයා හෝ එය පසුව මිළදීගත් තැනැත්තා ඉතින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලයකින් ලබාගත් SIM පතක් නේ භාවිතා කරන්න ඕ‍න..ඔන්න ඔතනිදි වැඩේ අහුවෙනවා..ඒකියන්නේ අලුතින් එම ජංගම දුරකථනය සඳහා සක්‍රිය වන SIM පතෙහි තොරතුරු ජංගම දුරකථන ජාලය ලබාගෙන පොලිසියට බාරදෙනවා...ID එකේ ඉතින් ලිපිණයත් තියෙනවනේ..:D මෙතනදී අදාල පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් බාවිතා කරනවන්ම මෙතනදී ගැටලුවක් මතුවෙනවා..ඒත් එවැනි අවස්තා උවද හසුකරගන්න අද කාලේ නවීන තාකෂණයන් බාවිතා වනවා ඇති..මම නම් ඒ සම්බන්දව දන්නේ නැහැ..ඒ සම්බන්දව දන්නා අයෙක් වෙතෙත් මාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔන්න ඔහොම තමයි නැතිවූ ජංගම දුරකථනය සොයාගන්නේ..

පරිස්සම් වන්න!!!

විශ්වාස වන්ත නොමැති පුද්ගලයින්ගෙන් මෙවැනි ජංගම දුරකථන මිළදී ගැනීමෙන් වළකින්න..ඒ වගේම දැනට තදාසන්න ප්‍රදේශවල පවතින බොහොමයක් ජංගම දුරකථන අළුත්වැඩියා ආයතන වලද අඩුමිළට විකිනීමට තිබෙන්නේ මෙවැනි ජංගම දුරකතන. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බොහෝ මෙවැනි ජංගම දුරකථන හොරුන් ඒවා විකුණන්නේ මෙවැනි ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන වලට..ඒ නිසා පරිස්සම් වන්න

තමන්ගේ අතේ ඇති මුදලට අලුත් ජංගම දුරකථනයක් විශ්වාසදායී ස්තානයකින් මිළදී ගැනීම තමයි නුවණට හුරු..

මේ ලිපියෙන් ගන්න පුලුවන් දේ

01 තමන්ගේ ජංගම දුරකථනය නැති වූ විට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දව
02 භාවිතා කරන ලඳ ජංගම දුරකතණයක් හෝ විශ්වාසය තැබිය නොහැකි තැනකින් ජංගම දුරකථනයක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය කරුණු

කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ???

ඒ දේ ජංගමදුරකථනයෙන් දුරකථනයට වෙනස් වෙන්න පුලුවන්..ඉතින් මට ඒගැන ලියන්න කම්මැලියි..ඔයාලට how to find the IMEI number වගේ Google search term එකක් උපයෝගීකරගෙන තමන්ගේ දුරකතන‍යේ IMEI අංකය සොයාගන්න පුලුවන්..ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයත් සමග ලැබෙන පොත මගින්ද, නිළ වෙබ් අඩවිය මගින්ද...මේ තොරතුරු පහසුවෙන් සොයාගන්න පුලුවන්.

බහෝ ජංගම දුරකථන සඳහා *#06# යොදා ok කොට බලන්න...

ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංකය සොයාගත් පසු එයා කොල කැබැල්ලක ලියලා..ඔබගේ මුදල් පසුම්බියේ තබාගන්න..හදිසියකදි ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්..



ඉස්සුවෙ මගේම පොට් එකෙන්..:D:D මොකද මමනෙ මේක ලිව්වෙ..:P

රෙප් දෙනවනම් ආ..සයි............:D:love::D
 
Last edited:

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ohoma tama mage parana phone eka nathi una wele alla gatte :P salli dila gatta eka 18ta adu nisa hire nogihin berune.Horankan karapu kudda ta nam badu hari :P

    rep ++ :)
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0

    අහෝ මෙය නම් ආෂචර්යයක් මැයි..:D:D:D...නාලකයට නාලකයෙක්ගෙන් රෙප්..අනික මට මේ එළ කිරි ජීවිතේ ලැබුන පළවෙනිම රෙප් ඔයාගෙන්...තෑන්කස් හො‍‍ෙඳ්...:love::D:love:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Ohoma tama mage parana phone eka nathi una wele alla gatte :P salli dila gatta eka 18ta adu nisa hire nogihin berune.Horankan karapu kudda ta nam badu hari :P

    rep ++ :)

    හපොයි..බන්..මම පෞද්ගලිකවම දන්නව...ඔය වගේ ෆෝන්..දවසට කොච්චර ඔය අලුත් වැඩියා මධ්‍යස්තාන වලට ලැබෙනවද කියල...ඒ අතර ඉතා වටින ජංගම දුරකථනත් ගොඩක් තියෙනවා..ඉතින් අරගෙන වැඩක්ය..හොර ID එකකට ගත්ත sim එකක් විතරයි බාවිතා කරන්න පුලුවන් වෙන්නේ..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හපොයි..බන්..මම පෞද්ගලිකවම දන්නව...ඔය වගේ ෆෝන්..දවසට කොච්චර ඔය අලුත් වැඩියා මධ්‍යස්තාන වලට ලැබෙනවද කියල...ඒ අතර ඉතා වටින ජංගම දුරකථනත් ගොඩක් තියෙනවා..ඉතින් අරගෙන වැඩක්ය..හොර ID එකකට ගත්ත sim එකක් විතරයි බාවිතා කරන්න පුලුවන් වෙන්නේ..

    sim eken mattu kolla,court order ekak have nam hora id unat allannawa location eka aran service provider gen :yes:
    ussapu phone noganna eka tama honda :yes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පට්ට පොස්ට් එක මචන්.. වැදගත් කරුණු ගොඩක් තිනවා..
    මම නම් ගොඩක් ඔය සම්බන්දයෙන් දැනුවත් මොකද මමත් ගොඩක් ෆෝන් වලට වැඩි කැමැත්තක් තියන නිසා..
    කොහොම උනත් වැදගත් ලිපියක් මචන්..
    ස්තුතිය් බෙදාගත්තට.. +
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පට්ට පොස්ට් එක මචන්.. වැදගත් කරුණු ගොඩක් තිනවා..
    මම නම් ගොඩක් ඔය සම්බන්දයෙන් දැනුවත් මොකද මමත් ගොඩක් ෆෝන් වලට වැඩි කැමැත්තක් තියන නිසා..
    කොහොම උනත් වැදගත් ලිපියක් මචන්..
    ස්තුතිය් බෙදාගත්තට.. +


    ඔව් මචන් දැනුවත් වෙලා ඉන්න එක ‍කෝකටත් හොඳයි..වැඩියෙන්‍ම මේවට අහුවෙන්නෙ..ගැහැනු පාර්ෂවයේ අය..:cool:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    මටනම් ඕක ගැන වැඩි විශ්වාසයක් නැහැ, මොකද මම අන්තිමට ලංකාවට ගිය වෙලාවේ මගේ ෆෝන් එක නැති උනා..
    ඔය කිව්වා විදිහට පොලිසියේ complain එකකුත් දාල, TRCSL එකටත් ගිහින් අවශ්‍ය දේවල් කලා.. එත් තාම හම්බ වෙලානම් නැහැ. :P
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මටනම් ඕක ගැන වැඩි විශ්වාසයක් නැහැ, මොකද මම අන්තිමට ලංකාවට ගිය වෙලාවේ මගේ ෆෝන් එක නැති උනා..
    ඔය කිව්වා විදිහට පොලිසියේ complain එකකුත් දාල, TRCSL එකටත් ගිහින් අවශ්‍ය දේවල් කලා.. එත් තාම හම්බ වෙලානම් නැහැ. :P

    හපොයි ඒකත් එහෙමද...ඔව් ඔව් දන්නැද්ද ලංකාවෙ සමහර වැඩ ගැන...:angry::no:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    හොර හැදුනම්පත් වලට ගත්ත සිම් කාර්ඩ් පාවිච්චි කරත් අල්ලනවා.:yes: එක ක්‍රමයක් වෙන්නේ ඒ සිම් කාර්ඩ් ඒකෙන් ගත්ත කෝල් වලින් ට්‍රැක් කරනවා අනික් ක්‍රමය වන්නේ. සිග්නල් ලොකේෂන් එක ට්‍රැක් කරන එක.. දැන් හැම දුරකතන සමාගමක්ම අලුත් තාක්ෂනය බාවිතා කරන හින්ද මේක ලේසියෙන් කරන්න පුළුවන්.:cool: ඉස්සර ටවර් ලොකේෂන් එක විතරය් කියන්න පුළුවන්. නමුත් මේ විදියට මහන්සි වෙලා හොයන්නේ ෆොනේ එකේ වටිනකම අනුව තමා මොකද්ද ටි ර් සි එකට දිනපතා ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතාම වැඩි.:shocked::shocked:

    ෆෝන් විතරක් නෙමේ දුරකතය යොදාගෙන සිදු කරන සියලුම අපරාද අල්ලනවා හරිම ලේසියෙන්, එක හින්ද මේවා යොදා ගෙන වැඩ කරද්දී ඉතාම පරිස්සම් වෙන්න..:no::no::no:

    මේවා කොච්චර ඇල්ලුවත් වැඩ කාරයෝ ගේමක් නැතුව හොයන්න බැරි වෙන වැඩ දෙනවා:yes::yes
    :