used vehicle help

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    use karapu bike ekak gannawanam kohomada machan wede karanna one.:eek:
    ownership eka ehema kohomada change kara ganne. ewata ona document ehema monawada. neththan wahane pothath ekka wahane witharak gaththoth athida....:oo::oo:


    **mewa gena danna akkenek poddak ee gena kiyala denna...
     
    • Like
    Reactions: Chootyputha2014

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Motor_Registration.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    කරන්න තියෙන්නෙ මෙච්චරයි
    උඹට අදාල ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්
    දින දාලා නැති නිසා අවුලක් නැහැ.
    වැඩේට උඹේ පාස්පෝට් සයිස් කලර් පොටෝ දෙකක් ඕන
    එයින් එකක පිටිපස්සෙ උඹේ ID num එක මුල් අකුරු එක්ක නම හා ලිපිනය ලියලා
    අදාල ග්රාම නිලධාරිගෙන් හරි සාමදාන විනිසුරුකෙනෙක්ගෙන් හරි සීල් කරලා සහතික කරගන්න.
    ID Photocopy එකකුත් ග්රා.නි. ටම කියලා සහතික කරගන්න
    උඹ ගාව ඔය තියන Trancer form එක MTA - 06 & MTA - 08 හරියට පුරවන්න
    ඒකේ තියනව මෝටර් රථ ප්රවාහන කොමසාරිස්ගේ පිටපත කියලා පිටපත් දෙකක්
    ඒක හැම තිස්සෙම දෙවෙනියට පුරවන්න. මොකද ඒ කොටස තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවන්නේ. මළාට මේ දෙක පුරවනකොට නම් වරද්ද ගන්න එපා.
    අනිත් පිටපත් ටික උඹ ගාව තියාගන්න පුළුවන් ඒ නිසා ඒවා වැරදුනාට බය වෙන්න දෙයක් නැහැ.
    පිටපත් දෙකේම පුරවන්න තියෙන්නෙ එකම විස්තර. ඒසා උඹ ගාව තියාගන්න ඒවා ඉස්සරලා පුරවලා ඒක බලාගෙන අර මං කලින් කිවුව පිටපත් දෙක පුරවන්න. දින දානකොට උඹ
    ලියවිලි ටික ට්රාන්සර් කරන්න ඔෆිස් එකට භාර දෙන දිනේ දාන්න.
    වාහනේ ඔරිජිනල් පොත, වාහනේ ලයිසන් ඉන්ෂුවරන්ස් වල ඔරිජිනල් හා ෆොටෝකොපි දෙක
    අනිවාර්යෙන් ඕනි. ලයිසන් ඉන්ෂුවරන්ස් අඩුම තරමේ මාස 03ක් ඉදිරියට වලංගු වෙන්නත් ඕන. (නීතිය ඒක උනාට ඉන්න වැඩේට ඉන්න නිලධාරියා හොඳ නම් අවුලක් නැහැ.මාසයක් තිබ්බත් ඇති.)
    තව පරම අයිතිය (ෆිනැන්ස් කරලා හරි කොම්පැනියක වගේ එකකට හරි කලින් අයිතිය තබ්බා නම් විතරයි) අහෝසි කරන බවට අදාල ලිපියත් අවශ්ය වෙනවා.
    මේ සේරම ටික අරගෙන යන්න අදාල ප්රාදේශීය ලේකම් කාර්යාලයට
    ඒකේ ආදායම් බලපත්ර නිකුත් කරන තැනින් ගොඩක් වෙලාවට ට්රාන්සර් වැඩේ කරනවා
    නැත්තං කරන තැන අහගන්න.
    අදාල නිලධාරියාට ලියවිලි / ෆොටෝ භාර දෙන්න
    ලයිසන් ඉන්ෂුවරන්ස් චෙක් කරලා ෆොටෝකොපි තියාගෙන ඔරිජිනල් ආපහු උඹට ඒ වෙලාවෙ දෙයි.
    වාහනේ පොතේ කොපියක් උඹ ලඟ අනිවා තියාගන්න ඔරිජිනල් භාර දෙන්න කලින්
    ඊට පස්ස උඹ ගෙවන්න ඕන ගාස්තු ටික ලියලා දෙයි.
    ඒක ඒ කාර්යාලෙම සරප් (මුදල් අයකැමි) ට ගෙවලා රිසිට් එක ගෙනත් ට්රාන්සර් වැඩේ කරන කෙනාට භාර දෙන්න
    බයික් එකක් නිසා ට්රාන්සර් ගාස්තු නම් 500/= යි නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒ ගාන (2400/=) හා පළාත් ගාස්තු (ලොකු ගානක් නෙමෙයි) ගෙවන්න වෙනවා
    තව පරම අයිතිය තිබිලා අහෝසි වෙනවා නම් තව 500ක් ඕන.
    දැං වැඩේ හරි උඹෙන් ට්රාන්සර් ෆෝරම් භාර ගත්තා කියලා ලියවිල්ලක්
    අදාල රිසිට් අංක එහෙම දාලා උඹට ඒ වෙලාවෙම දෙනවා
    ඒක පරිස්සම් කරලා තියාගන්න
    වාහනේ පොත එනකල් හැම දේකටම ඔය කොල කෑල්ල ඕන.
    පොලිසියෙන් නැවැත්තුවත් මේ කොලේ තියනවා නම් බය වෙන්න ඕන නෑ.
    විස්තරේ පැහැදිළි ඇති කියලා හිතනවා
    gaththe
    http://www.elakiri.com/forum/showthread.php?t=1774535
    one day transfer ekata no objection letter ekai kalin owner ge id eka one ownerge paththe JP kenek sign Karala 2 week athulatha
    මෙන්න තව විස්තර
     
    • Like
    Reactions: Sachi_1990