මේක තමයි මගේ පලවෙනි පොස්ට් එක. ඒක නිසා මගේ වරිගෙ එවුන්ගේ ඉතිහාසේන්ම පටන් ගන්නවා කියල හිතුවා. 
ලෝකයේ මිත්‍යා විශ්වසයන්ගෙන් පැරණිම හා ප්‍රචලිතම වු සත්වයන් අතරින් එකක් වූ, වැම්පයර් නාමය වසර දහස් ගනනක් අතීතයට දිව යන්නක්. හරි මූලාරම්භයක් නැති වුනත් වැම්පයර් නාමය අතීතයේ මිනිසුන් බිය ගන්වන්නට සමත් වනවා
කවුද මේ වැම්පයර්?
වැම්පයර් පුරාවෘතයන්ට අනුව වැම්පයර් සතු ලක්ෂණ විවිධාකාරයි. ඉන් ප්‍රධානම ලක්ෂණය වන්නේ, ජීවත් වීම පිණිස වැම්පයර් සත්වයන් මිනිසුන්ගේ ලේ උරා බීමයි. ලේ උරා බී අවසන වැම්පයර් විසින් ඒ මිනිසාව මරා දමන අතර නැවත ඒ මිනිසා වැම්පයර් කෙනෙකු ලෙස නැගී සිටි.
වැම්පයර් කෙනෙකුටම පමණයි වැම්පයර් කෙනෙකු නිර්මාණය කල හැක්කේ. පුරවෘතයන්ට අනුව අතීතයේ ජීවත් වු තනි වැම්පයර් කෙනෙකු අතින් වැම්පයර් සත්වයන් ආරම්භ වෙනවා.
වැම්පයර් මූලාරම්භය
ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව වැම්පයර් සත්වයන් ආරම්භ වන්නේ ඇම්බ්‍රෝජියෝ නම් වූ ඉතාලියානු තරුණයෙකුගෙන්. ඇම්බ්‍රෝජියෝ, ඇපලෝ (Applo) නම් හිරු දෙවියන්ගේ දෙවොලේදී හමුවු සෙලීනා නම් තරුණියක් සමඟ පෙමින් වෙලෙනවා. ඔහු ඇයව විවාහ කරගැනීම සඳහා අයැද සිටිනවා. ඇයද එයට කැමැත්ත පලකරනවා.
නමුත් සෙලීනා පිළිබඳ දැඩි ඇල්මකින් පසුවු ඇපලෝ මෙය දැන ඇම්බ්‍රොජියෝ හට සාප කරනවා. ඇපලෝගේ සාපය නිසා ඇම්බ්‍රොජියෝ හට තමන්ව පුලුස්සා නොගෙන හිරු එලියට නිරාවරනය වීමට නොහැකි වෙනවා.
දුකින් සහ තරහෙන් ඇම්බ්‍රොජියෝ තම ආත්මය පාතාලයට අධිපති වන හේඩිස් (Hades) වෙත පුදකර, ඇපලෝගේ අවසානය අයැද සිටිනවා. හේඩිස්ගේ උවමනාවට ඇම්බ්‍රොජියෝ සඳට සහ දඩයමට අධිපති දෙවඟන වන ආටේමිස්ගේ (Artemis) රිදී දුන්න සොරකම් කරනවා. එයින් කිපෙන ආටේමිස්, ඇම්බ්‍රොජියෝ හට සාප කරනවා. ඒ සාපය නිසා ඇම්බ්‍රොජියෝ හට රිදී ස්පර්ශ කිරීමටත් නොහැකි වෙනවා.
ඇපලෝගේ සහෝදරිය වන ආටේමිස්, තම සහොදරයා නිසා මේ තත්වයට පත්ව සිටින ඇම්බ්‍රොජියෝ හට අනුකම්පාව දක්වනවා. ඇය ඔහුට අමරණීයභාවය, සුපිරි ශක්තිය සහ තම සතුරන් මරා ඔවුන්ගේ ලේ වලින් සෙලීනා හට කවි ලිවීමට දල යුගලක්ද ලබාදෙනවා.
ටික කාලයකට පසු සෙලීනා හිරු දෙවොලින් පැන විත් නැවත අමරණීය ඇම්බ්‍රොජියෝ සමඟ එකතු වෙනවා. පසුව ආටේමිස් පවසන ආකාරයට සෙලීනාව අමරණීය කිරීමට නම් ඔහුට ඇයගේ ලේ බීමට සිදුවෙනවා. එයින් ඇයගේ ශරීරය මරා දමන මුත් ඇයගේ ආත්මය අමරණීය වනවා.
එතැන් සිට මොවුන් දෙදෙනාගේ ලේ පානය කරන ඕනෑම අයෙකු වැම්පයර් කෙනෙකු බවට පත්වෙනවා.
Vlad the Impaler
කියන විදියට Bram Stoker, Count Dracula ලිවීම සඳහා පාදක කරගෙන ඇත්තේ Vlad Dracula ව. Vlad Dracula ට්‍රාන්සිල්වේනියාවේ උපත ලැබූ දරුනු පාලකයෙක්. මොහු 1456 - 1462 දක්වා කාලය තුල රොමේනියාව පාලනය කලා.
සමහර ඉතිහාසඥ්යින් පවසන ආකරයට Vlad Dracula යනු ඔටෝමන් අධිරාජ්යය (Ottoman Empire) බිඳ දැමීම සඳහා සටන් කල කුරිරු නමුත් යුක්තිසහගත පාලකයෙක්. සතුරන් මරා දැමිම සඳහා මොහුගේ ප්‍රියතම විදිය වූ ඇඟ හරහා ලී දණ්ඩක් (Impalement) යැවීම නිසා මොහුට Vlad the Impaler යන නාමය ලැබුනා.
පුරාවෘතයන්ට අනුව Vlad Dracula තම සතුරන් කූඤ්ඤයේ සිට පණ අදිමින් දඟලන ආකාරය බලමින් තම ආහාර ගැනීමට පුරුදුව සිටියා. ඔහු තම පාන් පෙත්ත මිය යන මිනිසාගේ ලේ වල පොඟවා ආහාරයට ගත්තා.
ඉතින් මේ නිසාම බොහෝ අය විශ්වාස කරන්නේ Stoker, Vlad Dracula ව පදනම් කරගෙන Count Dracuka ලියූ බවයි. නමුත් Dracula පිළිබඳ විශේෂඥ්යෙක් වන Elizabeth Miller පවසන ආකරයට, සමාන කම් තිබුනත් Count Dracula, Vlad Dracula මත පදනම් නොවූ බවයි.
වැම්පයර් යනු සැබෑවක්ද?
මධ්‍ය කාලීන යුගයේදී වැම්පයර් පිළිබඳ වූ අන්ධ විශ්වාසය මුල් බැස සිටියා. විශේෂයෙන්ම නගර පුරා පැතිරී ගිය වසංගත හේතුවෙන්. එම වසංගතයේ රෝග ලක්ෂණයක් වූ කටින් ලේ වැගිරීම, වැම්පයර් සංකේතයක් ලෙස දුටු මිනිසුන් එයට බිය වූවා.
අසමාන්‍ය ශාරීරික හෝ මානසික දුබලතා ඇති අය වැම්පයර් ලෙස සැලකීම අතීත්යේදී දුලභ දෙයක් නොවේ. පරීක්ෂකයන් පවසන ආකාරයට Porphyria නම් රුධිර සංකූලතා රෝගය නිසා රෝගියා හිරු එලියට අනාවරනය වීමේදී සමහි පිපිරීම් හට ගන්නවා. මෙහි සමහර රෝග ලක්ෂණ රුධිරය එන්නත් කල පසු යටපත් වන නිසා මෙම රෝගය, වැම්පයර් මිත්‍යා විශ්වාසය සමඟ සම්බන්ධ කරනු ලැබූවා. Porphyria සේම Rabies සහ Goiter ද මෙලෙස වැම්පයර් සමඟ සම්බන්ධ කේරූ තවත් රෝගයන් දෙකක්.
19 වන සියවසේදී පමණ මෙසේ වැම්පයර් කෙනෙකු යැයි සැකකල අයෙකු මියගිය පසු ඔවුන්ගේ මෘතදේහ පරික්ෂාවට ලක්කරනු ලැබූවා. එසේ මියගිය අය නැවත නොනැගිටීම පිණිස පපුවට ලී උලක් බැස්සවීම, බෙල්ල කපා වෙනමම වැලලීම සහ මලසිරුර පිලිස්සීම වැනි ආරක්ෂක ක්‍රමෝපායන් පවා ගනු ලැබූවා.
Count Dracula මුද්‍රණය වූ පසු වැම්පයර් පුරාවෘතය අතීශය ජනප්‍රිය වන්නට පටන් ගත්තා. එතැන් පටන් වැම්පයර් නාමය පොත්, චිත්‍රපටි සහ ටෙලිමාලා ගනනකට මාතෘකාවක් වුනා. අද වන විට තමන් වැම්පයර් යයි කියා ගන්නා සමහර කණ්ඩායම් බිහිවී තිබෙනවා. කෙසේ වෙතත් වැම්පයර් යන්න සැබෑවක් හෝ මිත්‍යාවක් වුවත් තව අවුරුදු ගනනාවක් ඔවුන් මේ ලොව සැරිසරාවි…

PS: පලවෙනි එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒවා පෙන්නලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

YNWIM ?