වැලන්ටයින් දිනයේ සැඟවුනු තවත් එක් සත්‍යයක්
වැලන්ටයින් සැමරීමේ අරමුණ කුමක් වුවද එය තවත් ධනවාදී වෙළඳපොළ ක්‍රමය තුල දිවෙන ප්‍රචාරාත්මක වෙළඳ උපක්‍රමයක් බව දන්නෝ දනිති. ඇත්ත වශයෙන්ම මෙමගින් අරමුණු කරන්නේ විවාහකයින් ගැන කියන ඉතිහාසගත සිදුවීමක් සැමරීම වුවද එය ආදරවන්තයින් සැමරීම නම් අයිසින් තට්ටුව ආලේප කර රස ගන්වා තාරුණ්‍යයට දිගු කරන්නේ තවත් නත්තල් සීයා කෙනෙක්ගේ කාර්යභාරයක් කරමිනි. නමුත් මෙහි හදවත කීරි ගස්වන ඛේදාන්තයක් තිබෙන බව ඔබ දන්නවාද?
ජීවිතයේ බරපතලක් නොතේරෙන තරුණ තරුණියන් ගෙන් වැලන්ටයින් උත්සවය හරහා “කල්ල මරේ” දමා ගැනීමට ව්විධ බලවේග දත කට නියවන ආකාරය ඉතාමත් අමානුෂිකය. එහි අතුරු ඵලය වන්නේ අපගේ ජාතිය පරිහාණිය කරා ගමන් කිරීමයි. වෙලඳපොළ අරමුණු උදෙසා පුම්බන ලද වැලන්ටයින් බැලුම පුපුරන්නේ තානායම් වල සහ වෙනත් හෝටල් කාමර වලට යන නව යොවුන් තරුණ තරුණියන් තම කුමාර බ්‍රහ්මචරියාව කෙළෙසා ගනිමිනි.
ඉන් සිදුවන්නේ කුමක්ද? තව තවත් ගබ්සාවන් සිදු වීමත් එමගින් මිනිසත් බව ලබා ගැනීමට පෙරුම් පුරාගෙන ආ කිරි සප්පයින්ට දස මස ගත වීමටත් පෙරම ඇස් ඇරීමටවත් අවස්ථාව නොතබා ලෝකයේ සාහසිකත්වය පිළිබඳව තම මවගෙන්ම ප්‍රථම හා අවසාන ආදර්ශය ලබාදීමය. මෙවන් සැහැසිකම් කළ අයට “මව” යැයි කීමට සිදුවීම ගැන මට සමා වෙන්න.
අනගාරික ධර්මපාල තුමාගේ තුන් කල් දක්නා ණුවනික් කී ඒ බහුවිධාර්ථ ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ ද වැලන්ටයින් දිනය වැනි බරහිර කසල අනුභව කරන අපගේ කළු සුද්දන් අපගේ සිංහල ජාතිය වඳ කරන බවයි. මෙය වෙන්නේ කෙසේද?
- ප්‍රාථමිකම සිදුවීමනම් නම් අඩු වයසින් නව යොවුන් තරුණියන් ගැබ් ගැනීමත් එමගින් ගබ්සාව හරහා ඉපදීමට සිටින දරුවන් වැනසෙනවා මෙන්ම යහපත් දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඒ තරුණියන් ශාරීරික සහ මානසික අතින් විනාශ වීමත්ය. ඉතින් යහපත් දරු පරපුරක් ඇති වන්නේ කෙසේද?
- එසේම වැලන්ටයින් දිනය ගැන තිබෙන ප්‍රචාරයන් දෙසවන වදින බොහෝ නව යොවුන් තරුණ උදවියට ඇතිවන ප්‍රශ්නයනම් එය සැමරීමට ආදරවන්තයෙක්/තියක් අවශ්‍ය වීමයි. ඉතින් අඩු වයසින් නොගැලපෙන ආදර අන්දර වල පැටලෙන නොදරුවන් අවසානයේදී ආදරයත්, අධ්‍යාපනයත් මෙන්ම අනාගත යුග දිවියත් කෙළෙසා ගනී.
හිතවත් මිතුර, අඹු සැමි ප්‍රේමයට අපි කිසිදා විරුද්ධ නැත. ගිහියන්ට විවාහ වී අවශ්‍ය තරම් ආදරය කිරීමට කිසිදු බාධාවක් මේ සිංහල දේශය තුල කිසිදා තිබුනේ හෝ තිබෙන්නේ නැත. නමුත් වැලන්ටයින් හරහා අපගේ ජාතියේ කොඳු නාරටියට පහර වදිනවානම් වැලන්ටයින් රකුසාගෙන් නව යෞවනය මුදවා ගැනීම අප සැමගේම වගකීමක් වනු ඇත.
Recent Threadsරහස් අවයව පුචචලා කකුලක් කඩලා http://www.elakiri.com/forum/showthread.php?t=1063139
33 හැවිරිදි කාන්තාවකට 6 ක් දුෂණය කරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1057086
8 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1055251
5 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1058379
72 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දුෂණය කොට මරා දමලා
http://www.elakiri.com/forum/showthread.php?t=1064059
එළකිරි සහෝදරයෝ දාපු THREADගංගොඩවිල සෝම හිමි අපවත් කිරීම.
http://www.elakiri.com/forum/showthread.php?t=1045819
+++ SINHALAYANI WARELLA NEGITIYAU +++
F*CKING NOLIMIT
http://www.elakiri.com/forum/showthread.php?t=1064603





, rep denna balu,, 