Valentine_එකට

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    මචංල girlfriend එක්ක Valentine එකට lunch එකක් ගන්න යන්න colombo අවට තියෙන සාමන්යෙන් හොද restaurant මොනවද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Dawal dawasema room ekakata adan thiyan idala re wela kotthuwak kawola gedara yawapan ban...

    හා.. උබෙ අක්කව හරි නංගිව හරි පොඩ්ඩක් එවනවද එදාට මම එක්කන් යන්නන් රෑට කොත්තු නෙමේ රෑටත් රූම් එකකම අදින්නන්. හාද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා.. උබෙ අක්කව හරි නංගිව හරි පොඩ්ඩක් එවනවද එදාට මම එක්කන් යන්නන් රෑට කොත්තු නෙමේ රෑටත් රූම් එකකම අදින්නන්. හාද?

    Awlak na ehenan e waruwata ube kellawa mata deepan...
    Suhada maru salaka bale..
    Kella kohomada kada hodai da?
     
    ශ්‍රී ලංකාවේ “Fusion” cooking වලට නම් දරාපු රෙස්‍ටුරන්ට් 5 ක්FEATURED


    “Fusion” කෑම කිව්වහම ඉතින් උඩ බිම බලන්න ඕන නෑ මොකද්ද මේ අමුතු කෑම කියලා. කොටින්ම කියන්නං. ‍ෆියුෂන් කුකින්ග් කියලා කියන්නේ ආහාර සංස්කෘතීන් දෙකක් හෝ කීපයක් එකට එකතුකරලා හදපු කෑමබීම වලට තමයි. වෙනත් රටක ආහාර සංස්කෘතියක් තවත් රටකට හරියන විදියට වෙනස් කරලා හැදුවත් ඉතින් ‍ෆියුෂන් කියන්න පුලුවන්. ලංකාවේ තියෙන ශ්‍රී ලංකන් චයිනීස් කෑම ගැන දන්නවනේ. ඒකත් එක අතකට ‍ෆියුෂන් තමා. මේ කියන්න යන්නේ ලංකාව වටේ තියෙන කටට රසට හිතට දැනෙන්න ‍ෆියුෂන් කෑම වේලක් කන්න පුලුවන් තැන් 5 ක් ගැන තමයි.



    1. Cafe Michaelangelo

    Fusion restaurants
    Source – lets-eat.lk, tasty.lk
    කැෆේ මයිකල් ආන්ජෙලෝ කියන්නේ ‍ෆියුෂන් රෙස්‍ටුරන්ට් එකක් නං නෙවෙයි. ලංකාවේ තියෙන නියම ඉතාලි තාලෙට ලී උදුනක පීසා හදන පීසා පොට් එකක්. රාජගිරියේ නාවල පාරේ තියෙන කැෆේ මයිකල් ආන්ජෙලෝ එකෙන් සාම්ප්‍රදායික ඉතාලි පීසා බොහොම සාධාරණ ගාණකට මිලදී ගන්න පුලුවන්. මේක අපේ ලිස්ට් එකට ඇතුළත් වෙන්නේ ඇත්තටම මේ අය පීසා එක ශ්‍රී ලංකන් කරන්න කරන එක්ස්පෙරිමන්ට් හින්දා තමා. උදාහරණයක් විදියට මේ අයගේ එක පීසා එකක් තියෙනවා පොල් සම්බෝල ටොපින්ග් එකකින්. ආතල් නෙහ්? රසත් ඇත්තටම ආතල් තමයි. මේ වගේ තව ශ්‍රී ලාංකීයකරණය කරපු පීසා වර්ග කැෆේ මයිකල් ආන්ජෙලෝ එකේ තියෙනවා.





    2. Isso

    Fusion restaurants
    Source – facebook.com/isso.lk
    තිඹිරිගස්යායේ සුලෙයිමාන් ටෙරස් එකේ තියෙන “ඉස්සෝ” පොට් එක නමේ විදියටම විශේෂීකරණය වෙලා තියෙන්නේ ඉස්සෝ වලටම තමයි. ඒ කියන්නේ මෙතන ප්‍රධානතම ඩිෂ් එක ඉස්සෝ. එතනින් එහාට එකතු වෙන ඕන දෙයක් ඉස්සෝ කන්න අනුපානේ තමයි. කොහොම හරි මෙතන අපේ ලිස්ට් එකට එන්න ප්‍රධාන හේතුවක් තමයි මේ අය යොදාගන්න රෙසිපි බය නැතුව ‍ෆියුෂන් කියන්න පුලුවන් වීම. ඇත්තටම සමහර ඉස්සෝ ඩිෂ් වල තියෙන්නේ ලංකාවේ අපිට කටට හුරු සැර රසයක් එක්ක හැබැයි ඊට වඩා මොකද්ද රසක්. ඉස්සෝ කඩෙන් ඕන නං යාපනේ විදියට හදපු ඉස්සෝ ‍තෝරගන්න පුලුවන්. එහෙම නැත්තං හාස් හූස් ගාන්න තායි ස්ටයිල් එකට හදපු ඉස්සෝ වුනත් නරක නෑ.





    3. COi by Vichalya

    Fusion restaurants
    Source – facebook.com/COibyVichalya
    ලංකාවේ ඉන්න අතිදක්ෂ සූපවේදියෙක් වෙන විචල්‍ය ගැන අපි මීට කලිනුත් කියලා තියෙනවා. COi by Vichalya කියන fine dining රෙස්‍ටුරන්ට් එකේ ආසියාතික ‍ෆියුෂන් ඉවුම් පිහුම් එක්ක මෙනු අයිතමයන් ගණනාවක් දකින්න පුලුවන්. කෙනෙක්ට හිතෙයි වැඩිපුර ජපාන සහ ශ්‍රී ලාංකීය ආහාර වට්ටෝරු, රස සහ අමුද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවා කියලා. Crispy dhal chicken burger නැත්තං Pol kiri badhum sweet potato & polos burger වගේ මෙනු අයිටම් ගැන ඇහුවමත් විචල්‍ය මේ වෙන වෙන ඉවුම් පිහුම් කලාවන්ට අයිති කෑම ජාති ශ්‍රී ලංකන් කිරීම කොයි තරම් දුරට අරගෙන යනවද කියන එක ගැන අදහසක් ගන්න පුලුවනිනේ. ඕන නං Blood tuna, wasabi yoghurt & uludu wade වගේ ටින්ටස් ඇණ සහ බෝල සබන් ටයිප් කෑමත් මේ මෙනු එකෙන් හොයාගන්න පුලුවන්. හැබැයි රස ගැන නං කියන්න වචන නෑ.



    අනිවා Delicious Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. Fort Rotti Restaurant

    Fusion restaurants
    Source – tripadvisor.co.uk
    ගාලු කො‍ටුවේ තියෙන රොටී රෙස්‍ටුරන්ට් එකත් අමුතු අමුතු ‍ෆියුෂන් කෑම බීම එක්ස්පෙරිමන්ට් කරන පොඩි කඩයක් කියලා කියන්න පුලුවන්. නිකමට හිතලා බලන්න වෙනදා කන එළවළු රොටිය ඇතුළෙන් පැණි රස කෙසෙල් පෙති අහුවෙන්න ගත්තොත්? එහෙම නැත්තං රොටිය ඇතුලේ තියෙන්නේ ඇත්තටම චොකලට් නං? ආන්න ඒ විදියේ වෙන කොහෙවත් අපි දැකලා නැති පොට් එකක් තමයි කො‍ටුවේ රොටී රෙස්‍ටුරන්ට් එක කියන්නේ. හැබැයි ඉතින් සුපිරි කෑම බීම නං මෙතනින් බලාපොරොත්තු වෙන්න එපා. ඔය පොඩි කඩේකින් ගන්න විදියේ රොටී තමා තියෙන්නේ. උඩ කිව්ව රොටී වගේ පැණිරස අයිටම්ස් විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ. ෆෝට් රොටී ස්පෙෂල් කියලා රොටියක් තියෙනවා මැද්දට එළවළු, චීස්, කුකුල් මස්, සහ සොසේජස් දාපු. එතකොට චීස් සහ හතු රොටී තියෙනවා. ඔය විදියේ හිතාගන්න පුලුවන් හැම ජාතියෙන්ම දාලා හදපු රොටී, පෑන් කේක් එහෙම රහ බලන්න ඕන නං මේක තමයි යන්න ඕන තැන.

    මෙන්න තැන



    5. Floor by O! / Shore by O!

    Fusion restaurants
    Source – facebook.com/TheFloorByO, facebook.com/TheShoreByO
    ලිස්ට් එකට බාර් එකකුත් දැම්මෙ නැත්තං හරි නෑ වගේනේ. ඒ නිසා ඔන්න ලංකාවේ තියෙන කවුරුත් දන්න කියන බාර් දෙකකුත් දැම්මා ලිස්ට් එකට. දෙකක් කිව්වට ඉතින් එකම කොම්පැණියකින් තමා පාලනය වෙන්නේ.

    මේ බාර් දෙකේම තියෙන ප්‍රධානතම විශේෂත්වයක් තමයි බියර් එක්ක ලංකාවේ විදියට හදපු ‍ෆියුෂන් කොක්ටේල් වර්ග. “පොල් අඩි” කියන නම දැක්ක ගමන් අපි දන්නවනේ අනිවා මේක අපේ දෙයක් වෙන්න ඕන කියලා. ඒක හරි. පැෂන් ෆෘට් රසට ලයන් ස්ටවුට් සහ අරක්කු රස ගාණට මික්ස් වෙලා එනකොට මරේ මරු. නැත්තං බ්ලැක් වෙල්වට් කියලා කියන ලයන් ස්ටවුට් එක්ක වයින් දාලා හදපු කොක්ටේල් එක ට්‍රයි කරල බලන්න වටිනවා.

    කෑම ගැන ගත්තත් මෙතන ‍ෆියුෂන් අයිටම් ඕන තරං හොයාගන්න පුලුවන්. “කන්දෙන් මොනව හරි”, “මුහුදෙන් මොනව හරි” තීම් එකට යන Shore by O! මෙනු එකේ ලයන් ස්ටවුට් දාලා පදම් කරලා ගත්තු කෑම අයිටම්ස් වුනත් තියෙනවා.


    http://www.aniwa.lk/2017/01/25/1701252-fusion-restaurants/

    ඉස්සුවේ අනිවා එකෙන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වැලන්ටයින් එක අර්ථවත් විදිහට සමරන්න.
    16265186_1337688916269709_1137998472680549759_n.jpg