Valentines Day?"No"

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වැලන්ටයින් දිනයේ ඇරඹුම..හා ලොව පුරා එදින වෙන පුදුම දේ -Do U know the History of Valentines Day? "No" Then this is for U!!


    පෙබරවාරි 14.. :love::love::love:
    ලෝකය පුරා ගොඩාක් දෙනා තෑගී දිලා.. මල් දීලා..කාඩ් දීලා.. වැලන්ටයින් දිනය එහේමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා වැන්ටයින් ශාන්තුවරයාගේ දිනය සමරනවා.. :yes::yes:
    කට්ටියම එහේම නේද?? :D:D

    Chamikawpblogspotcom5-22.jpg


    ඇයි අපි මේ දිනය සමරන්නේ? :baffled:
    මෙහේම දිනයක් ලොකේට ආවේ කෝහෝමද? :oo:
    ඇත්තටම කවුද මේ ශාන්තුවරයා? :rolleyes:
    ඒ ගැන වු කතාව නම් දන්නේ ටික දෙනක් වෙන්න ඕන.. :yes:
    බොහෝ දෙනා දන්නවත් ඇති.. :D
    ඒ කොහොම වුනත් ඉතින් අද “ඉසව්ව පැත්තෙන්“ වැලන්ටයින් දිනයේ ආරම්භය ගැන එකිනෙකට වෙනස් වු කතා දෙකක් ඉදිරිපත් කරනවා.. :rolleyes:ගොඩාක් අය සතුටු වෙයි කියලා හිතනවා ඒ ගැන දැනගන්න!

    පළවෙනි කතාව..
    9.gif

    මේක තමා ගොඩාක් ප්‍රසිද්ධම කතාව..:D

    රෝමයේ දෙවන ක්ලෝඩියස්(Claudius II) රජකරන දවස් වල එහි විශාල වශයෙන් යුද්ධ පැවතුනා...මෙතුමාගේ හමුදාවට සෙබලු වැඩි වැඩියෙන් තමන්ගේ රෝමයෙන් එකතු කරගන්න උවමනා වුනා.. එකල රට වැසියන් ඔහුව හැදින්නුවේ “නපුරු කෝලෝඩියස්“
    (Claudius the Cruel ) යන නමින්... :P:P
    “නපුරු කෝලෝඩියස්“
    (Claudius the Cruel )
    Chamikawpblogspotcom3-23.jpg


    මේ හමුදාවට පිරිමි අය එන්න අකමැති තම ආදරය නැත්නම් පවුල් වල උදවිය නිසා කියලා මේ දෙවන ක්ලෝඩියස් රජතුමාට නිතරම හිතුනා... ඒ හින්දම ඔහු රෝමය තුල විවාහයත්, විවාහ ගිවිස ගැනීමත් සම්පුර්ණයෙන් තහනම් කරලා දැම්මා... :baffled::baffled:

    ක්‍රිස්තු වර්ෂ 269 නැත්නම් දෙවන ශතවර්ෂයේ දී රෝමයේ හිටපු ජුජකතුමෙක් වුන ශාන්ත වැලන්ටයින්, ඔහුගේ යාලුවා වුන ශාන්ත මේරියස් (Marius) එක්ක එකතු වෙලා මේ නපුරු කෝලෝඩියස් රජතුමාගේ නිතීයට විරුද්ධව යමින් රෝමය තුල හිටිය පෙම්වතුන් හොර රහසේම විවාහ කරලා දෙන එක කරගෙන ගියා.. :yes::yes:

    කාලයක් මෙහේම කරගෙන යන අතරේ ඔහුගේ ක්‍රියාව රජතුමාට ආරංචි වුනා.. :nerd:
    ශාන්ත වැලන්ටයින් හා ඒ සඳහා සහය දුන්නු ඔක්කෝගෙම වහාම හිස ගසා දමා මරණයට පත්කරන ලෙස රජතුමාගෙන් අණ ලැබුනා..
    2.gif
    සිරි මැදිරියේ ඉන්න කොට මේ වැලන්ටයින් ශාන්තුවරයාත් ප්‍රේමයෙන් බැදුනා.. ඒ නිතර ඔහුව බලන්න ආව ඒ ඔහුගේ බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටිය නියාමයකයාගේ දුවත් එක්ක..
    9.gif
    9.gif
    Chamikawpblogspotcom6-18.jpg

    පෙබරවාරි 14 වෙනිදා ඔහුගේ හිස ගසා දමා මරණයට පත්කරන්න කලින් වැලන්ටයින් ශාන්තුවරයා ඇයට ලිපියක් ලිව්වා..
    අවසානයේ .. ඔහු අත්සන් කලේ
    “මේ ඔබේ වැලන්ටයින්“(“From your Valentine”) ලෙසයි.
    :D:D:D
    ක්‍රිස්තු වර්ෂ 469 වර්ෂය නැතිනම් 04 වෙනි ශතවර්ෂයේ සිටි ගේලේසියස් පාප් වහන්සේ (Pope Gelasius) විසින් වැලන්ටයින් ශාන්තුවරයාට උපහාරයක් ලෙස පෙබරවාරි 14 වැනිදා නම් කරන ලදි.
    :D:D

    උඩ ලියපු කතාවට අමතරව තවත්
    කතාවක් තියෙනවා..:oo:
    මේ තියෙන්නේ ඒක.. :nerd::nerd:
    අතීත රෝමයේ පෙබරවාරි 14 ජුනෝ(Juno)නැමැති රෝම දේවතාවියට උපහාරයක් විදිහට නිවාඩු දිනයක් කරලා තිබුනා.. :D
    ඇය මුළු රෝම දෙවි දේවතාවන්ගේ රැජිණයි.ඒ වගේම ඇය විවාහයට අධිපති දෙවගනයි..
    9.gif
    ඒ දවසට පස්සේ එනම් පෙබරවාරි 15 වැනිදා රෝමයේ ලුප්ර්කැලියානමින් වු උත්සවයක් (Feast of Lupercalia) තියෙනවා.. මේ උත්සවයේදී රෝමයේ ඉන්න ගැහැණු ළමයින්ගේ නම් කොලයක ලියලා ජෝගුවකට දාලා පිරිමි ළමයින්ට කියලා තෝර ගැනීමක් කරනවා.. ඒ පිරිමි ළමයා තෝර ගන්න නම අයිති ගැහැණු ළමයා මේ උත්සවය පුරාවටම ඔහුගේ කොටස්කරුවා විදිහට තෝර ගන්නවා..මේ සමහර අය කාලයත් එක්ක ආදරයෙන් බැදිලා විවාහ වෙනවා..
    9.gif
    9.gif
    මෙය සමරන්නත් පෙබරවාරි 14 පැමිනි බවත් කියවෙනවා.. :D:D

    කොහෝම වුනත් මුලින්ම කිව්ව කතාව තමා ලෝකය තුළ ජනප්‍රිය..
    :rolleyes::rolleyes:

    ආදරයයි..අලංකාරය ලස්සන වෙනුවෙන් පෙනී ඉන්න වීනස් දෙවගනගේ පුත් කියුපිඩ් (Cupid) වැලන්ටයින් දිනයේ සලකුණ විදිහට ගන්නවා...
    මේ පුද්ගලයා දැකලා ඇති නේ?? :P:P
    Chamikawpblogspotcom4-24.jpg

    1800 වර්ෂයේ සිට වෙළද අදහස් ඇතිව සාර්ථකව මේ වැලන්ටයින් දිනය සැමරීමට පටන්ගත් අතර අද දක්වා එය සාර්ථකවම වසරක් පුරා පැවත එනවා...ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ! :rofl::rofl:

    වැලන්ටයින් දිනයේ මේ පුදුමයන් ගැන ඔබ දැන සිටියාද?? :nerd::nerd:
    පළමු වැලන්ටයින් කාඩ්පත යැවු පුද්ගලයා විදිහට සැලකෙන්නේ ඇමරිකාවේ විසු ඊස්තර් හවුලන්ඩ් (Esther Howland) මෙනවියයි.
    :oo::oo:

    Chamikawpblogspotcom2-24.jpg


    බිලියනක් විතර වැලන්ටයින් කාඩ් එදිනට සාමාන්‍ය යෙන් ලොව පුරා අලෙවි වෙනවා..එය දෙවනි වෙන්නේ නත්තලට විතරයි..ඒ කියන්නේ ලොව පුරා පුද්ගලයන් 07 දෙනෙකුගෙන් සෑම එක්කෙනෙකුට කාඩ් එකක් ලැබෙනවා..
    8.gif

    මිලියන 650 ක විතර කාඩ් ප්‍රමාණයක් සාමාන්‍ය යෙන් ශිෂ්‍ය යෝ ඔවුන්ගේ පවුල් අතරත් ගුරුවරු අතරත් හුවමාරු කරගන්න බව සදහන් වෙනවා..මේ හින්දම වැඩිම වැලන්ටයින් කාඩ් ප්‍රමාණයක් ලැබෙන්නේ ගුරුවරුන්ටලු.. :P:P

    2011 වර්ෂයේ වැලන්ටයින් දිනය සදහා සමානයෙන් පුද්ගලයකු
    ඩොලර් 116.21
    බව සැලකෙනවා.. ඇමරිකාවේ නම් එය
    සාමාන්‍ය යෙන්
    ඩොලර් 126 වෙනවා..:dull:

    තම සුරතලුන් වෙනුවෙනුත් සාමාන්‍ය යෙන් ඩොලර් 5.04ආසන්න ගානණක් වැලන්ටයින් දිනයෙදි වියදම් කරනවා කියලා සඳහන් වෙනවා.. :baffled::baffled:

    ඒ අතරම ඩො.බි.1.7 මල් වෙනුවෙන්ද, රසකැවිලි වෙනුවෙන් ඩො.බි.1.5 වියදම් කරන බවද සඳහන් වෙනවා..:love::love:

    පිරිමින් 73%ක් වැලන්ටයින් දිනයේ රෝස මල් මිලදී ගන්නවලු..
    15%
    විතර ඇමරිකානු කාන්තාවන් එදිනට තමාම රෝස මල් තමන්ගේ ලිපිනයට යවා ගන්නවා.. ඒකත් මරු නේද? :baffled::baffled:

    1864 අවුරුද්දදේ රිචඩ් කැඩ්බරි මුල්ම චොකලට් පෙට්ටිය වැලන්ටයින් දිනය වෙනුවෙන් නිර්මාණය කලා.. :D
    Chamikawpblogspotcom1-26.jpg

    හදවත හැඩයේ චොකලට් පෙට්ටි මිලියන 35 වඩා වැලන්ටයින් දිනයේ විකිනෙවලු..:yes::yes::yes:
    Sweet hearts නම් වු චොකලට් වර්ගය වැලන්ටයින් දිනයට පමණක් විකුණන්න බිලියන 08 ක් වසරකට සාදනවලු.. :baffled::baffled:
    සාමානයෙන් ඇමරිකාව තුළ පමණක් ඩොලර් බිලියන 01 විතර චොකලට් මිලදි ගන්නවලු.. :rolleyes::rolleyes:


    අවුරුද්දකටම කාන්තාවන් ගන්න 75% ප්‍රතිශතයක් වෙච්ච චොකලට් ප්‍රමාණය, වැලන්ටයින් දිනයේද පමණක් ඇමරිකාවේදී පිරිමින් මිලදී ගන්නවලු..:rolleyes::rolleyes::rolleyes:

    91% ක් පිරිමි අය තම ආදරය වෙනුවෙන් රෝස මලක් තෑගී දෙන්න කැමතියිලු.. ඇමරිකාවේ පමණක් මේ ආසන්න දින තුන ඇතුලත මිලියන 189 ප්‍රමානයක රෝස මල් විකිනෙනවලු.. :P:P
    මේ විදිහට ගොඩාක් මල් විකිනෙන අනිත් දිනය මව්වරුන්ගේ දිනයයි!
    :yes::yes::yes:
    සෑම වැලන්ටයින් දිනයකම ඉතාලියේ වෙරෝනා නගරයට ලිපි 1000 වඩා ලැබෙනවලු..ඒ ශේක්ස්පියර් ලියු රෝමියෝ ජුලියට් ප්‍රේමකතාවේ ජුලියට් ගේ නමට!! :baffled::baffled:
    Chamikawpblogspotcom2-23.jpg

    ඉතින් වැලන්ටයින් දිනයේ මේ වගේ විශේෂ කාරණා බොහෝමයි...
    :yes::yes:

    කරුණු ටික වෙනදා වගේම අන්තර්ජාලයේ කරක් ගහලා තමා සොයාගත්තේ... දන්න නොදන්න දේ තියෙන්න ඇති..කොහෝම වුනත් මේ ගැන ඔබේ අදහසකුත් ලියලම යන්න කියලා ඉල්ලා සිටිනවා..:D

    ආ... මේ විදිහට තමා එක එක රටවල වැලන්ටයින් දිනය හදුන්වන්නේ!! ඒකත් බලලම යන්න..:yes::yes:
    Chamikawpblogspotcom1-25.jpg

    ඒ වගේම එහෙමනම් ඔබ සැමටම සුභම සුභ වැලන්ටයන් දිනයක් වෙන්න කියලා

    “චාමිකයා“ ප්‍රාර්ථනා කරනවා...!



    Chamikawpblogspotcom12-4.jpg



    තවත් ලිපි සඳහා පිවිසෙන්න - “චාමිකයගේ බ්ලොග් ඉසව්ව” www.chamikawp.blogspot.com
    ----- හොඳටම දන්න දේක නොදන්න පැත්ත---------

     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වෙනද වගේම හොඳ thread එකක් :cool:
    වැලන්ටයින් ගැන නොදන්න දේවල් දැනගත්ත :rofl:
    thanks for sharing :)
    rep added ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැලන්ටයින් සමරන නැති හැමෝටම වැදගත් :)
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    නියමයි මචං චාමික අයියා.. ජය වේවා..!නියමයි මචං චාමික අයියා.. ජය වේවා..!