මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.![]()
උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.
Russian and british aircraft carriers wala nam engine full daala take off karanne , ewala ramp system , habai eken jets wala kaale adu wenawa
ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 2
Nimitz ගණයේ නෞකාවල F/A-18 Hornet ජෙට් යානා ගුවන්ගත කිරීමේ හා ගොඩබෑමේ මෙහෙයුම්.
1. ගුවන් ගත කිරීමට කලින් සිදුකරන පෙර පරීක්ශාව
![]()
2. ගුවන්ගත කිරීමට මොහොතකට පෙර... යානයේ තටුව යට සිටිමින් හුමාල කැටපෝලය ක්‍රියාත්මක කිරීමට සඥා කරණ නැවියා shooter ලෙස හැඳින්වේ
![]()
Note : මේ මොහොතේදී ජෙට් යානාවේ එන්ජින්, ආර්ෆ්ටර් බර්නර් ආධාරයෙන් උපරිම පීඩනයෙන් (maximum thrust) ක්‍රියාත්මක වෙයි. මීට අමරතව නෞකාවේ ඇති steam catapult නම් උපකරණයක් යානයේ ඉදිරිපස රෝදවලට අමුණා ඇති අතර මෙම උපකරණයෙන් ක්‍රියාකාරිත්වය වන්නේ හුමාල බලයෙන් ක්‍රියාත්මක වෙන අධිසම්පීඩිත පිස්ටනටකින් යානාව වේගයෙන් ධාවන පථය මතින් ඇදගෙන ගොස් ධාවන පථය කෙලවරදී නිදහස් කිරීමයි. කැටපෝලයකින් ගලක් විදින්නාක් මෙන් ගුවන් යානය ඉදිරියට වීසි කරන අයුරින් ක්‍රියාත්මක වන නිසා එම උපකරණය steam catapult ලෙස නම්කොට ඇත. මෙම උපකරණය නෞකාවේ තට්ටුවට (flight deck) යටින් සකසා ඇත. ජෙට් එන්ජින් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙතත් අවි ආයුධ හා බෝම්බ සමග ටොන් 16ක් බර හෝර්නට් යානයක් ඉතා කෙටි ධාවන පථයෙන් සාර්ථකව ගුවන් ගතවීමට අවශ්‍ය වේගය ලබාදීමට එන්ජින් පීඩනය අසමත් නිසා අමතර වේගයක් ලබාදීමට හුමාල කැටපෝල උපක්‍රමය සකස්කොට ඇත.
යානය ගුවන්ගත කිරිම
1. හුමාල කැටපෝලය යානය ධාවන පථය දිගේ වේගයෙන් ඉදිරියට ඇදගෙන යන අතර එන්ජිම ආෆ්ටර්බර්නර්ද සහිතව උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වේ
![]()
2. ධාවන පථය අවසන්වන විටම යානය ඉහලට එසවෙමින් ඇත. මේ මොහොතේදී එහි වේගය මදක් හෝ අඩුනම්, එය මුහුදට කඩා වැටෙනු ඇත.
![]()
3. යානය සාර්ථකව ගුවන්ගත වේ
![]()
යානය ගොඩබැස්සවීම
1. යානය ගොඩබැස්සවීම සඳහා රෝද පහත්කොට ඇති අතර, එහි arrester hook නම් ඇමිණුම් කොටසද පහත්වී ඇති අයුරු ඔබට පෙනේ.
![]()
2. යානය ධාවන පථයේ ගැටෙන්නට මොහොතකට පෙර
![]()
3. ධාවන පථයේ තිරස් අතට එලා ඇති නම් වානේ කේබලය ඔබට දකින්නට හැකිය. යානයේ පිටුපස ඇති arrester hook ඇමිණුම් කොක්ක මෙම කේබලයේ ඇමිණීමෙන් යානයේ ධාවන පථය මත නවත්වා ගනු ලැබේ. මෙවනි arrester hooks 3 හෝ 4ක් ධාවන පථය මත ඇති අතර මේ සියලු කේබල් කොකුවට මගහැරුණහොත් යානය නැවතත් ගුවනට ගැනීම සඳහා එන්ජිම උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක කරවයි.
![]()
4. යානයේ arrester hook ඇමිණුම් කොක්ක arrester කේබලයක ඇමිණෙන අයුරු.
![]()
5. යානයේ වේගය ක්රමාණුකූලව පාලනය කිරීම සඳහා කේබලය මදක් දිගහැරෙන ලෙස සකසා ඇත. යානය කේබලයක ඇමිණුන වහාම නියමුවා එන්ජිම නිවාදමයි.
![]()
කොච්චර මහන්සි වෙලා ත්‍රෙඩ් දැම්මත් ජංගි ත්‍රෙඩ් තරම් මේවා නැගලා යන්නේ නෑ කියලා මං දන්නවා. HarshaLulzSec එහෙම සුපිරි ත්‍රෙඩ් දානවා. එත් බලන්නේ කින් කි දෙනාද? බලන කීප දෙන වෙනුවෙන් තමා මේ ලිව්වේලැබෙන ප්‍රතිචාරත් එක්ක අයෙත් ලියනවද කියල හිතලා බලන්නං
--------------------------------------------------------------------------------------
මචන්, උඹ මේක දාලා ප්‍රතිචාර ඉල්ලන්නේ උඹම මේක ලිව්වා වගේ. ඒ වුනාට ඇත්තටම උඹද මේක ලිව්වෙ? මේ ලිපිය අකුරක් නෑර "විද්‍යා ගවේෂණ" කියන science බ්ලොග් එකේ 2012 ජූනි 29 පල කරපු එකක්.
ඒ බ්ලොග් එක ලියන එකා අවුරුදු ගාණක් තිස්සේ පුක ඉරාගෙන සිංහල අපිට විද්‍යා දැනුම බෙදනවා.
මචන් කොහෙන් හරි ගත්තනම් ඒක මහන්සිවෙලා ලියපු එකාට ගෞරව කරලා "ගත්තෙ මෙතනින්" කියලා හරි ලින්ක් එක දාපන්.
හොරෙන් අරගෙන උඹ ලිව්ව වගේ දාන්න එපා. මෙන්න මුල් ලිපියේ ලින්ක් එක - http://vidya-gaweshana.blogspot.com/2012/06/nimitz.html
api mahansi wela a de nathi karala danna one kohoma hari........ elakiriyata awahama watina kiyana deyak dakinn anathnam.........meke inna un meka atha arala yana eka ahanna deyakda...........මම හිතාගෙන හිටියේ මේවා ගුවන් ගත කරන්නේ යානේ එන්ජිමේ බලයෙන් විතරයි කියලා .ස්තුතියි විස්තරේට.![]()
උඹලා වගේ උන් තමයි මේකේ ඉන්න ඕනේ.නැත්නම් ඉතින් මේක ජංගි ගහපු උන් යන පාර්ලිමේන්තුවක් වගේ වෙයි ටික කාලෙකින්.




